ඇමෙරිකාවත් න්‍යෂ්ටික බලය වැඩි කරන්න යයි න්‍යෂ්ටික යුද බලය අතින් රුසියාව සහ චීනය අත්කර ගෙන ඇති සැළකිය යුතු ප්‍රගතියට සම කිරීම සඳහා න්‍යෂ්ටික අවි අත්හදා බැලීම ආරම්භ කරන්න යැයි තමන් යුද දෙපාර්තමේන්තුවට අණදුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය 30 October 2025
තවත් මූල්‍ය සමාගමක් ගැන විමර්ශන වගා ව්‍යාපෘති සහ සංචාරක ක්ෂ්ත්රයේ ආයෝජනය කිරීමෙන් ප්රතිලාභ අත්කර දෙන බවට පවසා ජනතා මුදල් වංචා කළෙ යැයි කියන කුණ්ඩසාලේ නගරය කේන්ද්‍ර කොට ගෙන රට පුරා ව්‍යාප්ත කළ තවත් මහා පරිමාණ පිරමීඩ සමාගමක් පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසියේ මුල්‍ය අපරාධ වාණිජ විමර්ශන කොට්ඨාසය අද දැනුම් දුන්නේය. 30 October 2025
ශ්‍රීපාලියේ “පර්යේෂණ සම්මන්ත්‍රණය“ අරුන්දතියේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ’’වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය’’ මණ්ඩපාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 31 දින හොරණ ශ්‍රීපාලි මණ්ඩප අරුන්දති ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වේ. 30 October 2025
මත්තල ගුවන්තොටට හොද සහතිකයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන සතුන්ගේ තර්ජනවලින් ආරක්ෂිත ගුවන්තොටුපළක් ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විශේෂ සහතිකයක් දී අැත 30 October 2025
විෂ මත ගැන තොරතුරු දෙන්න අංකයක් විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ. 30 October 2025
දුම්රිය එන්ජින් 103ක් ’’පැන්ෂන්’’ යවලා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 103ක් (පසුගිය අප්‍රේල් මාසය වනවිට) ධාවනයෙන් ඉවත්කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ 30 October 2025
මැතිසබේ හිංසන සිද්ධිය: සේවක සේවිකා තවත් පිරිසකගෙන් කටඋත්තර පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුව ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බාහිර විමර්ශන කමිටුව එහි තවත් සේවක සහ සේවිකාවන් කිහිප දෙනෙකුගෙන් ඊයේ සහ පෙරේදා ප්‍රශ්න කර කටඋත්තර සටහන් කරගෙන ඇත. 30 October 2025
රේගු මුලස්ථානයේ උණ්ඩ දෙකක් හමුවෙයි කොළඹ කොටුව රේගු මූලස්ථානයේ 3 වන මහලේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබී තිබී ජීව උණ්ඩ දෙකක් හමුවූ බව කොටුව පොලිසිය කියයි. 30 October 2025
සුරා බදු එකපාර නොගෙව්වොත් ’’ලයිෂන්’’ තහනම්: ගැසට්ටුව පිටවේ මත්පැන් නිෂ්පාදන ආයතන දින අනූවකදී බදු සහ ගාස්තු සම්පූර්ණයෙන්ම නොගෙවන්නේ නම් එම මත්පැන් බලපත්‍ර ලාභියාගේ මත්පැන් නිෂ්පාදනය බෙදා හැරීම ඇතුළු සියලු බලපත්‍ර අත්හිටුවීමට විධිවිධාන සැලසෙන ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. 30 October 2025
විවාහකයාගේ නරක්වූ සිරුර පොල්වත්තකින් හමුවෙයි බෙලිඅත්ත පොලිස් වසමට අයත් නාකුළුගමුව ,දෙද්දුවාවෙල ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී පිරිමි පුද්ගලයෙකුගේ නරක්වී ගිය මළසිරුරක් අද ( 30) උදේ හමුවී ඇතැයි පොලිසිය කීවේය . 30 October 2025
කුඩු විකුණන සියලු දෙනා යටත් වන්න කුඩු විකුණන සියලු දෙනා වහාම යටත් වන්නැයි ජනාධිපති අඳුර කුමාර දිසානායක මහතා අද(30)ඉල්ලා සිටියේය. 30 October 2025
ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස් වෙයි නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන ’’ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව’’ (NHDC) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී රැස්විය. 30 October 2025
පොලිසිය සුද්ද කරනවා පාතාලය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වල කොතැනක හෝ පොලිස් නිලධාරියෙකුගේ සබඳතාවයක් ඇතැයි හෙළිදරව් වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 October 2025
ගෑස් උණ්ඩ 10ක් වහලයකින් හමුවෙයි අරගල සමයේ රැගෙන ආ බවට සැක කරන ගෑස් උණ්ඩ 10 ක් අඩංගු බෑගයක් කොළඹ 7 මල් පාර කොමන් කොපි හවුස් ගොඩනැගිල්ලේ වහලය මත තිබී හමුවූ බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 30 October 2025
විස මතට එරෙහිව හැප්පෙන්න රජය තීරණය කළා විස මතට එරෙහිව හැප්පෙන්නට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 October 2025
