නිශාන්ත වෙනුවට රොහාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා පොලිස් මූලස්ථානය අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වශයෙන් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. 10 April 2021
අවුරුදු සමයේ විශේෂ මෙහෙයුම් අවුරුදු සමයේ කෝවිඩ් රෝගය පැතිර යාම වළක්වා ගැනීම සහ රිය අනතුරු වලක්වා ගැනීම සඳහා අද (10) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 10 April 2021
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගේ දේපොළ රාජසන්තක කරනවා පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන්ට දඩුවම් දී ඔවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත්වීරසේකර මහතා කීවේය. 09 April 2021
පළාත් පාලන ක්රමයේ අලුත් වෙනස්වීම් ගැන පැෆරල් කියයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් සකස් කිරීමේදී සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු අතර පළාත් පාලන සභික ප්‍රමාණය 30% ක ප්‍රමාණයකින් අඩුවිය යුතු යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කියයි. 09 April 2021
ඡන්ද අයිතිය ගැන නව පනත් කෙටුම්පතක් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් ඡන්දය ප්‍රකාශ කළ හැකි වන පරිදි නීතී හඳුන්වා දෙමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. 09 April 2021
අලි, කැබිනට් පත්‍රිකාවකට එරෙහිව පෙත්සමක් නිසි බලපත්‍ර නොමැතිිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වන ජීවී අමාත්‍ය සී. බී. රත්නායක යන මහත්වරු ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවකින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත . 09 April 2021
ක්ෂුද්‍ර මුල්‍ය ණය වහා අහෝසි කරන්නැයි ඉල්ලති ක්ෂුද්‍ර මුල්‍ය ණය වහා අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 09 මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විය. 09 April 2021
‘‘දිනාගත් කිරුළ භාරදීමට කාලය එළඹ තිබෙනවා‘‘ තමා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී සිටීමෙන් පසු කිරුළ අහිමි වුවත් කම් නැති බවත් දිනාගත් කිරුළ යළි භාරදීමට කාලය එළඹ ඇතැයි තමන් දන්නා බව වත්මන් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි මහත්මිය පවසයි. 09 April 2021
පළාත් සභා අලුත් යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක විරෝධය පළාත් සභා මැතිවරණය සදහා ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට විරෝධය පළ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් තීරණය කර ඇත. 09 April 2021
මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි. 09 April 2021
ශ්‍රිලනිපයේ මැයි දින සැමරුමේ සංවිධානයට කමිටුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සමරුවේ සංවිධාන කටයුතු සඳහා රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මැයි දින කමිටුවක් පත්කරනු ලැබ ඇත. 09 April 2021
මොහාන් සමරනායක රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධූරයට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අද ( 09) පත් කර තිබේ. 09 April 2021
කොටුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස ගැන පරීක්ෂණයක් ඉල්ලයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියෝ අද (9) පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 09 April 2021
ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ලබන 12 වැනිදා ප්‍රකාශයට පත් කර තිබේ. 09 April 2021
අමැතිට එරෙහිව වෘත්තිය සමිති අගමැතිට ලියයි එතෙර දූත මණ්ඩල සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිලධාරින් පත් කර යැවීමේ දී 75% ක ප්‍රමාණයක් බාහිර පාර්ශවයන්ගෙන් තෝරාගැනීමට හැකිවන පරිදි කටයුතු කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අනුමැතිය ලබා ගැනීමට සූදානම් වන්නේ යැයි වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමයේ විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා තිබේ. 09 April 2021
ස.තො.ස ලාබ බඩු ගමේ කඩෙන් ස.තො.ස අලෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍ය එම මිලටම සෑම කුඩා නගරයකම පිහිටි සිල්ලර වෙළෙඳ සැලකටම ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව ඇමති බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. 09 April 2021
වස විස කවන්නන් හෙළි කරන්නැයි උද්ඝෝෂණයක් ජනතාවට වස කවන ආයතන රටට හෙළි කරන්නැයි ඉල්ලා සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ කොළඹ නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉදිරිපිට දී අද (09) පැවැත්විණ. 09 April 2021
ෆයිනස් ඉවත් කර රබර් වගා කරන්න යයි මෙරට ෆයිනස් වගා කර තිබෙන හෙක්ටයාර් 16,000ක ප්‍රදේශය තුළ රබර් වගා කර පයිනස් වගාව ඉවත් කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමති කනක හේරත් මහතා කියයි. 09 April 2021
එලිසබත් මහ රැජිනගේ සැමියා පිලිප් කුමරු සමුගනී බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන පිල්ප් කුමරු අභාවප්‍රාප්ත විය. පිලිප් කුමරුන්ගේ වයස අවුරුදු 99 කි. 09 April 2021
අලුත් අවුරුද්දට රැදවියන් බැලීමට ඥාතීන්ට අවසර මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් බැලීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අවසර ලබාදී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 09 April 2021
දුම්රිය වර්ජනය තාවකාලිකව අවසන් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදසියේ ආරම්භ කළ වැඩ වර්ජනය නතර කීරිමට තීරණය කර තිබේ. 09 April 2021
සිනෝෆාම් එන්නත භාවිතය වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලයි ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව චීන සිනෝෆාම් එන්නත භාවිත කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජනතා ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 09 April 2021
විස පොල්තෙල් ගැන විමර්ශනයට සී අයි ඩී විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් සොයාගත් පිළිකාරක සහිත පොල්තෙල් පිළිබ`දව විමර්ශනය කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර තිබේ. 09 April 2021
‘රෙදිපිළි ආනයනය තහනම පිළිබඳ තහනම බොරුවක්‘ රෙදිපිළි ආනයනය තහනම් කර ඇතැයි ඇතැම් ජනමාධ්‍ය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බව බතික් සහ පේෂ කර්මරාජ්ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පර්ලිමේන්තුවදී අද (09) පැවසීය. 09 April 2021
2021 කඩඉම් විභාග තුනක දින නියම කරයි අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගය ඔක්තෝබර් මස 4 වැනිදා සිට එම මාසයේ 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 09 April 2021
බවුසර් තුනකින් ගෙන ආ අපද්‍රව්‍ය දියවන්නා ඔයට වැසිකිළි අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන කහ පැහැති බවුසර් තුනකින් ගෙන ආ කිසියම් අපද්‍රව්‍යක් දියවන්නා ඔයට දමනු තමා දුටු බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය. 09 April 2021
‘වරප්‍රසාද හා රීති ප්‍රශ්න මතු කිරීමට ඇති අයිතිය අවභාවිත කරලා‘ වරප්‍රසාද හා රීති ප්‍රශ්න මතු කිරීමට මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය බොහෝ මන්ත්‍රීවරුන් පසුගිය කාලයේදී අවභාවිතා කළ බවත් ඉදිරියේදී එසේ කටයුතු නොකරන්නැයි සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 April 2021
බඹරු ඇනීමෙන් දෙමෝදර පාසලක සිසුන් 8 ක් රෝහලේ බඹරු ඇනීමෙන් දෙමෝදර විදුහලක සිසුන් අටදෙනකු අද (9) දහවල් දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . 09 April 2021
රණවිරු ගැටලුවලට විසඳුම් ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ලබාදීම වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව මේ වන විට ඇමති මණ්ඩලයට යොමු කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 09 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026