ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ජලලබාද්හිදී තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තැබීමෙන් ජපාන ආධාර ඒජන්සියක ප්‍රධානියා ඇතුළු පුද්ගයන් හයදෙනකු මරණයට පත්වී ඇතැයි වාර්තා වේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ ජපාන සාම වෛද්‍ය සේවයේ ප්‍රධානී ටෙට්සු නකමුරා ඇතුළු පිරිසකි.
ඔවුන් ගමන්ගත් වාහනයට වෙඩිතබා ඇතැයි පොලිසිය පවසයි.
ටෙට්සු මහතා ඇෆ්ගනිස්ථානයේ වාරිමාර්ග සහ කෘෂිකර්මාන්තය නැවත ගොඩනැගීමේ කටයුතු වල නිරතව සිටි අතර ඔහු සිදුකළ මානුෂීය මෙහෙයුම් වලට උපහාරයක් ලෙස ගෞරවනීය ඇෆ්ගනිස්ථාන පුරවැසිභාවය ලබාදී තිබිණි.
ටෙට්සු මහතාගේ මරණය සම්බන්ධයෙන් ජපාන අගමැති ෂින්සෝ අබේ සිය කණගාටුව පලකර තිබේ.
තුවක්කුකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර ඇතැයි පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්තාන තුවක්කුකරුවෝ ජපන් සාම වෛද්‍ය සේවයේ ප්‍රධානියාත් ඝාතනය කරති