IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ආසියාවෙන් පිටත පළමු කොරෝනා වයිරස මරණය ප්‍රංශයෙන් වාර්තාවෙයි

ආසියාවෙන් පිටත සිදු වූ පළමු කොරෝනා වයිරස මරණය ප්‍රංශයෙන් වාර්තා වී ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ චීනයේ සිට ජනවාර් 16 වැනිදා ප්‍රංශයට පැමිණි සංචාරක කාන්තාවකි.

80 හැවිරිදි මෙම කාන්තාව චීනයේ හුබෙයි පළාතේ සිට පැමිණ ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඇග්නස් බුසින් පවසයි.

මියගිය කාන්තාවගේ දියණියටද රෝගය ආසාදනය වී ඇති බව බුසීන් මහත්මිය පැවසුවාය. නමුත් ඇය සුවය ලබනු ඇතැයි විශ්වාස කෙරේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ප්‍රංශයේ මේ වන විට තහවුරු කරගත් කොරෝනා වයිරස රෝගීන් 11දෙනකු සිටින බවයි.

මෙම මරණයත් සමඟ චීනයෙන් පිටත කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.

මින් පෙර හොංකොං, පිලිපීනය සහ ජපානයෙන් මරණ එක බැගින් වාර්තා විය.

චීනය හැර ලොවපුරා රටවල් 24ක රෝගීන් 500ක් මේ වන විට වාර්තා වී තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ආසියාවෙන් පිටත පළමු කොරෝනා වයිරස මරණය ප්‍රංශයෙන් වාර්තාවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site