බේරුවල ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු කොවිඩ් 19 ආසාදිතයකු බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා බේරුවල කරුණාසේන පුරනිවසේ දී පැවසීය. 24 November 2020
සනීපාරක්ෂක තුවා අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්නයි ඩයනා ඉල්ලයි ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් වන බැවින් මෙන්ම විශේෂයෙන් එයට අයිති පාසල් වයසේ දැරියන් පිළිබඳව අවධානය යොමු කරමින් ‘සනීපාරක්ෂක තුවා’ අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන ලෙස සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය. රජය ‘සනීපාරක්ෂක තුවා’ සඳහා 15% ක වැට් බද්ධක් පැනවීමට කටයුතු කිරීම මෙම ඉල්ලාසිටීමට හේතුව බවට පත්විය. 24 November 2020
කොරෝනා වැළැක්වීමේ එන්නත නිපදවන කණ්ඩායමේ ලාංකේය වෛද්යාචාර්යවරියකුත් ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා ගෝලීය වයිරස වසංගතය මර්දනය කිරීම සඳහා මේ වනවිට එන්නත් නිෂ්පාදනය වෙමින් සංවර්ධනය කෙරෙමින් තිබේ. 24 November 2020
කටුනායක කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පැතිර යන කොරෝනා වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශයට සහයවීමට නාවික හමුදාවේ අද්මිරාල් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ නාවික නිලධාරින් සිව්දෙනෙකු ඇතුලු නාවික භටයන් 25 දෙනෙකු කලාපය තුළම පූර්ණ කාලීනව සේවයේ යොදවා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා පවසයි. 24 November 2020
කන්ද උඩරට ජලාශවලට භූ කම්පනමාන ඕනෑ මහනුවර ආසන්නයේ පිහිටා ඇති ජලාශ සියල්ලට භූ කම්පනමාන සවිකර ඒවා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ඇති ජාතික දත්ත මධ්‍යස්ථානයට සම්බන්ධ කළ යුතු යැයි මහනුවර ප්‍රදේශ කිහිපයක පසුගියදා සිදුවූ භූකම්පනවලට හේතු සොයා බැලීම සදහා පත් කළ විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත. 24 November 2020
බණ්ඩාරගමට - අටලුගමට ඩ්‍රෝන කැමරා හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හතේ පදිංචිකරුවන් ගේ සංචරණ යන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඩ්‍රෝන කැමරා මගින් පරික්ෂා කිරීම යුදහමුදා රෙජිමේන්තුව මගින් අද (24) සිදු කෙරිණි 24 November 2020
සුවය ලැබූවන් ගණන 15,000 ට කිට්ටු කරයි කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 465 දෙනෙකු සුවය ලබා අද (24) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 24 November 2020
ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්ද ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්ද බව සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය අද(24) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පැවසුවාය. 24 November 2020
පිල්ලෙයාන්ට ඇප නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට අද දින (24) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ. 24 November 2020
ජනාධිපති ගෝඨාභයට 2011 දී නිකුත්කළ සිතාසිය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි ලලිත්- කුගන් නඩුවට සාක්කි දීමට අධිකරණයේ පෙනී සිටින්නැයි ජනාධිපතිට නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි 24 November 2020
බලපත්‍ර නොමැති වැලි කියුබ් 200 ක් පෞද්ගලික ඉඩමක පොළොන්නරුව,28 කණුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ගබඩාකර තිබූ වැලි කියුබ් 200කට අධික තොගයක් අද (24)අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 24 November 2020
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් කොවීඩ් 19 වයිරසය ආසාදිතයකු වාර්තා වීමත් සමග කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම පාසල් වෙතට අද (24) සිට වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එල්.ඉලංකෝවන් මහතා නිවේදනය කර ඇත. 24 November 2020
හිස්බුල්ලා සම්බන්ධ බැංකු ගිණුම් 2 කට කෝටි 400 ක් පිටරටින් ලැබිලා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාද සම්බන්ධ බැංකු ගිණුම් දෙකකට වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 4,000 කට ආසන්න මුදලක් පිට රටවලින් ලැබී තිබෙන බවට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි ඉදිරිපත් විය. 24 November 2020
අභියෝග තේරුම්ගෙන ඊට අනුගතව මුහුණදෙමු බස්නාහිර පළාතේ හා දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල රජයේ පාසල් තුන්වැනි වාරය සඳහා ඊයේ විවෘත විය. හය ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පාසල් විවෘත වූ අතර දුරස්ථභාවය හා වෙනත් සෞඛ්‍ය නීති පිළිපදිමින් සිසුන්ට උගන්වන ආකාරය සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ප්රමුඛ කමිටුවකින් තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන ඇමති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබිණි. 24 November 2020
අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා පනවයි අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක් තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් අකුරණ කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් දෙකක් සඳහා අද (24) වනදා සිට සංචරණ සීමා පනවනු ලැබූ බව සෞඛ්‍ය අංශ කියයි. 24 November 2020
දින 25 යි - මුඛ ආවරණ නැතිව අත්අඩංගුවට ගැනීම් 527 යි මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දින 25 තුළදී පොලීසිය විසින් පුද්ගලයන් 527 දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 24 November 2020
කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (23) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 23 November 2020
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 335 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (23) පස්වරු 10.10 වනවිට තවත් ආසාදිතයන් 131 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 335 ක් දක්වා ඉහළ ගියේය. 23 November 2020
එළඹෙන අයවැයෙනුත් ගුරු වැටුප් විෂමතා ඉවත් නොකළොත් වෘත්තීය අරගලයකට යනවා ගුරු වැටුප් විෂමතා ප්‍රථම අයවැයෙන් ඉවත් කරන බව වත්මන් ආණ්ඩුව අපට පොරොන්දු වූවත් එය එසේ සිදුනොවුන බවත්, එළඹෙන අයවැයෙන්ද එය එසේ සිදු නොවුනහොත් දැඩි වෘත්තීය අරගලයකට අනුගතවන බවත් ශ්‍රී ලංකා ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ශෙහාන් දිසානායක මහතා පල්ලේපොලදී පැවසීය. 23 November 2020
පොලීසියට ජීප් රථ 750 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය පොලීසියට ජීප් රථ 750 ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. 23 November 2020
අවි ආයුධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට පියවර අවි ආයුධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. 23 November 2020
කොවිඩ් අරමුදලෙන් සියයට 84 ක් පොදි බැඳගෙන ඉන්නේ ඇයි කොවිඩ් වසංගතය විශාල අර්බුදයක් වී තිබියදීත්, මිලියන 1640 ක් වන කොවිඩ් අරමුදලෙන් 16% ක් පමණක් වියදම් කර ඉතිරි 84% පොදි බැඳගෙන සිටින්නේ කුමකට දැයි ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 23 November 2020
‘ගූගල් ලූන්’ ව්‍යාපෘතිය කඩාකප්පල් කළේ හිටපු ජනාධිපති ශ්‍රී ලංකාව පුරාම අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා ‘4-ජී’ තාක්ෂණය සැපයීමට අවස්ථාව උදාකරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ‘ගූගල් ලූන්’ ව්‍යාපෘතිය හිටපු ජනාධිපතිවරයා කඩාකප්පල් කළ බවත් එහි පළවිපාක මේ වන විට දරුවන් අත්විදින බවත් ජාතික සමඟි බලවේගය පක්ෂයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2020
එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම නිර්දේශ කිරීමට පක්ෂ කළමනාකරණ කමිටුව අද (23) තීරණය කළේය. 23 November 2020
මිනින්දෝරුවෝ 700 ක් වෙන වෙන දෙපාර්තමේන්තුවල පවතින පහසුකම් මත ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් මැන අවසන් කිරීම සඳහා වසර 40ක කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත. 23 November 2020
අගුණකොළපැලැස්ස රැඳවියෝ ආයෙත් වහලයට නගිති අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද(23) සී වාට්ටුවේ වහලය මතට නැග විරෝධතාවයක නියැලෙන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 23 November 2020
අෆ්රීඩිට ගුවන් යානය මග හැරෙයි එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා ඊයේ (23 වැනිදා) දිවයිනට පැමිණීමට සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක සහීඩ් අෆ්රීඩිට සිය ගුවන් යානය මඟහැරී තිබේ. 23 November 2020
ලංකා ගුරු සංගමයෙන් රතු එළියක් තුන්වන පාසල් වාරය ආරම්භ කළද නිසි සෞඛ්‍ය පහසුකම් නැතිකමින් සිසුන්ගේත් ගුරුවරුන්ගේත් ජීවිත අවදානමකට පත්ව ඇති බවත්, ඊට විසඳුමක් නොදුනහොත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් රාජකාරිවලින් ඉවත් කරගන්නා බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(23) පැවසීය. 23 November 2020
සජිත් හිටපු ජනපතිනිය හමුවෙයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹදී අද (23) සිදුවිය. 23 November 2020
වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක් ඇඹිලිපිටිය, මාතර සහ සපුගස්කන්ද බලාගාර 3 න් විදුලිය ගැනීම ඉවත් කිරීමට සැලසුම් කර ඇති නිසා ලබන වසර මැද වනවිට මෙගාවොට් 270 ක හිඟයක් ඇතිවන බව ඇමැති මණ්ඩලය ඉදිරිපත් කළ පත්‍රිකාවක සඳහන් වේ. 23 November 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026