රුසියාවේ වත්කම් යුක්රේනයට
රුසියාවේ වත්කම්, රුසියාවට එරෙහිව යොදා ගනිමින්, යුක්රේනයට යුද ආධාර වශයෙන් ලබා දීමට, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ රාජ්ය නායක සමුළුවේදී එකඟත්වයක් ඇති කර ගැනුණි. ඒ අනුව, ‘ජී7’ නායකයන්ගෙන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 50 ක මුදලක් යුද ආධාර ලෙස හිමිවනු ඇත.