උගන්ඩාවේ වාසය කරන දුර්ලභ කඳුකර ගෝරිල්ලන් සිව්දෙනකු අකුණු සැර වැදීම හේතුවෙන් මියගොස් ඇතැයි සංරක්ෂණ කණ්ඩායමක් පවසති.
උගන්ඩාවේ එම්ගහින්ගා ජාතික වනෝද්‍යානයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර සංරක්ෂකයින් පවසන්නේ වැඩිහිටි ගැහැණු සතුන් තිදෙනකු සහ පැටවකු මෙලෙස මියගොස් ඇති බවයි.
මියගිය එක් ගැහැණු සතකු ගැබ්ගෙන සිටි බවද ඔවුහු පවසති.
ලොව පුරා ජීවත්වන කඳුකර ගෝරිල්ලන් සංඛ්‍යාව 1,000ක් පමණ වන අතර මෙය එම විශේෂයේ පැවැත්මට සිදුවූ විශාල පාඩුවක් බව සඳහන් වේ.
"මෙය අතිශයින් කනගාටුදායකයි. ගැහැණු සතුන් එම වර්ගය බෝකරන්න සමත් අයයි" යනුවෙන් සංරක්ෂණ කණ්ඩායමේ විධායක ලේකම් ආචාර්ය ඇන්ඩෘ සේගුයා පවසයි.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ, රුවන්ඩාවේ සහ උගන්ඩාවේ ආරක්ෂිත ප්‍රදේශවලට මෙම කඳුකර ගෝරිල්ලන්ගේ ව්‍යාප්තිය සීමා වී ඇත.
මියගිය සිව්දෙනා හිර්වා නමින් හඳුන්වන 17දෙනකුගෙන් යුත් කණ්ඩායමකට අයත් වන බව වනජීවි බලධාරීහු පවසති. අනික් සතුන් 13දෙනා ආරක්ෂිතව සිටින බවද සඳහන් වේ.
2018 වර්ෂයට පෙර දැඩි තර්ජනයට ලක්ව සිටින සතුන්ගේ ලේඛණයට අයත්ව සිටි කඳුකර ගෝරිල්ලන්, දඩයම් කිරීම තහනම් කිරීම හා මුර සංචාර ඇතුළු දැඩි සංරක්ෂණ ක්‍රමවේදයන් හමුවේ ගහනය යම් ප්‍රමාණයකට වැඩිකර ගැනීමට සමත් වී ඇත.
(බීබීසී ඇසුරිනි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උගන්ඩාවේ ගෝරිල්ලන් සිව්දෙනෙක් අකුණු සැර වැදී මරුට
විජිත් Sunday, 09 February 2020 07:14 PM
ඔය අකුණ දියවන්නාවේ තියෙන ශ්‍රී ලංකාවේ "නිෂ්පාදනාගාරයේ" සිටින, රටේ මිනිසුන්ගේ ලේ උරාබොන 'නරි' 225ට පාත්වුණා නම් මොනතරම් වටිනවද..? ඒ බව අහන්න අපි පින්කරලා නැතිව ඇති... එ්ත් හෙටවත්...