දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නතර කරයි හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රීතව ඉදිකිරීමට යෝජිත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, හිටපු සහ වත්මන් ක්‍රිකට් නායකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සමග අද පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබ තිබේ. 21 May 2020
ඩෙංගු මර්දනයට වහා පියවර ගන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කොවිඩ් 19 මෙන්ම ඩෙංගු රෝගයේ ද පොදු ලක්ෂණය වන්නේ ‘‘උණ රෝගය’’ බැවින් එම රෝගයන් දෙක වෙන්කර හඳුනාගැනීමට සිදුවන බාධාවක් වළක්වා ගැනීමට ඩෙංගු මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 21 May 2020
මාතර බන්ධනාගාරයේ සැකකරුවෙක් හදිසියේ මිය යයි නඩත්තු නඩුවකට වරෙන්තු වීම නිසා මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු හදීසියේ අසනීප වී මාතර මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු අද (21) උදෑසන මිය ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 21 May 2020
තෙරපීමෙන් මියයාම ගැන පරීක්ෂණයට මහෙස්ත්‍රාත්වරිය පැමිණෙයි මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසල මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් මිය ගිය කාන්තාවන් තිදෙනා සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීම සදහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය මේ වන විට එම ස්ථානය වෙත ගොස් ඇත. 21 May 2020
සචිනි යාත්‍රාවේ ධීවරයෝ දිවි බේරාගනිති සුළි කුණාටුවට හසුව ඉන්දුනීසියාව ආසන්නයට ගසාගෙන ගොස් තිබෙන යාත්‍රා අතුරෙන් එකක් වූ ‘’සවිනි’’ බහුදින යාත්‍රාවේ කොටසක් ගැලවී යාම නිසා එහි සිටි ධීවරයින් 06 දෙනා යාත්‍රාව අතහැර වෙනත් යාත්‍රාවකට ගොඩ වී ඇතයි ‘’සවිනි’’ යාත්‍රාවේ හිමි කරු පැවසීය. 21 May 2020
වැලිසර කඳවුරට දුන් නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කරන්න උපදෙස් වැලිසර නාවික හමුදා කදවුරේ කොවිඞ් 19 වයිරසය පැතිරයාම වැලැක්වීම සදහා දුන් නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වසංගත රෝග විද්‍යාඥයින් සිව් දෙනකුගෙන් යුත් කමිටුවට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. වැලිසර සහ අනෙකුත් හමුදා කදවුරු ආශ්‍රිතව කොවිඩ් 19 වයිරසය පිළිබදව සොයා බැලීමට පත්කරන ලද වසංගත විද්‍යාඥයින් සිව් දෙනාගෙන් යුත් කමිටුව එම පරීක්ෂණවලින් පසු ලබා දුන් වාර්තාවෙන් පසු මෙම නිර 21 May 2020
මුව මස් හොද්දකට 20,000 ක දඩයක් යාල යෝධකණ්ඩිය වුද්දකන්දර ප්‍රදේශයේ නිවසක් වැටලූ වනජීවී නිලධාරීහු පිසමින් තිබූ මුවමස් කිලෝග්‍රෑම් දෙකක ප්‍රමාණයේ මස් හොද්දක් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවිමෙන්පසුු වරද පිළිගත් සැකකරුවෙකුට රුපියල් 20, 000 ක දඩ මුදලක් ගෙවනලෙස දිසාවිනිසුරු හා මහෙස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද (21) නියෝග කළාය. 21 May 2020
ගත වු පැය 24ක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 106,000ක් ලොවපුරා පැතිර යන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ බදාදා, එනම් ඊයේ (20) දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. 21 May 2020
මාලිගාවත්ත පෙදෙසෙන් කොළඹට ඇතුළු වීම - පිටවීම තාවකාලිකව තහනම් මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසළ මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් කාන්තාවන් තිදෙනකු මිය යාමේ සිද්ධිය හේතුවෙන් එම මාර්ගයේ සිට කොළඹට ඇතුලූවීම සහ පිටවීම තාවකාලිව තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 21 May 2020
මාලිගාවත්තේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මරුට මාලිගාවත්තේ ජනාකීර්ණ නිවාස පෙදෙසක (වත්තක) සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. තවත් 9 දෙනකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ. 21 May 2020
ඥානසාර හිමි ගොනු කළ පෙත්සම ජුනි 09 සලකා බලයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට. තම නායකත්වයෙන් යුතු ’’අපේ ජන බල පක්ෂයේ ’’ අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සදහා ජූනි මස 09 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21 21 May 2020
දේව ප්රතිමාවලට ගල් ගැසූ පුද්ගලයා හඳුනා ගනී පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර එල්ල කල පුද්ගලයා හදුනා ගැනිමට හැකි වූ බව පුත්තලම පොලීසිය කියයි. 21 May 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සිව්වැනි දිනටත් ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට්නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද (21) හතර වැනි දිනයටත්ප ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සිදු කෙරෙමින් පවතී. 21 May 2020
නාඋල එජාපයේ 20 ක් පොහොට්ටුවට නාඋල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ විසිදෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගනිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලග්ගල ආසනේ අපේක්ෂක තිලක් බණ්ඩාර මහතා ඉදිරියේ ඔවුහු අද (21) දහවල් සාමාජිකත්වය ලබාගන්නා ලදී. 21 May 2020