මහනුවර රෝහලේ සි ටි ස්කැන් පරික්ණෂණ පෝලිමක් මහනුවර ජාතික රෝහලේ දි සි.ටි ස්කෑන් පරික්ෂණ කරගැනිම සදහා වසර දෙකකට ආසන්න කාලයක් පොරොත්තු ලේඛනවල රැදි සිටිමට රෝගින්ට සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 30 October 2025
’’ රනිල් ඉතිරි කර ගිය සල්ලි පොට්ටනිය පැටව් ගහන්නේ නෑ’’ රනිල් රටට ඉතිරි කර ගිය සල්ලි පොට්ටනිය පැටව් ගහන්නේ නැති බැවින් රටේ ආර්ථිකය දිනෙන් දින පහතට වැටෙන බව ආණ්ඩුව හොඳින් තේරුම් ගත යුතුව තිබෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 30 October 2025
විස මත් රකුසාට අද රටම එකට එරෙහි වෙයි දිවයිනේ සියලුම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන වල කාර්ය මණ්ඩල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ’’රටම එකට ජාතික මෙහෙයුම ’’ වැඩසටහනට අද සජීවීව සම්බන්ධ වීමට නියමිතය. 30 October 2025
අනියම් සැමියාට බලෙන් වස පොවලා අනියම් සැමියාට පහරදී බලෙන් විෂ ශරීරගත කොට ඝාතනය කළ බව කියන අනියම් බිරිය, ඇගේ සහෝදරියන් දෙදෙනා සහ ඥාතියකු අත්අඩංගුවට ගත් බව දොඹ ගහවෙල පොලිසිය පවසයි. 30 October 2025
අද වහින තැන් මෙන්න සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලට පස්වරු 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 October 2025
ජගත් මනුවර්ණට වරෙන්තු නඩු විභාගයට පෙනී නොසිටිමින් දැන දැනම අධිකරණය මගහැරියේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද වරෙන්තු නිකුත් කළේය. 29 October 2025
ලොකු ලූනු ගොවියා වළපල්ලට දේශීය ලොකු ලූණු ගොවියා මුල ඉඳලම මුලාවට පත් කරමින් දේශීය ලොකු ලූනු වගාව ලබන කන්නයේ සිට සම්පූර්ණයෙන් නැවැත්වීමට නිලධාරින් සැලසුම් සකස් කරනවා දැයි බරපතල සැකයක් මතුවන බව දේශීය ලොකු ලූණු ගොවි රජා ලෙස විරුදාවලිය ලත් ගලේවෙල පට්ටිවල ප්‍රදේශයේ දේශීය ලොකු ලූණු ගොවියෙක් වූ එස්.ඒ. රතනපාල මහතා පැවසීය 29 October 2025
හිටපු උදවිය හිටපු ගෙවල් ගැන වතගොත මෙන්න හිටපු ජනාධිපතිවරුන්, මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් රජයට ආපසු භාරදෙන ලද නිවාස පිළිබඳ තොරතුරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දක්වා තිබේ. 29 October 2025
රොන්මඩ පෙන්නා වැලි ගොඩ දමනවාලු පොළොන්නරුව මහවැලි බි කලාපයේ ගල්තලාව ප්‍රදේශයේ කුඩාඔය අමුණේ රොන්මඩ ඉවත්කරන මුවාවෙන්, කිසියම් පිරිසක් අමුණට යන්ත්‍ර සූත්‍ර දමා වැලි ගොඩ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ගල්තලාව ගොවීහු චෝදනා කරති. 29 October 2025
රනින් බැබලු සසිඳුට - මනුජට ගමෙන් උපහාර දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී තුන් පිම්ම ඉසව්වෙන් රන් පදක්කමක් සහ තරග වාර්තාවක් තැබූ සසිඳු මල්ශාන් සහ එම තරගාවලියේදීම මීටර් 400 ×4 තරග ඉසව්වෙන් රන් පදක්කමක් හිමිකරගත් මනූජ ප්‍රභාෂ් යන ක්‍රීඩකයන් ඔවුන් මූලික අධ්‍යාපනය ලැබූ මිණුවන්ගොඩ යටියන රෝමානු කතෝලික විද්‍යාලයේදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. 29 October 2025
පතලක් කඩා වැටි තරුණයෙක් මරුට බලංගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලෙවෙල වලව ගග අද්දර ප්‍රදේශයේ පතලකට යටවී අද (29) සවස තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 29 October 2025
මේ මාස දහයේ කොරියාවට 3253ක් ගිහින් ගතවූ මාස දහයේ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 3253 දෙනකු පිටත්ව ගොස් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 29 October 2025
කාන්තාවන්ගේ දුක බලන්න වෙනම කොමිසමක් කාන්තාවන්ගෙ ගැටලු නිරාකරණය කිරීම සඳහා කාන්තා කොමිෂන් සභාවක් පත්කිරීමට රජය තීරණය කර ඇත. 29 October 2025
මන්ත්‍රීලාගේ ආරක්ෂාව: පොලිස්පති පාර්ලිමේන්තුවට කැදවයි? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කතානායක ෙෙවද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 29 October 2025
ශ්‍රමදානයට ආ රැඳවියා අධිකරණ ගබඩාවෙන් ගිනි අවියක් උස්සලා ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත ප්‍රජා විශෝධන කාර්යයන් සඳහා අද (29) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සදහා පැමිණි රැඳවියකු අධිකරණයේ නඩු භාණ්ඩාවෙන් 9 mm වර්ගයේ උණ්ඩ රහිත ගිනි අවියක් සොරාගෙන ඇත. 29 October 2025
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026