මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති.
ගිනි නිවන භට කණ්ඩායම් 150 කට වැඩි පිරිසක් ළැව් ගිනි නිවා දැමීමට යෙදවිණි. ළැව් ගිනි පැතිර ගියේ ජෙරුසලම් සිට ටෙල් අවීව් අතරේ පැවැති ලට්රුන් නමැති පළාතේය.
ළැව් ගිනි දුම් අඝ්‍රාණය වී, ස්වසන අපහසුතා හේතුවෙන්, පුද්ගලයන් 12 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි. එක් ගිනි නිවන භටයන් 17 දෙනකු පිළිස්සුම් තුවාල ලැබූ බව ද වාර්තා වේ. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වේ. ළැව් ගිනිවලින් ජීවිත හානි කිසිවක් සිදු වූයේ නැත.
ළැව් ගිනි හටගත්තේ පවතින වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙනි.
ළැව් ගිනි හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අග්‍රාමාත්‍ය බෙන්ඩමින් නෙදන්යාහු පියවර ගත් අතර, ළැව් ගිනි පැතිර යද්දී, හමුදාව සහ පොලිසිය යොදවා, අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද උපදෙස් ලබා දුන්නේය.
ඊශ්‍රායලයේ ළැව් ගිනි නිවා දැමීමට ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ගිනි නිවන ගුවන් යානා ඊශ්‍රායලයට යැවීමට ද කටයුතු කර තිබුණි.
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
වැලි කුණාටු සහ මහ වැසිවලින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට බලපෑම් එල්ල විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, ගුවන් ගමන් 120 ක් පමණ අත්හිටුව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානයත් ඇමෙරිකාවත් අතරේ න්‍යෂ්ටික සාකච්ඡා සිවුවැනි වටය රෝමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය මේ වනවිට අවලංගු කර
තුර්කියේ ඉස්තාන්බුල් නුවර, මැයි දින රැළියට පොලිසිය හරස් විය. දස දහස් ගණනක් තුර්කි වැසියන් මැයි දින රැලියට එක් වී සිටි අතර, ඔවුන් මර්දනයට පොලිස් නිලධාරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඊශ්‍රායලයේ ළැව් ගිනි අවසන්