IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් 11 ක් මරුට

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පාපන්දු තරගයක් අතරතුරදී අද (2) සිදු වූ බෝම්බ පිපිරීමකින් තිදෙනකු මියගොස් 11 දෙනෙක් තුවාල ලැබූහ.

‘‘මෝටර් සයිකලයක් පාපන්දු තරගයට කඩා වැදී බෝම්බය පුපුරුවා ගත්තා’’ යැයි ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පළාතක් වන කෝස්ට් පළාතේ ප්‍රධාන පොලිස් නිලධාරියා වන සයිද් අහමද් බබාසි පැවැසීය.

මෙම පිපිරීම සිදුවූයේ තලේබාන් සංවිධානය අර්ධ සාම ගිවිසුමට එකඟතාව පළ කර දින දෙකකට පසුවය.

බෝම්බ ප්‍රහාරයෙන් තිදෙනකු මියගිය බවත් ඔවුන් සහෝදරයන් බවත් කෝස්ට් පාපන්දු සම්මේලනයේ අබ්දුල් ෆාටා වක්මාන් පැවැසීය.

අද රාත්‍රිය වනතුරුත් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොතිබිණි.

කෙසේ නමුත් තමන් අර්ධ සාම ගිවිසුම අවසන් කරන බවත් නැවත ඇෆ්ගන් හමුදා ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවත් තලේබාන් සංවිධානය අද පෙරවරුවේ ප්‍රකාශ කළේය.

තලේබාන් සංවිධානය ඒ බව ප්‍රකාශ කළේ අෂ්රෆ් ඝානීගේ ප්‍රකාශයෙන් දිනකට පසුවය. අර්ධ සාම ගිවිසුමට කැපවෙන බවත් මාර්තු 10 වැනිදා රජය හා තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.

ඒ.එෆ්.පී.

055

 



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් 11 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site