ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි උතුරු දිග වෛද්‍ය සායනයක සිදුවූ පිපිරීමකින් 19 දෙනකු මියගොස් 06 දෙනකු තුවාල ලබා ඇත.
පිපිරීමත් සමග ගින්නක් හටගත් බවත් පසුව එය සම්පූර්ණයෙන්ම නිවාදැමීමට කටයුතු කළ බවත් එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ටෙහෙරානයේ නියෝජ්‍ය ආණ්ඩුකාර හමීඩ් රේසා පවසන්නේ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි.
සායනයේ සුළු සැත්කම් සහ මූලික වෛද්‍යාධාර ලබා දීම සිදුකරන අතර පිපිරීම සිදුවන අවස්ථාවේ සේවකයින් 25දෙනකු පමණ සේවය කරමින් සිටි බව පැවසේ.
පසුගිය සතියේ ටෙහෙරාන් ආසන්නයේ හමුදා කඳවුරක සිදුවූ පිපිරීම ද ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බව ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබිණි. එහිදී මරණ හෝ තුවාල කිසිවක් වාර්තා නොවීය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉරානයේ වෛද්‍ය සායනයක පිපිරීමකින් 19 ක් මරුට