IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


අල්කයිඩා නායකයෙකු ප්‍රංශ හමුදා විසින් ඝාතනය කරයි

අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයන්හි අල්කයිඩා නායකයා ‌ලෙස කටයුතු කළ අබ්දෙල්මාලෙක් ඩ්‍රක්ඩෙල් මාලි රාජ්‍යයේ මෙහෙයුමක් අතරතුර ඝාතනය කළ බව ප්‍රංශය පවසයි.
 
ප්‍රංශ ආරක්ෂක අමාත්‍ය ෆ්ලොරන්ස් පාර්ලි පැවසූයේ බදාදා (03), ඩ්‍රක්ඩෙල් සහ ඔහුගේ සංවිධානයේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් කිහිපදෙනකු ප්‍රංශ හමුදා විසින් ඝාතනය කළ බවයි.

ප්‍රංශ හමුදා විසින් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ අණදෙන නිලධාරියෙකු මාලි රාජ්‍යයේ දී පසුගිය මැයි මාසයේ සිදුකරන ලද මෙහෙයුමක දී අල්ලා ගත් බවද ඇය පැවසුවාය.
 
ප්‍රංශ හමුදා විසින් සිදුකරන ලද ත්‍රාසජනක මෙහෙයුම් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට දැඩි ප්‍රහාර ඒල්ල කර ඇති බවද ඇය පවසයි.
 
අබ්දෙල්මලික් ඩ්‍රක්ඩෙල් ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදාවන්ට ඒරෙහිව සටන් කළ අතර ඔහුගේ නායකත්වය යටතේ 2016 දී බර්කිනාෆාසෝ හි හෝටලයකට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 30 දෙනකු මියගොස් 150දෙනකු තුවාල ලැබූහ.

ඒම අපරාධ වලට වරදකරු වීමෙන් ඔහුට ඒරෙහිව ඇල්ජීරියාවේ අධිකරණය මගින් මරණ දඬුවම නියම කෙරිණ.

ඩ්‍රොක්ඩෙල් පුපුරණ දුව්‍ය සම්බන්ද විශේෂඥයෙකු වන අතර සිය ගනන් සිවිල් වැසියන් පොදු ස්ථාන වලදී මරා දැමූ උපකරණ නිපදවීමට ද දායක වූූ බව පැවසේ.
 
(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (1)

අල්කයිඩා නායකයෙකු ප්‍රංශ හමුදා විසින් ඝාතනය කරයි

රවින් Sunday, 07 June 2020 08:45 AM

මෙහෙන් ඉගෙන ගන්නවත්දෝ?

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 95 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site