වි.සං.නි. කොමිසමට පැමිණීම වෙන්කරගත් වේලාවලදී පමණයි කොරෝනා වසංගත තත්වය හමුවේ රාජකාරී කටයුතු වෙනුවෙන් සිය සේවාස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ පියවර කිහිපයක් අනුගමනය කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 May 2020
ශ්‍රී ලංකාවේ බහුදින යාත්‍රාවලට ඉන්ධන රැගෙන නැවක් ඉන්දුනීසියාවට ධීවර කටයුතු සදහා මුහුදු ගොස් සිටියදී වැසි සහිත කාලගුණය හේතුවෙන් සුළි කුණාටුවට හසුව ඉන්දුනීසියානු මුහුදු සීමාව ආසන්නයට ගසාගෙන ගොස් ඇති බහුදින යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන රැගෙන නාවික හමුදා ‘සමුදුර’ නෞකාව අද (21) එම ප්‍රදේශය බලා පිටත් වු බව නාවික හමුදාව කියයි. 21 May 2020
නාවික භටයන්ට කොරෝනා හැදුණු හැටි තවමත් අබිරහසක් කොරෝනා වයිරසය නාවික භටයන්ට ආවේ කෙසේද යන්න තවමත් අබිරහසක් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ලංකාදීපයට ඊයේ (20) පැවැසීය. 21 May 2020
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කරයි සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 21 May 2020
අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පස්දෙනෙකුට කොරෝනා එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සේවකයින් 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී. 21 May 2020
ඉන්දුනීසියාවේ සිරවී සිටි 110 ක් ලංකාවට ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත රෝගය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 ක ගුවන් මගීන් පිරිසක් , අද (21) දින උදෑසන 8.00 ට ජකර්තා නුවර සිට පැමිණි ගරුඩා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 21 May 2020
නිරෝධායන සම්මතයට පිටින්යාම සදාචාරාත්මකද? කොරෝනා මාරාන්තික වයිරසයට ගොදුරු වූ මෙරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවයි. මෙය වූ කලී ඉතා භයානක තත්ත්වයකි. රට සෙමින් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ටැක්සි මීටරය මෙන් ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය. සෞඛ්‍ය පිළිවෙත් එලෙසින්ම අනුගමනය කිරීම කොරෝනා මාරාන්තික වයිරසයට ප්රත්යක්ෂ ඖෂධය වේ. එහෙයින් සෑම පුරවැසියකුම එකී සෞඛ්‍ය පිළිවෙත්වලට යටත්ව තම චර්යා පවත්වාගෙන යා යුතුය. කිසිවකුට හෝ මුග්ධ හැසිරීමකට ඉඩක් නැත. 21 May 2020
වැලිසර කඳවුරේ නාවික සෙබළුන් 82 ක් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් පිරික් නිරෝධායනය සඳහා අද (21) ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ. 21 May 2020
‘ජල මට්ටම අඩු වුණත් අවදානමේ අඩුවක් නැහැ ‘ මහ ගංවතුරක අවදානමක් පැවති රත්නපුර දිස්ත්‍රික්කය තුළ වැසි අඩුවීමේ තත්ත්වයක් පෙන්නුම් කිරිම නිසා කළුගඟ ඇතුලූ ගංගාවල ජල මට්ටම් පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 21 May 2020
ඉන්දුනීසියාවේ සිටි ලාංකිකයන් 110 ක් කටුනායකට ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු රැගත් ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයේ ගුවන් යානයක් අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළඟා විය. 21 May 2020
අම්පාරේ කහ වගාකරුවෝ කබලෙන් ලිපට අම්පාර උහන ගෝනගල කහ වගාකරුවන් අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ගෝනගල කෘෂිකාර්මික පලදායිතා ගම්මාන සමිතියේ සභාපති දයාරත්න බණ්ඩාර මහතා පවසයි. 21 May 2020
කොරෝනා ආසාදිතයින් 1028 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1028 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 20 May 2020
ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ම නැවත විවෘත කෙරේ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වැසුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 මේ වනවිට යම් ප්‍රමාණයකට විවෘත කර ඇත. 20 May 2020
බ්‍රසීලයෙන් දිනකදී කොරෝනා රෝගීන් 17,000 ක් ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කොරෝනා ආසදිතයින් 17,408 දෙනෙකු හා මරණ 1,179 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 20 May 2020
’කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ’ කොරෝනා නිසා ගෙවල් අස්සට වෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ, කොරෝනා තුළ ජීවිතය යළිත් අපි ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන සාකච්ඡා කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 20 May 2020
5000 දීමනාව ජූනියේදී නෑ කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන දීමනාව ලබන ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්‍යාපතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එම දීමනාව ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 20 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026