IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉබෝලා රෝගයෙන් කොංගෝවේ 4 ක් මරුට

මාරාන්තික ඉබෝලා රෝගයෙන් කොංගෝවේ 04 දෙනකු මියගොස් ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි.

කොංගෝ රාජ්‍යයේ වයඹ දිග මබන්දක නගරයෙන් නව ආසාදිතයින් වාර්තා වී ඇත.

ඉක්වාටූර් පළාතේ අගනුවර වන මබන්දක නගරයේ මිලියනයකට වැඩි ජනගහනයක් ජීවත් වෙති.

2018 වර්ෂයේදී ද ඉක්වාටූර් පළාතේ ඉබෝලා රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් 33 දෙනකු මිය ගියහ.

සෞඛ්‍ය අමාත්‍ය එටෙනි ලොන්ගොන්ඩෝ මහතා පවසා ඇත්තේ ඉතා ඉක්මනින් මබන්දක නගරයට එන්නත් සහ ඖෂධ යවන බවයි.

"මේ ප්‍රදේශයේ මීට පෙරත් ඉබෝලා ව්‍යාප්ත වුණා. ඒ නිසා ඔවුන් එයට ප්‍රතිචාර දක්වන ආකාරය දන්නවා. දැනටමත් ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා." යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද කොංගෝවට සහාය වීම සඳහා කණ්ඩායමක් යවන බව දැනුම් දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ජාත්‍යන්තරව වසංගතය සඳහා වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව දීර්ඝ කළ අතර එය ප්‍රධාන වශයෙන් උතුරු කිවු පළාතට බලපානු ඇත.

කොංගෝවේ ඉබෝලා වසංගතය ආරම්භ වූ අගෝස්තු මාසයේ සිට මේ දක්වා 2 280 දෙනකු මියගොස් ඇත.

බෝවන රෝගක් වන ඉබෝලා රොගයට ප්‍රතිකාර කිරීම සඳහා පර්යේෂණාත්මක එන්නත් දෙකක් හඳුන්වා දී ඇති අතර රට පුරා 300 000 ක පිරිසකට එන්නත ලබා දී තිබේ.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් කොංගෝවේ මේ වනවිට සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

කොංගෝවෙන් ඉබෝලා වයිරසය තුරන් කර ඇති බවට ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටියදී මෙම නව ආසාදන වාර්තා විය.

(ඒඑෆ්පී ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

ඉබෝලා රෝගයෙන් කොංගෝවේ 4 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site