එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළ නිතය සාමාජිකත්වය ලබාගැනිම සඳහා ඉන්දියාවට පෘතුගාලයේ සහාය ලබාදෙන බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ඩුවාටේ පචේකෝ ඉකුත් දා පැවැසීය.
ඩුවාටේ පචේකෝ මෙසේ පැවැසුවේ, ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින්, ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමැතූ අවස්ථාවේදීය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ප්‍රතිසංස්කරණය කිරීමටත් ඉන්දියාව එම කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයකු ලෙස ඇතුළත් කිරීමටත් පෘතුගාලය සහාය දෙන බව හෙතෙම එහිදි කීය.
“අපේ රටවල් දෙක අතර විශේෂ සම්බන්ධතාවක් තිබෙනවා. ඉන්දියාව සහ පෘතුගාලය අතර සම්බන්ධතා වසර 500කටත් වඩා පැරැණියි. අප ඉමිතුරන් පමණක් නෙමෙයි. අප සහෝදරයන්. අප එකිනෙකා ගැන දන්නවා” යැයි ඔහු කීය.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd