සංචරණ සීමා නිසා පේරාදෙණිය මල්වත්තට කෝටි පහක් අහිමි වෙයි සංචරණ සීමා නිසා පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයට රුපියල් ලක්ෂ 500ක් අහිමි වී ඇතැයි ජාතික උද්භිද උද්‍යාන අධ්යක්ෂ ජනරාල් ශිලෝමි ක්‍රිෂ්ණරාජා මහිත්මිය කියන්නීය. 08 June 2021
දරුවන් පාසලට දාන්න තොරතුරු ග්‍රාම සේවකගෙන් රජයේ පාසල්වල 2022 වසරේදී පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 08 June 2021
දඩයමේ ගිය සිවිල් ආරක්ෂකයාට වනජීවියෙන් වෙඩි විල්පත්තුව රජයේ රක්ෂිතයේ දඩයමේ ගිය සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනකු හා වනජිවි නිලධාරින් අතර ඇතිවු ගැටුමකින් එක් සිවිල් ආරක්ෂක භටයකු වෙඩි වැදි තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නොච්චියාගම පොලිසිය කියයි. 08 June 2021
නමක් නැති මත් කුඩු කිලෝ හතක් සමග පොඩි ලැසිගේ ගෝලයකු මාට්ටු හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කිලෝ හත හමාරක් සමග පොඩි ලැසි නමැති දරුණු ගණයේ අපරාධකරුගේ ගෝලයකු අත් අඩංගුවට ගත් බව බටපොල පොලිසිය පවසයි. 08 June 2021
උණ දින තුනකට වඩා තිබේ නම් වෛද්‍යවරයකු හමුවන්න දරුවකුට දින තුනකට වඩා උණ තිබේනම් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු හමුවිය යුතු යැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. 08 June 2021
කොරෝනා අරමුදලට අබුඩාබියේ වෙසෙන ලාංකිකයෙක්ගෙන් ලක්ෂ 54ක් අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ගෙන් ඉටුකම සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 54 ක මුදල් පරිත්‍යාගයක කල බව අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 08 June 2021
ඉන්දියාවෙන් ගෙනා කහ සහ බීඩි පන්නන්න බැරිවෙයි නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද බීඩිකොළ කිලෝ 514 ක් සහ වියලි කහ කිලෝ 70 ක් සමඟ පුද්ගලයකු මන්නාරම, වංකාලේ වෙරළ ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට අද (08) සමත් වූ බව නාවික හමුදාව පවසයි. 08 June 2021
එජාප පළාත් පාලන නියෝජිතයන්ගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි ඉකුත් මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය පළ කළැයි කියන සිද්ධියකට පක්ෂ සාමාජිකත්වය අහිමි වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 69 දෙනකු ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. 08 June 2021
වාහන ස්ටිකර් වැඩේ තාවකාලිකව නවතයි සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි 08 June 2021
’’බස්නාහිර පිරිසකට ගාල්ලේ දී එන්නත් දුන් අයට දැඩි පියවර ගන්නවා’’ නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවැසීය. 08 June 2021
රසායනික පොහොර නිසා වසරකට 230,000ක් මරු කටට රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහිවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නීය. 08 June 2021
‘‘රට විවෘත කරන්නේ විශේෂඥ කණ්ඩායම් කීව්වොත් පමණයි‘‘ රට ලබන 14 වැනිදා විවෘත කරන්නේ විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහොත් පමණක් යැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 08 June 2021
පිරිමි දරුවන් සිව් දෙනකු අපයෝජනය කළැයි විදුහල්පති අත්අඩංගුවට රක්වානේ පාසලක විදුහල්පතිවරයෙකු සිය පාසලේ පිරිමි දරුවන් සිව්දෙනෙකු අපයෝජනයට ලක් කර ඇති බවට සැකපිට අද (08) අත්අඩංගුවට ගත් බව රක්වාන පොලීසිය කියයි. 08 June 2021
ප්‍රධාන වෛද්‍ය නිලධාරියාට කොරෝනා වඳුරඹ ග්‍රාමිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවිම නිසා එම රෝහලේ අනෙක් වෛද්‍යවරයා ඇතුලු කාර්ය මණ්ඩලය නිරෝධායට යොමුකර රෝහල තාවකාලිව අද (08) සිට වසා දැමිමිට පියවර ගත් බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 08 June 2021
‘කාබනික පොහොර භාවිතයේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි‘ කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 08 June 2021
සායනික ඇස් රෝගීන්ට ඖෂධ තැපෑලෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් නිවසට එවීමට කටයුතු යොදා ඇතැයි කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි. 08 June 2021
