පසුගිය දින කිහිපය තුළ ඇමරිකානු යුද නැව් දකුණු චීන මුහුදේ චීනය විසින් අයිතිය ඉල්ලා සිටින දූපත් අසළින් දෙවතාවක් යාත්‍රා කළ බව එරට ආරක්ෂක අංශ පවසයි.
මෙම සිද්ධිය වාර්තා වන්නේ, ලෝකයේ විශාලම ආර්ථික බලවතුන් බවට පත්ව සිටින චීනය හා ඇමරිකාව අතර නොසන්සුන්තාවයන් වර්ධනය වෙමින් පවතින අවස්ථාවක දී ය.
චීනය විසින් අල්ලාගෙන සිටින දූපත් ආසන්නයට යාත්‍රා මෙහෙයවමින් චීනය කෝපයට පත් කිරීමට ඇමරිකාව ක්‍රියා කරන බව මාධ්‍ය සඳහන් කරයි.
ඇමරිකානු යුද නැව් දෙක විවාදාත්මක ජල මාර්ග ඔස්සේ යාත්‍රා කර ඇති බව චින ආරක්ෂක අංශ ද තහවුරු කළේය.
මෙම සතිය මුලදී ඉහල මට්ටමේ සාකච්ඡා අතර තුර දකුණු චීන මුහුදේ නාවුක ක්‍රියාකාරකම් නවත්වන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ ය.
"අනපේක්ෂිත අනතුරු වලක්වා ගැනීම සඳහා මෙම ප්‍රකෝපකාරී ක්‍රියා නතර කරන ලෙස අපි ඇමරිකාවෙන් ඉල්ලා සිටිමු. දකුණු චීන මුහුදේ දූපත් හා ඒ අවට ප්‍රදේශය කෙරෙහි චීනයේ අයිතිය අවිවාදිතයි" යැයි චීන අණදෙන නිලධාරී ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමෙරිකානු යුද නැව් දකුණු චීන මුහුදේ යාත්‍රා කරයි