බණඩාරගම වෙඩි තැබීමකින් අයෙක් මරුට බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් යමන් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි බණඩාරගම පොලිසිය කියයි. 21 August 2025
කාදිනල් -ජනපති හමුවක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් -කතෝලික රදගුරු සම්මේලනය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 21 August 2025
පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමයට ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම ඩිජිටල් ක්‍රම වේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
සමීප සගයා ගැන මහින්ද දුක් වෙයි ’’වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අප වේදනාවට පත් කරයි’’යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව පිළිබඳව සමාජ මාධ්‍යයට සටහනක් එක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 15 August 2025
මහරගම උණුසුම් ’’ අනුර මෝදි හොර ගිවිසුම් ඉරා දමනු, අයි.එම්.එෆ් මර උගුලට එරෙහි වෙමු’’ යන මැයින් ජන අරගල සන්ධානය අත්පත්‍රිකා බෙදා දීමක් සඳහා මහරගම නගරයේ ඉදිකළ අට්ටාලයක් කඩා ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමග අද දහවල් දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ඇතිවි උණුසුම් තත්ත්වයක් හට ගැනීනි. 15 August 2025
ටැටූ සෙල්ලම් කරන්නෙ ලේ එක්ක ; ටැටූ ගහන්න ගහින් ලෙඩ බෝ කර ගන්න එපා ;පච්චයක් ගහනවා කිව්වට ඕක ඊට වඩා එහා ගිය එකක් 15 August 2025
හිටපු සෙබළාගෙ ගෙදරින් පිස්තෝලයක්, උණ්ඩ මතුවේ මාලබේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ ඇතුළු හමුදා නිල ඇඳුම් කට්ටල සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 15 August 2025
“ක්ලීන් ශ්‍රී ලංකා” යාපනේ යයි “ක්ලීන් ශ්‍රී ලංකා ” සංකල්පය උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීව අද (13) ආරම්භ කෙරිණි. 13 August 2025
වෙඩි වැදුනු හිටපු ප්‍රා.මන්ත්‍රී මරුට මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කරන අතර තුර මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 12 August 2025
බස්-ටිපර් අනතුරින් 28 ක් රෝහලට: ටිපරය බටුඔය පාලමෙන් පහළට කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය පාලම අසලදී පෞද්ගලික බස්රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී අද(12) අලුයම 3.30 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල්වලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි. 12 August 2025
රටේ කැබිනටුව සාමූහික වගකීම ඉටු නොකරන බව ඔප්පු වුණා සුප්රීන් සැට් රොකටුව සම්බන්ධයෙන් අගමැති හරිනි සහ ඇමති වසන්ත පාර්ලිමේන්තුවේ දී දුන් පරස්පර උත්තර වලින් පෙනෙන්නේ රටේ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීම ඉටු නොකරන බව යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවාය. 11 August 2025
කුලී යතුරුපැදිකරුවකුට වෙඩි ප්‍රහාරයක් මහරගම නාවින්න බස් නැවතුම්පළ ඉදිරිපිටදී හයිලේවල් මාර්ගයේ කූලි රථ සමාගමක ලියාපදිංචි යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයකු කලුබෝවිල ශික්ෂණ කෝහලට ඇතුලත් කළ බව මහරගම පොලිසිය පවසයි. 06 August 2025
දෙවිනුවර පෙරහරෙ අලියකු කුලප්පු වේ දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහරේ ගමන් කළ “භානුක” නැමැති අලියකු හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය. 05 August 2025
උපන් ඇඳුමින් බයිසිකලයේ ගිහින් කඳාන නගර මධ්‍යයේ දී අද (4) දහවල් පුද්ගලයෙක් උපන් ඇඳුමින් බයිසිකලයක් පැදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් විදහා දක්වයි. එම විඩියෝව වාහනයක සිට වීඩියෝ ගත කර තිබේ. 04 August 2025
අර්චුනා CIDයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා අද (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. 04 August 2025
අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී දරුවා මරුට පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී 8 හැවිරිදි බාල පුතා ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලීසිය කියයි. 04 August 2025
ඇමරිකාව මෙරට තීරු බදු අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක් ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 01 August 2025
එස් එම් චන්ද්‍රෙස්නට ඇප අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවි ජනතාවට බෙදා දීමට වෙන් කළ රුපියල් කෝටි දෙකහමාරක බඩ ඉරිඟු කිලෝ 36000ක් 2015 ජනාධිපතිවරණය අභියස තම දේශපාලන ආධාරකරුවන්ට ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාරගත හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කළාය. 01 August 2025
’’සෙමෙන් එහෙත් ස්ථාවරව රට හදනවා’’ සෙමින් එහෙත් ස්ථාවරව ලංකාව ගොඩ නඟමින් මුහුණ දී තිබෙන අභියෝගවලින් රටත් ජනතාවත් මුදා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාල දිවයිනේදී පැවසීය. 31 July 2025
රෝහිතගේ දියණියට ඇප ආන්දෝලනයකට තුඩු දුන් එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රි දියණියක වූ රොෂෙල් මෙලනී අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. අයි .හෙට්ටිවත්ත මහත්මිය නියම කළාය. 31 July 2025
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාසය අසල සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි 31 July 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026