බස් රථ ගාස්තු ගැන විශේෂ සාකච්ඡාවක් හෙට අධිවේගී මාර්ග සහ බස්රථ ගාස්තු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිසම සමග හෙට (04) පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 03 January 2023
මහජන උපයෝගිතා කොමිසම අධිකරණයට යායුතුයි මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ නිසා එම කොමිසම නඩු මඟයට යායුතු බවත් මහජන උපයෝගිතා කොමිසම නොසළකා හැරීම නීතියට පයින් ගැසීමක් බවත් ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. 03 January 2023
අයි.එස්.අයි.එස් සමඟ සබඳතා පැවැත් වූ අයෙක් මාට්ටු අයි.එස්.අයි.එස් ත්රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කියන කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ත්‍රස්ත මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 03 January 2023
ඩයනාගේ නව වසරේ බලාපොරොත්තුව තමාගේ හැකියාව සහ සම්බන්ධතා පාවිච්චි කර රටට ඩොලර් ගෙන ඒමට මේ වසරේ කටයුතු කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 03 January 2023
උතුරු නැගෙනහිරට ශ්රීලනිපය අත ලකුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අත ලකුණ යටතේ තරඟ වැදීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 03 January 2023
මෙරට ආහාර නිෂ්පාදන 33ක් චීනයට යැවීමට අවසර මෙරට ආහාර නිෂ්පාදන 33ක් චීනයට අපනයනය කිරීම සඳහා චීන සමූහාණ්ඩුවේ සාමාන්‍ය රේගු පරිපාලනය විසින් අනුමැතිය ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 03 January 2023
පාර්ලිමේන්තු යෝජනාවකින් මැතිවරණ කල් දමන්න බැහැ පාර්ලිමේන්තුවේ යෝජනාවකින් මැතිවරණ කල් දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 03 January 2023
බිත්තර ආනයනයෙන් රෝග එන්න පුළුවන් බිත්තර හිටිහැටියේ ආනයනය කළහොත් ඇතැම් රෝග මෙරටට පැමිණිමේ අවදානමක් ඇති බවත් ඒත් සමඟම ‘ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා’ නමැති වෛරස් රෝගය මෙරටට පැමිණීමේ දැඩි අවදානමක් පවතින බවත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා අද (3) පැවසීය. 03 January 2023
දුම්රිය 10ක් අදත් අවලංගුයි දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (3) මධ්‍යහන 12.00 වන විට දුම්රිය ගමන් වාර 10 ක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. 03 January 2023
’’ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්නෑ’’ ඩීසල් මිල රුපියල් 15 කින් පහල දැමුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 03 January 2023
විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දාන්න විදුලිබල අමාත්‍යංවරයා නීතියට පටහැනිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දමන ලෙස ඉල්ලා සිටින බවත් සියලු දෙනාට වැඩ කළ හැකි විදුලිබල අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (3) පැවසීය. 03 January 2023
ප්‍රතිව්‍යුහගත කරන රාජ්‍ය සමාගම් වෙනුවෙන් මව් සමාගමක් ප්‍රතිව්‍යුහගත කෙරෙන රාජ්‍ය ව්‍යවසායයන්හි කොටස් සියයට 100ක් මහා භාණ්ඩාගාරයට අයිති වන පරිදි මව් සමාගමක් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 03 January 2023
හෝමාගම තාක්ෂණ පීඨ සිසුවෙකු අභිරහස් ලෙස මියයයි හෝමාගම දියගම පිහිටි සරසවියේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරය තුළ දී ය අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 03 January 2023
වයඹටත් අලුත් ලේකම්වරයෙක් වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස රංජිත් ආරියරත්න මහතා පත්කරනු ලැබ තිබේ. 03 January 2023
ඩොලර්-රුපියල් යායට යාලේ 2022 වසරේ දෙසැම්බර් 23 සිට 2023 ජනවාරි මස 02 දක්වා කාලයේ යාල ජාතික වනෝද්‍යානය නරඹන්නන් ගෙන් විශාල මුදලක් උපයා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 03 January 2023
’’ඡන්දෙකට ගියොත් වී ගන්නත් සල්ලි නෑ’’ මෙම වසරේ හදිසි මැතිවරණයකට ගියහොත් ඉදිරි මහ කන්නයේ දී වී මිලදී ගැනීමට පවා ආණ්ඩුවට මුදල් නැති වී යනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 03 January 2023
වැසි රහිත දිනයක් ඌව පළාතේත්, අම්පාර සහ මාකලපුව දිස්ත්‍රික්කවලත් අද (3) සිහින් වැසි වාර කිහිඅයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 January 2023
දැව සංස්ථාවට අවුරුදු තෑග්ගක් ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් 2022 වසර සඳහා පවත්වන ලද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතන සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයේ දී (CNCL- Achiever of Industrial Excellence) එම වසරේ ඉහළම ලාබ උපයන ලද එකම රාජ්‍ය ආයතනය වශයෙන් රාජ්‍ය දැව සංස්ථාව විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. 03 January 2023
අතරමැදි සිසුන් ගන්න නව ක්‍රමවේදයක් පාසල්වල 6 ශ්‍රේණිය හැර 2 සිට 11 දක්වා ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 03 January 2023
බිත්තර ආනයනයකරුවෝ සූදානම් බිත්තර ආනයන සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඉන්දියාවේ සැපයුම්කරුවන්ගෙන් මිල ගණනන් විමසා ඇති බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (3) පැවසීය. ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ ද ඒ සඳහා වන සෙසු නීති රෙගුලාසි පිළිබඳව මේ දක්වා ප්‍රකාශ කර නොමැති වීම නිසා බිත්තර ආනයනය පිළිබඳව වැඩි තොරතුරක් නොමැති බව කී සෙනෙවිරත්න මහතා ආනයනකරුවන් ඒ සඳහා 03 January 2023
අලුත්ගම පිස්සු බලු සිද්ධියට සුද්දා අල්ලයි අනාරක්ෂිත ආකාරයට සුනඛයකු ඇති දැඩි කළ ප්‍රංශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 January 2023
යතුරු පැදියෙන් ආ මරුවා පිය - පුතු පැහැර ගනී කටුවන රුක්මල්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පිය පුතු දෙදෙනකු මිය ගිය බව කටුවන පොලීසිය පවසයි. 03 January 2023
සරසවි සිසුවා මැරී වැටෙයි කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සිසුවකු හෝමාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයි හෝමාගම රෝහල් පොලීසිය පවසයි. 03 January 2023
පොලිස් අවි ගබඩාවේ අවිය උස්සා දඩයමේ ගිහින් තන්තිරිමලය පොලිසියේ රාජකාරි කරන පොලිස් නිලධාරියකු එම පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් හොරා ගෙන ලබාදුන් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් රැගෙන දඩයමේ ගිය පුද්ගලයෙක් එම අවිය සමග විල්පත්තුව වනෝද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා පළවෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 03 January 2023
මෙරට මහ කුඩ්ඩෝ එතෙර කුඩ්ඩන්ට පොලු තියලා ඩුබායි ඉන්දියාව සහ ප්‍රංශය යන රටවලට පැන ගොස් එම රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය තොග වශයෙන් ඉවීමේ නිරතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බහුතරයක් පකිස්ථානයේ සිටින ජාවාරම්කරුවන්ට රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඉහළ පෙළේ පොලිස්ආරංචිමාර්ග සඳහන් කරයි. 03 January 2023
බිරියගේ ගෙල කපා ඝාතනය කරලා තියුණු ආයුධයකින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කර සැමියා පලාගොස් ඇතැයි තිනියාවල පොලිසිය පවසයි. 03 January 2023
තියුණු සටනකින් ඉන්දියාව ජය ලබයි ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මුම්බායිහිදී අද (3) රාත්‍රී පැවැති පළමු තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 03 January 2023
ශානිගේ කාරයට කොස්තාපල් අතින් වෙඩි වැදිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තවේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ වැඩතහනමට ලක් වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ මොටර් රථයකට පොලිස් කොස්තාපල්වරයකු අතින් වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 02 January 2023
භූමිතෙල් සහ සුදු ඩීසල මිල පහළට භූමිතෙල් සහ ලංකා සුදු ඩීසල මිල ඊයේ (02) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව තීරණය කළේය. 02 January 2023
මග නැගුම සභාපතිට පහර දුන් දෙදෙනෙක් මාට්ටු පෑලියගොඩ නව නුගේ පාරේ පිහිටි නැගුම ව්‍යාපෘති කාර්යාලයේ දී 2023 වසර ආරම්භය වෙනුවෙන් අද (2) පෙරවරුවේ පැවති උත්සවයක් අතරතුර එහි සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂකවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි 02 January 2023
ගුවන් ගමන් අඩපණ වුණු හැටි හෙළිවෙයි ඇමෙරිකාව පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වීමට හේතු වූ රටපුරා ගුවන් ගමන් අත්හිටුවීම, තඹ රැහැන් පද්ධතියක් යාවත්කාලීන කිරීමේදී සිදු වූ දෝෂයක් නිසා ඇති වූවක් බව එරට ප්‍රවාහන කටයුතු පිළිබඳ ල.. 16 November 2026