IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඉරිදා දේව මෙහෙය වීඩියෝ තාක්ෂණයෙන් විකාශනය කරන බව වතිකානය නිවේදනය කරයි

කෝවිඩ් -19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ඉරිදා දේව මෙහෙය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජිවීව විකාශය කිරීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් තීරණය කර ඇතැයි වතිකානය නිවේදනය කළේය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 95 කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන අතර කොරෝනා මරණ සංඛ්‍යාව 3,500 ඉක්මවා ගොස් ඇත.

කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් සිදු ව ඇති යුරෝපීය රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. ඉතාලියේ රෝම නගරයට සීමා වී තිබෙන වතිකාන නගරය ලොව කුඩාම රාජ්‍ය ලෙස සැලකේ. නගර රාජ්‍යයක් වන වතිකානයෙන් ඉකුත් දා පළමු කොරෝනා ආසාදිතයා ද වාර්තා විය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ පොදු ස්ථාන සියල්ල වසා දැමීමට ඉතාලි බලධාරිහු අද (08) පියවර ගත්හ.

ඒත් සමඟම සියවස් ගණනාවක් පැරැණි සම්ප්‍රදාය කඩකරමින් සතිපතා දේව මෙහෙය විඩියෝ තාක්ෂණය භාවිත කරමින් සජීවීව විකාශය කිරීමට පාප්තුමෝ තීරණය කර ඇත.

සෑම ඉරිදාවකම පාප්තුමාගේ සහභාගීත්වයෙන් ශාන්ත පීතර චතුරශ්‍රයේදී දේව මෙහෙය පැවැත්වෙන අතර ඊට දහස් ගණනක් සහභාගී වෙති.

‘‘දේව මෙහෙය ‘වතිකාන් නිව්ස්’ ඔස්සේ සජිවීව විකාශය කරනවා. ඒ වගේම ශාන්ත පීතර චතුරශ්‍රයේ ස්ථාපිත කර තිබෙන ඩිජිටල් තිර ඔස්සේ ද එය විකාශය කරනවා’’ යැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙන් පාප්තුමෝ සතියකට ආසන්න කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටියහ. සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පෙළෙන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත් පාප්තුමාට ‘කෝවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් ඉතාලියේ පුවත්පතක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා ඉකුත් දා වාර්තා කළේය.

83 හැවිරිදි වියේ පසුවන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමානු කතෝලික ප්‍රජාවගේ නායකයා වේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට වසර කිහිපයකට පෙර පාප්තුමාගේ එක් පෙනහල්ලක් ඉවත් කරන ලදි.

මාරාන්තික කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය ගත් දැඩි පියවර හේතුවෙන් ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී ඇතැයි වාර්තා වේ.

රටවල් 95කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන කොරෝනා වයිරසය මේ වනවිට ලතින් ඇමෙරිකාවටත් ව්‍යාප්ත වී තිබේ. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය නිසා 3,500කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර ආසාදිතයන්ගේ ගණන 100,000 ඉක්මවා ගොස් තිබේ. වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි.

පාසල්, කෞතුකාගාර, සිනමා ශාලා, රංග ශාලා, සමාජ ශාලා ආදී ජනතාව ගැවසෙන පොදු ස්ථාන සියල්ලම අප්‍රේල් 3 වැනිදා දක්වා වසා දැමීමට ඉතාලි බලධාරීහු අද (8) පියවර ගත්හ. මේ හේතුවෙන් උතුරු ඉතාලියේ නගර රැසක කටයුතු අඩපණ වී තිබේ. එම නගරවලින් අත්‍යවශ්‍ය හේතුවකට හැර පිටත්ව යෑම හෝ එම නගරවලට පැමිණීම තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.

ඉතාලි අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තේගේ නියෝග මත නව පියවර ගෙන ඇති අතර අදාළ නියෝගය එරට රාජ්‍ය වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට ද පත් කර ඇත.

නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන් ඉතාලියේ මූල්‍ය අගනගරය වන මිලාන් සහ වැනීසිය ඇතුළු නගර රැසක මිලියන 15කට වැඩි පිරිසක් නිවෙස්වලට කොටු වී සිටිති.

ඒ.එෆ්.පී.

055



අදහස් (6)

ඉරිදා දේව මෙහෙය වීඩියෝ තාක්ෂණයෙන් විකාශනය කරන බව වතිකානය නිවේදනය කරයි

vidya Monday, 09 March 2020 03:18 AM

මිනිසා විසින් මවාගත් දෙවියාගේ දේශනය, විද්‍යාව සහ තාක්ෂණය මගින් ප්‍රචාරය කිරීමෙන් පේන්නේ දෙවියෙක් කියා දෙයක් නැති බවයි. එසේ නැතිනම් බැක්ටීරියා සහ වෛරස දෙවියාටත් වඩා බලවත් බවයි.

:       0       154

NuwanMonday, 09 March 2020 07:48 AM

ලෝකේ වටේ අපේ දෙවියා ලොකුයි කියකියා දේව සංකල්පේ මිනිස්සු අනිත් මිනිස්සුන්ව මරනවා. නමුත් වෛරසයක්වත් නවත්වන්න බැහැ. ඔන්න ඕකයි තිත්ත ඇත්ත...!

:       0       82

ටික්කාMonday, 09 March 2020 09:08 AM

තව ටික දවසකින් කියාවිද දන්නෑ සර්වබලධාරී දෙයියො වෛරසයක් එව්වෙත් සියල්ලන්ගේම හොඳටය කියල. එහෙව් ජාතියෙ කට්ටිය මෙයාලා.

:       0       9

බද්රානි Monday, 09 March 2020 10:14 AM

ඉහත සඳහන් අදහස් දෙස විමසිල්ලෙන් බැලූවිට පෙනී යන්නේ, දෙවියන් විසින් මනුෂ්‍යයින් පමණක් නොව, ගවයින්ද බහුලව මවා ඇති බවයි. මනුෂ්‍යයින් අතරේම සිවුපාවුන්ටත් ජීවත්වීමට සැලැස්වීම දෙවියන්ගේම වැඩක්ද කියා මටත් තවම හිතාගන්න බැහැ. මිනිස් ශරීරයකට හා සත්ව මොළයක් හිමි අයව මැව්වේ කොහොමත් දෙවියන් වෙන්න බැහැ. බලාගෙන ගියාම මනුස්සයින්ටත් කලින් දෙවියන් සිහිවෙලා දඟලන්නේ සත්තුනේ...

:       10       1

NuwanMonday, 09 March 2020 11:09 AM

ඇත්ත කියනකොට කේන්ති යන්නේ මොකද?

:       0       18

බද්රානි Monday, 09 March 2020 11:48 AM

තිරිසන් සතෙකුට, අනුකම්පා කරනවා හැර මොන තරහක්ද? අනික ගෙදර හුරතලේට ඇතිකරන සුනඛයා බුරනවා කියලා අපි තරහා ගන්නවද? පොඩිදේටත් කලබල වෙන එක බල්ලන්ගේ ගතියනේ. බල්ලන්වත් මවලනේ තියෙන්නේ. ඒ නිසා බල්ලන්ට වෛර කරන එක හරිම පව්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 506 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site