අයි.සිස්.ත‍්‍රස්ත සාමාජිකයින් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත ඉන්දියාවේ තමිල්නාඩුවේ ස්ථාන දෙකක එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් සෝදිසි කිරීමට ලක් කර ඇතැයි අයි.ඒ.එන්.එස් ප‍්‍රවෘත්ති සේවාව අද (1) වාර්තා කළේය.
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකකරු සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම වැටලීම් සිදුකර ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
පෙරේදා (30) දිනයේ දී මෙම සෝදිසි කිරීම සිදුකර ඇති අතර ඉන්දීය ත්ර්ස්ත විරෝධී විමර්ශන ඒජන්සිය අධිකරණයෙන් ලබාගත් විශේෂ වරෙන්තුවක් මත තමිල්නාඩුවේ තන්ජවූර් දිස්ත‍්‍රික්කයේ තිරුචිරාපල්ලි නගරයේ ස්ථාන දෙකක් මෙලෙස සෝදිසි කර ඇති බව වාර්තා වේ.
එම සෝදිසි කිරීම්වල දී ලැප්ටොප් දෙකක්, ජංගම දුරකථන 06ක්, සිම් කාඞ් 11ක්, සිඩි සහ ඞීවිඩි 05ක්, පරිගණක දත්ත ගබඩා කිරීමේ උපකරණ කිහිපයක් සහ ලියකියවිලි කිහිපයක් සොයාගෙන ඇත.
මීට පෙර පසුගිය ඔක්තෝබර් මාසයේ ද තමිල්නාඩුවේ ස්ථාන 06ක සෝදිසි කිරීම් සිදුකළ අතර එහිදී ද මෙවැනි උපකරණ සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
(125)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අයිසිස් ත්‍රස්තයන් ගැන ඉන්දියාවේ විමර්ශන