අයිස් ෆැක්ට්‍රියේ කෝටි 250ක අමුද්‍රව්‍ය මිද්දෙණියෙන් ගොඩ ගනියි
ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී අත්අඩංගුවට ගත් කෙහල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රැගෙන ආ බව කියන රුපියල් කෝටි 250 ක් පමණ වටිනා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ වත්තක වළඳමා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි