IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරගනී

ඇමෙරිකානු හමුදා සියල්ල ත්‍රස්තවාදීන්යැයි නම් කරමින් ඉරාන පාර්ලිමේන්තුව අද (7) නව පනතක් සම්මත කරගත්තේය. 


ඉරානයේ දෙවැනි බලවත්ම නායකයා ලෙස සැළකුණු එරට විප්ලව ආරක්ෂක හමුදා බළකායේ විදෙස් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානීයා වූ මේජර් ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය එම පනත් කෙටුම්පත සම්මත කරගෙන තිබේ.


ඇමෙරිකාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් පසුගිය සිකුරාදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් සුලෙයිමානී මරුමුවට පත්විය. 


ඉරාන පාර්ලිමේන්තුවේ දී සම්මත වූ නව පනත් කෙටුම්පතට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු හමුදා, පෙන්ටගනය හෙවත් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඊට අනුබද්ධ ආයතන හා සංවිධාන, නියෝජිතවරුන් සහ අණදෙන නිලධාරීන් මෙන්ම මේජර් ජෙනරාල් සුලෙයිමානී ඝාතනය කිරීමට අණ දුන් නියෝග කළ සියලු දෙනා ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර තිබේ. 


“හමුදා, බුද්ධි තොරතුරු, මූල්‍ය, තාක්ෂණික, සේවා සහ සැපයුම් ආදිය ඇතුළුව ඔවුන්ට සපයන සේවා හා පහසුකම්  සහ ආධාර සියල්ල ත්‍රස්තවාදයට සහයෝගය දැක්වීමක්” යැයි ද ඉරාන පාර්ලිමේන්තුව සඳහන් කරයි. 


ඉරානයේ විප්ලව ආරක්ෂක හමුදා බළකායේ විදෙස් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකයට යූරෝ මිලියන 200 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 302ක්) වෙන් කිරීමට ද ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබේ. 


මෙම පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මාසයේ දී ඉරාන පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනත් කෙටුම්පතේ සංශෝධිත එකකි. එම පනතින් ඇමෙරිකා එක්සත් ජනපදය “ත්‍රස්තවාදයට සහාය දක්වන රාජ්‍යයක්” ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර මැදපෙරදිග කලාපයේ සිටින ඇමෙරිකානු හමුදා “ත්‍රස්තවාදී කණ්ඩායම්” ලෙස නම් කෙරුණි. 


ඇමෙරිකාව ඉරානයේ විප්ලව ආරක්ෂක හමුදා බළකාය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරිමෙන් මෙම පියවර ගත් බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහන් කළේය. 

 

ඒ.එෆ්.පී. 

 

055



අදහස් (6)

ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරගනී

Champa Tuesday, 07 January 2020 02:02 PM

ඔන්න වේලාසනම කිව්වා. එම්.සී.සී ගිවිසුම අත්සන් කරලා ඇමරිකන් ත්‍රස්තවාදීන් ලංකාවට ගෙන්න ගෙන පස්සේ කනෝ කනෝ කියන්න ලැහැස්ති වෙන්න එපා.

:       586       481

සුරංග විතාරණ Tuesday, 07 January 2020 10:18 PM

ඔව් ඔව් අපි මේ බලාගෙන උන්නේ ඔයා කියනකම්.

:       13       104

Kumar Tuesday, 07 January 2020 05:26 PM

කබරගොයා තලගොයා කරනවා වගේ MCC මුදල් කොහොම හරි ගන්නවා. මෙරට ජනාධිපති කළ ක්‍රියාව මෙරට බොහෝ දෙනෙක් හෙළාදකිනවා. ට්‍රම්ප්ගේ කිට්ටුම මිත්‍රයා වන යුදෙව් රටේ අගමැතිත් ඈත් වෙලා ඉන්නේ මරාදැමූ කෙනා ඉරාකයේ සිටියේ එරට ආරාධිත අමුත්තෙක් හෝ දේශසංචාරකයෙක් හැටියට නොවේ. එතකොට ඇමෙරිකන් නායකයෙක් රට පාලනය කරන එක ගැන බය නැද්ද? මෙතරම් බයේ ජීවත් වෙන්න පුළුවන්ද?

:       175       229

Bandara Tuesday, 07 January 2020 11:57 PM

කුමාර් බොරදියේ මාළු බාන්න හරි දක්ෂයි.

:       3       21

KumarFriday, 10 January 2020 02:44 AM

මමත් ශ්‍රී ලාංකිකයෙක්. ලංකාව දියුණු වෙනවා දකින්න කැමතියි. මම ඇමෙරිකාවට පැමිණියේ ලංකාවට අවංකව වසර දහයක් සේවය කිරීමෙන් පසුවයි. ඇමෙරිකාවේ ජනාධිපති අනුවණ වැඩක් කළ බව පවසන්න කවුරුවත් බය නැහැ. මේ කාරණය නිසා අද කොන්ග්‍රස් එක ජනාධිපතිගේ තටු කැපුවා. ඒ විතරක් නෙවේ ජනාධිපතිගේ පක්ෂයේ සෙනෙට් සබිකයෝ දෙදෙනෙක් අද මාධ්‍ය හමුවකදී ජනාධිපතිට නොකියා බුරුවෙක් කිව්වා. ලංකාවේ එවැනි දෙයක් කරන්න පුලුවන්ද? ඔයගොල්ලන්ගේ ජනාධිපතිතුමා ඇමෙරිකාවේ ඉන්න කාලේ මෙවැනි කතා අහන්න ඇති.

:       0       0

Amula Friday, 10 January 2020 05:02 AM

කුටිටිය ලැබෙනවනම් ඔය කිසි දේකින් වැඩක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site