ඉරානයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇත.
චීනයෙන් පිටත වෛරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉරානයේ වන අතර මේ වන විට ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 245 ක් බව බලධාරීහු පවසති.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි බලධාරීහු පැවසූහ.
මේ හේතුවෙන් ටෙහෙරානය ඇතුළු නගර කිහිපයක සිකුරාදා යාච්ඥා අත්හිටුවීමට බලධාරීහු පියවර ගත්හ.
රාජ්‍ය පුවත් සේවය වන ඒආර්එන්ඒ ප්‍රකාශ කළේ ඉරානය චීන පුරවැසියන්ට රට තුළට ඇතුළුවීම තහනම් කර ඇති බවයි.
ආසාදිතයින් අතර කාන්තා හා පවුල් කටයුතු පිළිබඳ උප සභාපති මසූමේ එබ්ටෙකාර් සහ රටේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චි ද වෙති.
“පසුගිය පැය 24 තුළ අපට නව සිද්ධීන් 106 ක් තහවුරු වී තිබේ. මරණ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබේ” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කියුනුෂ් ජහාන්පූර් පැවසීය.
වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන සිය ගණනක් දෙනා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ද ඔහු පැවසීය.
මේ අතර, ඉරානයේ විදේශ අමාත්‍යංශය පැවසුවේ “කොරෝනා වයිරස් පරීක්ෂණ කට්ටල 20,000 ක් සහ තවත් ද්‍රව්‍ය” සිකුරාදා චීනයෙන් ඉරානයට ලබා දෙන බවයි.
වෛරසය ආසාදිතයින් අතර මරණ අනුපාතය ඉරානයේ වෙනත් තැන්වලට වඩා බෙහෙවින් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ජනාධිපති හසන් රුහානි ඇතුළු බලධාරීන් බදාදා කියා සිටියේ ආසාදිතයින් සංඛ්‍යාව කෙටි කාලයක් තුළ ඉහළ ගියද ඉරානයට කිසිඳු නගරයක සහ දිස්ත්‍රික්කයක නිරෝධායනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර නොමැති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2402
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරානයේ කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළට
Nimali Friday, 28 February 2020 09:24 AM
සර්ව බලධාරී දෙවියන්ට කිව්වොත් හොඳයි නේද?