විදේශිකයන්ට මත්වෙන්න සුපිරි හෝටල් සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ සුරක්ෂිත හා අරක්ෂිත පළමුපෙළේ හෝටල්වල විදේශිකයින්ට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදී තිබේ. 08 June 2021
එක්ස්ප්‍රස් පර්ල් නැවට එරෙහිව සජබෙන් පැමිණිල්ලක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් විමෙන් ධිවර ජනතාවට සිදු වු හානිය පිළිබද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මානව හිමිකමි කොමිසම වෙත අද (08) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 08 June 2021
කොරෝනා පනත අද මැති සබයට කොවිඩ් වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම සහ අධිකරණ කටයුතු යථාවත්ව පවත්වාගෙන යෑමට අදාළ නව නීති ප්‍රතිපාදන ඇතුළත් කොරෝනා රෝගය (2019) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට අද (8 )ඉදිරිපත් කළේය. 08 June 2021
‘‘තැපෑලේ සාමාන්‍ය සේවා තවම නෑ‘‘ තැපැල් දෙපාර්තමේන්තුව මේ දක්වා සාමාන්‍ය සේවා ආරම්භ කර නොමැති යැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 08 June 2021
‘බර අඩු කළාට ගෑස් සමාගම්වලට නඩු දානවා‘ ගෑස්වල බර අඩු කිරිම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පවරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (8 ) පැවැසීය. 08 June 2021
බැංකු සහ තැපැල් කාර්යාල විවෘත කරන්නැයි උපදෙස් රාජ්‍ය විශ්‍රාමිකයන්ගේ ජූනි මස විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා බැංකු සහ තැපැල් කාර්යාල විවෘත කරන ලෙස රජය උපදෙස් දී තිබේ. 08 June 2021
කොළඹ දේවි බාලිකා-ඩී එස් විදුහල්වල ඉඩම් ගැටළු මැතිසබයේ කතාබහට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉඩම් සම්බන්ධයෙන් ගැටලුකාරී හා අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇති හෙයින් පාසල් හා සම්බන්ධ මෙවැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අද(8)ඉල්ලීමක් කළේය . 08 June 2021
ඩොල්ෆින් මත්ස්‍යයකුගේ සහ කැස්බෑවකුගේ සිරුරු සින්නපාඩුව වෙරළේ සින්නපාඩුව වෙරළ තීරයේ ආසන්න ස්ථාන දෙකකින් ඩොල්ෆින් මත්ස්‍ය පැටවකු ගේ සහ කැස්බෑවකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබුණු බැව්,වන ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය කාර්යාලයේ නිලධාරියකු පැවසීය. 08 June 2021
හොටෙල් ව්‍යාපාරිකයා වැසිකිලියේ කසිප්පු පෙරලා සංචරණ සීමා පැනවීමත් සමඟ කෙරවළපිටිය ව්‍යාපාරිකයෙකු හෝටලය වසා දමා එහි ඉහළ කාමරයක වැසිකිලිය තුළ නීති විරෝධි මත්පැන් පෙරමින් සිටියදී වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 June 2021
දියගම මල්ශාලාවක කළමනාකරු ඇතුළු 7 කට කොරෝනා හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් , දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු හත් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම මල් ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කහතුඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී . සමරසේකර මහතා පවසයි. 08 June 2021
කප්පම් ගන්න හැදුවැයි ගුවන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට කල්පිටිය කල්කුඩාව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලා කොල්ල කෑමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ භටයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ අජිත් රෝහණ මහතා පවසයි. 08 June 2021
අන්තර් ජාලයේ බොරු දමා අමාරුවේ වැටේ ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු පළ කළ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 08 June 2021
වැස්ස වැඩිවන ලකුණු දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් අද (8) සහ හෙට (9) දිනවල දී සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 June 2021
සමෘද්ධි නිලධාරීයාට පොල්ලකින් ගැසූ කත අල්ලයි රාජකාරී කටයුත්තකට සහභාගි වී සිය යතුරු පැදියෙන් ආපසු යමින් සිටි කොලොන්න කැම්පනේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට පොල්ලකින් පහරිදීම සම්බන්ධයෙන් තිස්හතර හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය කියයි 08 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026