
ඇමරිකා එක්සත් ජනපදයේ සියැටල් නගරයේ පැවති වර්ගවාදයට එරෙහි විරෝධතා මැඩපැවැත්වීමට යෑමේදී පොලිස් නිලධාරීන් 21 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
විරෝධතාකරුවන් වාහන හා දේපල වලට අලාභහානි සිදුකිරීම හේතුවෙන් ඔවුන් පලවාහැරීමට ගම්මිරිස් ඉසීමටත් සහ අත්බෝම්බ භාවිතා කිරීමටත් සිදුවූ බව බලධාරීහු පවසති.
කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 45 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමරිකාව පුරා නගරවල කළු ජාතිකයන්ට සිදුවන අසාධාරනකම් වලට එරෙහිව විරෝධතා පැවැත්වෙන අතර පෝට්ලන්ඩ් නගරයේද දරුණු ගැටුම් ඇතිවී තිබේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේදී විරෝධතා පාගමන් අතරතුර එක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවද පොලිසිය පවසයි.
ප්‍රාන්ත නායකයින්ගේ විරෝධය නොතකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට ෆෙඩරල් නියෝජිතයන් යෙදවීම ගැටුම් උත්සන්න වීමට හේතුවී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1754
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකාවේ නගර කිහිපයක විරෝධතා