ඉරාකයේ සහ සිරියාවේ සිටින ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.
එම ගුවන් ප්‍රහාර සාර්ථක බවත් අවශ්‍ය වුවහොත් අමතර ක්‍රියාමාර්ග ගන්නා බවත් එම බලධාරීහු පැවැසූහ.
මැද පෙරදිග කලාපයේ ඇමෙරිකානු අභිලාෂ ආරක්ෂා කිරීමට ඉදිරි පියවර ගන්නා බව ද ඔවුහු කීහ.

ඉරානයේ සහාය ලබන කටායිබ් හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු හමුදා එලෙස ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
රොකට් ප්‍රහාරයකින් ඉරාකයේ හමුදා කඳවුරක සේවය කරමින් සිටි ඇමෙරිකානු සිවිල් වැසියකු මිය යෑමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ප්‍රහාර එල්ල කළ බව ද බලධාරීහු පැවැසූහ.
ජාතික ආරක්ෂක උපදේශකයන් ඇතුළු ඉහළ පෙළේ බලධාරීන් මෙම ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කර ඇත.
“ඇමෙරිකානු පුරවැසියන් අනතුරේ හෙළන්න අපි ඉරානයට ඉඩ තියන්නේ නැහැ” යැයි ජනාධිපතිවරයා හමුවීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ ඕ පැවසීය.
රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ ඕ, ආරක්ෂක ලේකම් මයික් එස්පර් සහ ඇමෙරිකානු ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මාර්ක් මිලේ යන අය ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තොරතුරු දැනුම් දී තිබේ.
රොයිටර්
(055)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාන සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් වලට ගුවන් ප්‍රහාර