IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ගංවතුරෙන් 50 දෙනෙකු මරුට

ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් මිලියන දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

ඇසෑම් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල පිහිටා ඇති මාර්ග, නිවාස සහ ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම  ජලයෙන් යටවී ඇත.

අධික මෝසම් වර්ෂාව හේතුවෙන් ගම්මාන දහස් ගණනක් යට වී ඇති අතර අවතැන් වූවන්ට නවාතැන් සැපයීමට සහන කදවුරු පිහිටුවා ඇත.

යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඇසෑම් හි කසිරංගා ජාතික උද්‍යානයද ගංවතුරෙන්  යටවී ඇති අතර  වන සතුන් 51 දෙනෙක් මියගොස් ඇති ඇත.  

සතුන් 102 ක් බේරා ගැනීමට සමත් වී ඇති අතර කොටින් සහ රයිනෝසිරයන් ගංවතුර ආරක්ෂාවීමට අවට ගම්මානවලට ගොස් ඇත.

අවතැන් වූවන්ට සහන සැපයීමට ඇසෑම්  ප්‍රාන්තය පුරා බෝට්ටු 100 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

60,000 කට වැඩි පිරිසකට තාවකාලික නවාතැන් සැපයීම සඳහා දිස්ත්‍රික්ක 20 ක සහන කඳවුරු 480 ක්  පිහිටුවා ඇත.

සෑම වර්ෂයකම අධික මෝසම් වර්ෂාවෙන් ඇසෑම් ප්‍රාන්ත වාසීන්ට මෙම ගංවතුර තත්ත්වයට මුහුණ දීමට සිදු වේ.

2019 වර්ෂයේ ඉන්දියාව, නේපාලය සහ බංගලාදේශයට බලපෑ ගංවතුරක් හේතුවෙන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇත.

එසේම ඇසෑම්  සහ බිහාර්  ප්‍රාන්තවලට බලපෑ ගංවතුර හේතුවෙන්  100 දෙනෙක් පමණ මිය ගොස් ඇත.

226

බීබීසී ඇසුරෙනි



අදහස් (0)

ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ගංවතුරෙන් 50 දෙනෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1754 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site