‘නේවි සම්පත්’ ජුලි 3 වැනිදා තෙක් රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවී සම්පත් ලබන 3 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය. 26 June 2019
පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව තනිකරම නාටකයක් අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ කටයුතු අරලියගහමන්දිරයේදී අධ්‍යක්ෂණය කර පාර්ලිමේන්තුවේදී රඟ දක්වන නාට්‍යක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 26 June 2019
විශේෂඥ වෛද්‍යවරයකු බැන්නැයි පුහුණු වෛද්‍යවරිය වේදනා නාශක පෙති බීලා මාරවිල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු බැණ වැදුණේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් වේදනා නාශක පෙති 34ක් බිව් පුහුණුව ලබන වෛද්‍යවරියක ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර ඇතැයි මාරවිල පොලිසිය කියයි. 26 June 2019
පුතා 68 හැවිරිදි මව මහ මඟ දමා ගිහින් “මට පුතකුත් දුවකුත් ඉන්නවා. මා මෙතෙක් කල් ජීවත් වුණේ මගේ පුතා ළඟ. පුතා මා බසයක නංවාගෙන ඇවිත් පාරේ දමා ගියා” යැයි රත්ගම, රිලඹ හන්දියේ කාත්කවුරුත් නැතිව අතරමංව සිටි 68 හැවිරිදි මවක් පැවැසුවාය. 26 June 2019
රවිගේ දියණියගෙන් රහස් පොලිසියට පැය 6 ක ප්‍රකාශයක් බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය සඳහා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින් පැය හයකට අධික කාලයක් ලේඛන ඉදිරිපත් කරමින් ඊට අදාළ ප්‍රකාශ ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. 26 June 2019
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් සිව්දෙනකුට මරණ දඬුවම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනකු සඳහා මරණ දඬුවම් ලබා දීමට තමා මේ වන විට අත්සන් තබා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 26 June 2019
සෝෆා ගිවිසුමට විරුද්ධ බව ජනපතිි කියයි ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුමට තමන් දැඩි ලෙස විරුද්ධ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 26 June 2019
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක් 19 ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක් බැවින් එය අහෝසි කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 26 June 2019
දුම්රිය අනතුරින් මියගිය සෙබළු ගණන 6 දක්වා ඉහළට කිලිනොච්චි භාරතීපුරම් හි සිදුවු දුම්රිය අනතුරින් බරපතල තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් හමුදා සෙබළෙකු මියගිය බව පොලිසිය පවසයි. 26 June 2019
කළමැටිය ධීවර වරායේ ගින්නක් කළමැටිය ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රා රැසක් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි. 26 June 2019
ඩොලර් මිලියන හයදහසක් ලබාදෙන්න ජාත්‍යන්තරය සූදානම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයේ යළි විශ්වාසය තහවුරු වී ඇති බවත් ඔවුන් ඩොලර් මිලියන 6,000ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 26 June 2019
ඇමෙරිකා ගිවිසුම ගැන අධ්‍යයනයකින් තොරව තීන්දුවක් එපා ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) ගිවිසුමේ සෑම වගන්තියක් ගැනම අධ්‍යයනය කිරීමකින් තොරව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 26 June 2019
කල්මුණේ උතුර උප ප්‍රා.ලේ කාර්යාලය ගැන මාසයක් ඇතුළත විසඳුමක් කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන ලෙස ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විසඳුමක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 25 June 2019
රාජ්‍ය සේවක ඇඳුම් ගැන නව චක්‍රලේඛයක් රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 25 June 2019
රාජ්‍ය සේවක ඇඳුම් ගැන නව චක්‍රලේඛයක් රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 25 June 2019
වෙන්නප්පුව ප්‍රා.සභාපති ඇතුළු 6කට නොතීසි දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කිරීමට හේතු විමසීමට ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද(25) වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච් ඒ සුසන්ත පෙරේරා මහතා ඇතුළු හයදෙනකුට නොතීසි නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 25 June 2019
