නඩු විභාගය අවසන් වන තෙක් රිෂාඩ් රිමාන්ඩ් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ සියලු වියදම් දරා ඇත්තේ සිනමන් ග්රෑන්ඞ් බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාව අයත් ‘කොලෝසිියස් සමාගමේ” ආදායමෙන් බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ අද කරුණු වාර්තා කළේය. 10 August 2021
නාවික හමුදා දින 2ට පුද්ගලයන් 13822ට එන්නත් කරලා කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ නාවික හමුදාව ගත වු 8 -9 යන දින දෙක තුළදී පමණක් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 13822 ක් සඳහා “සයිනොෆාම්” එන්නතෙහි පළමු සහ දෙවන මාත්රාමවන් ලබා දුන් බව නාවික හමුදාව පවසයි. 10 August 2021
තුනකට පහරදුන් ආවා කල්ලි සාමාජිකයා පොලිස් දැලේ යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනකුට තියුණු ආයුදවලින් පහරදී බරපතල තුවාල සිදුකල ආවා කල්ලි ප්‍රභලයකු අද (10) දින කඩුත් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 10 August 2021
රිශාඩ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. 10 August 2021
“විශේෂ ඒකක සඳහා වෙන් කෙරුණු වාට්ටුවලටත් කොවිඩ් රෝගීන්’’ දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සිදු වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය. 10 August 2021
ජනගහණ අනුපාතය අනුව ලංකාව ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ මුල් තැන ලෝකයේ ජනගහණ අනුපාතය සමග සසඳා බලන විට ලංකාව අද ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ පළවෙනි තැන යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (10) පැවසීය. 10 August 2021
අසාද් සාලිගෙ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් ඉවත් වෙයි තමා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව විනිසුරු ඒ.එච්. එම්. ඩී. නවාස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (10) නිවේදනය කළේය. 10 August 2021
නිධන්ගත රෝග ඇති 60ට වැඩි අයට පළමු එනනත අද සිට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට අද (10) සිට එන්නත් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත. 10 August 2021
“බස්රථ 70ක බලපත්‍ර අහෝසියි’’ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන ගිය බස් රථ හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක බලපත්‍ර අත්හිටුවා නීතිය ක්‍රියාත්මක කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 10 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1213ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1213ක් හමුව ඇති බවත් මින් 202 ක් වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 10 August 2021
අද දිනයේ කාලගුණය බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 August 2021
මෙහෙකාර දැරියගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සී මියගිය බව කියන ඉශාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් රිෂාඩ් බදියුදින් මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි. 10 August 2021
සහල් වැඩි මිලට වික්කොත් වැඩි දඩ රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කළ හොත් රුපියල් මිලියන 10 ක් හෙවත් රුපියල් කෝටියක උපරිම දඩයක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 10 August 2021
කොරෝනා ගැන ව්‍යාජ හඬපටයක් හොංකොං හි සිටින වයිරසවේදී මහාචාර්ය මලිත් පීරිස් මහතා ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ හැඟවෙන ආකාරයේ ව්‍යාජ හඬපටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 10 August 2021
‘‘විශ්‍රාමික දෙපාර්තමේන්තුවට දැන්ම එන්න එපා‘‘ විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයන් කැඳවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයන්ගේ පැමිණීම් සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇතැයි එම දෙපාර්තමේන්තුව කියා සිටි. 10 August 2021
ජනතාව එකරාශීවීම තවත් අඩු කරයි මහජන ඒකරාශීවීම් තවදුරටත් සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත 09 August 2021
ආනයනික කිරිපිටි බද්ධ අඩු කිරීමට අවදානය ආනයනික කිරිපිටි සඳහා අය කෙරෙන බදු අඩු කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත 09 August 2021
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනයට අනු කමිටුවක් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුව පත් කරනු ලැබ ඇත. 09 August 2021
සති හතරකට රට වහන්න: සෞඛ්‍ය අංශ ඉල්ලයි ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ . 09 August 2021
අද ආසාදිතයන් 2,938 ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1,010 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 09 August 2021
දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 17 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 August 2021
අදත් කොවිඩ් මරණ 94ක් කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කර ඇත. 09 August 2021
“නැවේ ගින්නෙන් පීඩාවට පත් වූවන්ට වන්දි දෙන්න සූදානම්’’ එම් වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ට වන්දි ගෙවීමට සිය සමාගම සූදානම් බව එම නැව අයත් සිංගප්පූරු සමාගමේ දේශීය නියෝජිත සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත. 09 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,928ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,928 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 09 August 2021
විදුලි උත්පාදනයට තවත් පියවරක් රටපුරා රජයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වහලය මත සූර්ය පැනල ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 09 August 2021
ඇප ප්‍රතික්ෂේපයි,රිෂාඩ්ගේ බිරිය 23 තෙක් රිමාන්ඩ් මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව්දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් ලබන 23දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ ය. 09 August 2021
පොලිසියේ පන්තියට ආ පොලිසියේ හතරකට කොරෝනා වාරියපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් සඳහා අද පෙරවරුවේ පැවැත් වූ උපදෙස් පන්තියක් අතර තුර හදිසියේම රෝගාතුරවූ ඊට සහභාගි වූ නිලධාරීන් සිවු දෙනකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 09 August 2021
කාබනික ව්‍යාපෘතියට විශේෂඥයන් තිදෙනෙක් රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික නිපුණතා සහිත විශේෂඥයන් තිදෙනකු බඳවා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. 09 August 2021
ප්‍රයෝජනයට නොගත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 05ක් ඉවත්කරගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ අරමුදලින් ඉදිකර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බාරදුන් ප්‍රයෝජනයට නොගත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක් ඉවත්කරගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා මෙසේ පැවසීය. 09 August 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026