ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් පිරිසකට ආරක්ෂක හමුදා විසින් ග්වාතමාලාවේදී බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.
සංක්‍රමණිකයන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවූ බවද පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
මොවුන් බොහෝදෙනකු හොන්ඩ්‍යුරාස් ජාතිකයින් ය.
දරිද්‍රතාවය හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පසුගිය දින කිහිපයේදී සංක්‍රමණිකයන් 7,000කට වැඩි පිරිසක් හොන්ඩ්‍යුරාස් සිට පලා ගොස් ඇත.
ඔවුන් මෙක්සිකෝවට සහ පසුව ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් ගමන් කරන බව පැවසේ.
මෙලෙස ගමන්ගත් දහසක පමණ පිරිසක් හොන්ඩ්‍යුරාස් දේශ සීමාව අසලදී ඉරිදා(17) අත්අඩංගුවට ගෙන තිබේ.
සෑම වසරකම මධ්‍යම ඇමරිකානුවන් දස දහස් ගනනක් මෙවැනි අනතුරුදායක චාරිකා මගින් ඇමරිකාවට ළඟා වීමට උත්සාහ කරන අතර ඔවුහු බොහෝවිට තවලම් ආකාරයෙන් පයින් ගමන් කරති.
ඇමරිකානු ජනාධිපති ධූරයට තේරී ඇති ජෝ බයිඩන් මහතා ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන නමුත් සංක්‍රමණික ප්‍රතිපත්ති එක රැයකින් වෙනස් නොවන බැවින් නීති විරෝධී ඇතුල් වීම් සඳහා අවසර නොලැබෙන බවට සංක්‍රමණිකයන්ට අනතුරු අඟවා ඇත.
"මේ ආකාරයේ නීතිවිරෝධී මහජන ව්‍යාපාර පිළිගනු නොලැබේ. කලාපීය ප්‍රශ්නයක් ලෙස මෙය විසඳීම සඳහා අසල්වැසි ජාතීන් සමග එක්ව කටයුතු කරන්නෙමු." යනුවෙන් ග්වාතමාලා ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඇමරිකාවට ඇතුළුවීමට පැමිණි සංක්‍රමණිකයන්ට බැටන්-කඳුළු ගෑස් ප්‍රහාර
Demuni Uduwara Monday, 18 January 2021 01:08 PM
‘‘වාසි තැනට හෝයියා‘‘
Tania Saturday, 23 January 2021 06:53 AM
මෙහෙම දෙයක් නෙවෙයි... මේක ට්‍රම්ප් ප්ලෑනක්... විකාර නොකියා නිව්ස් එක බලන්න.