පසන් රත්නායක ආගමන විගමන ජනරාල් ධූරයට නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස පසන් රත්නායක මහතා පත්කර ඇත. 25 June 2019
වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිණියක ලියාපදිංචි කරන මෙන් දුන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමේ විභාගයට හේතු නොදන්වා අධිකරණයට නොපැමිණ සිටි වෛද්‍ය සභාවේ එක් සාමාජික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (25) වරෙන්තු නියෝගයක් නිකුත් කළේය. 25 June 2019
විදේශ රැකියා සඳහා පිටත්ව ගිය 35 දෙනකු ආපසු දිවයිනට කුවේට් රාජ්‍යයෙහි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්රතිලාභ හිමි නොවූ ශ්‍රමිකයින් 35 දෙනකු ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් අද (25) දිවයිනට ගෙන්වා ගෙන තිබේ. 25 June 2019
පොලිස්පති ගැන පරීක්ෂණයක් පවත්වන්න සීඅයිඩීයට නියෝගයක් පෙර දැනුම්දීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එහි විදුලි සෝපානයේ සහ පිළිගැනීම් අංශයේ රැදී සිටි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී අඩම්තේට්ටම් කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කළේය. 25 June 2019
කැලණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට කැලණිය නුංගමුගොඩ හන්දියේ ආභරණ අලෙවි සැළක සිදුවූ වෙඩි තැබීමකින් එහි හිමිකරු මිය ගොස් ඇතැයි කැළණිය පොලිසිය පවසයි. 25 June 2019
‘19 වැනි සංශෝධනය ජනපතිගේ තටු කැපීමේ කූට උපක්‍රමයක්’ ජනාධිපතිවරයාගේ තටු කපා එතුමා නිකමෙකු ලෙස තබාගෙන තමන්ට බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කූට උපක්‍රමයක් යොදා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 25 June 2019
උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන්න කැබිනට් අනුමැතිය රජයේ පාසල්වල ඉගෙනුම ලබන අපොස උසස්පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2019
වෛද්‍ය ෂාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 25 June 2019
හමුදා ට්‍රක් රිය දුම්රියේ ගැටී සෙබළු 5ක් මරුට:2ක් තුවාල කිලිනෝච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් යාපනය දක්වා ගමන් ගන්නා දුම්රියේ ගැටීමෙන් හමුදා සමාජිකයින් 5 දෙනකු මිය ගොස් තිබේ. 25 June 2019
ඇමරිකානුවන්ට පනවා ඇති සංචාරක අවදානම ලිහිල් කරයි ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී නැවත සළකා බලන්නැයි දන්වමින් පනවා තිබූ සංචාරක අවදානම ලිහිල් කිරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 25 June 2019
යුද හමුදාපති හෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට (26) දින යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවා ඇති බව හමුදා ප්‍රකාශක බි්රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. 25 June 2019
මීරිගම ප්‍රා.සබේ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 ක් සභාව වර්ජනය කරති නීතිවිරෝධී කි‍්‍රයා පටිපාටියෙන් සභා දේපළ අයථා ලෙස පවරාදීමට හා දූෂිත ගනුදෙනු සඳහා මුදල් ගෙවීමට උත්සාහ කිරීමට විරෝධය දක්වන හා එකඟ නොවන බව දන්වමින් මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන විපක්ෂයේ නියෝජිතයන්ගෙන් 20 දෙනෙක් අද (25) පැවැති විශේෂ මහා සභා රැස්වීම වර්ජනය කළහ. 25 June 2019
රාජිතට එරෙහි පෙත්සම ඉරා පුළුස්සති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන විශ්වාසභංග යෝජනාවකට බව කියමින් ලියවිල්ලකට අත්සන් ගැනීමට ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් හා ඊට විරෝධය පළ කළ කණ්ඩායමක් අතර ඊයේ (24) පෙරවරුවේ නාගොඩ මහ රෝහලේදී උණුසුම් තත්ත්වයක් හට ගැනිණ. 25 June 2019
මීළඟ ජනපතිට බරපතළ කාර්යයන් තුනක් 19 වැනි සංශෝධනය වෙනස් කිරීම, පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සහ ජනතා ඡන්දයෙන් පත්කරන හෝ ආණ්ඩුවේ බලයට නතු නොවන සෙනෙට් සභාවක් පත්කිරීම යන කරුණු තුන කෙරෙහි අවධානය යොමු කරන ලෙස ‘උරුමයක උල්පත’ පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. 25 June 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026