



බාහිර හා අභ්‍යන්තර භේදයකින් තොරව සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් බාහිර උපාධි සුරැකීමේ සංවිධනය එකමුතුවේ සාමාජිකයෝ අද විරෝධතාවක නියැළුණහ.
කොටුව - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන දොරටුව අවහිර වන ලෙස බිම වාඩි වී විරෝධතාවයේ යෙදුණු අයුරු.
(ශාන්ත රත්නායක)
COMMENTS
උපාධි නැති මිනිස්සු රස්සාවල් ඉල්ලන් කොළඹට අාවොත් කොහොමට තියේවිද උපාධියකුත් තියන් ආණ්ඩුවෙන් රස්සා ඉල්ලන්න විලිලැජ්ජාවක් නැද්ද? මේ රටේ 1%ක් වත් උපාධි නැහැ. එ්ත් ඒ හැමෝම කළ එලා දරු මල්ලන් හදන් යනවානන් අරන් ගෙවල් දොරවල් හදන පුළුවන් විදියට ජීවත් වෙනවා. මේක රටට මහා සැපයක්... ඇත්තම කියනවා නම් උපාධිධාරීන්ට කිසිම ආණ්ඩුවක් රස්සාවල් දෙන්න හොඳ නෑ දෙන මෙයාලත් උඩවලව ඉන්න අලි වගේ කාගෙන් හරි දුන්නොත් කාලා ඉන්න පුරුදුවෙලා උපාධිධාරියෙක් කියන්නේ ආණ්ඩුවේ පුටු රත් කරන්නෙක් නොවිය යුතුයි.
රටේ හැමෝම මේ වගේ ආණ්ඩුවෙන් රස්සා ඉල්ලුවොත් මොකද කරන්නේ? පිං රස්සා ඉල්ලන්නේ නැතුව රස්සාවක් හොයාගන්න උත්සාහ කරන්න.. අනික් මිනිස්සු වගේ. රස්සාවක්වත් හොයා ගන්න බැරිනම් උපාධියෙන් ඇති වැඩේ මොකක්ද?
පළාත් සභාවටවත් ඉල්ලන්න උනන්දු වෙන්න...
උපාධියක් තියෙන කෙනා හොඳ ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ... එහෙම වෙලා උපාධියක් නැති අයට රස්සාවල් දෙන්න පුළුවන් වෙන්න ඕනේ.. දැන් වෙන්නේ උපාධි නැති ව්‍යවසායකයින්ගේ ලබා උපාධියක් තියන් රස්සාව කරනවා.. කොහෙද මේ තරුණයින්ට වැරදුනේ මේක නිවැරදි නොකර රට හදන්නේ කොහොමද රටේ සාරය මහපාරේ...
අපිත් උපාධි තියෙන අය... ආණ්ඩුවෙන් රස්සාවල් ඉල්ලගෙන හිඟමනේ ගියේ නැහැ. ආණ්ඩුවේ අාදායමෙන් 70%ක් විතර යන්නේ ගන්න පඩියට කිසිම සේවයක් නොකරන අති බහුතරයකගේ පඩි ගෙවන්න. ගෝඨා, සජිත් නෙවෙයි වයිමා ආවත් මේ රට හදනවා බොරු මේ වගේ රැකියා හිඟන්නන් ඉන්නකල්. පිරිසක් උපාධි අරගෙන රස්සා දෙන්න කියලා ආණ්ඩුවට බල කරන පිරිසක් දේශපාලකයින්ට කඩේ ගිහින් ආණ්ඩුවේ රස්සා ඉල්ලනවා. දෙකොට්ඨාශසයම ආණ්ඩුවේ ආයතනවලට රිංගලා ඵලදායි සේවයක් නොකර, පින් පඩි ගන්නවා...
මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා රාජ්‍ය සේවයට උපාධිධාරීන් කොටසක ගත යුතුයි. ඒ ඉහළම ලකුණු තියෙන අය කෙසේ වෙතත් මේ අය ගියත් මේකට ඉන්න ජ්‍යෙෂ්ඨයෝ වැඩ කරන්න දෙන්න එපා කරවලා ආයතනවලින් පන්නනවා. නැත්නම් නිකමුන් කරනවා..
උපාධි කාරයෝ 8 සමත් දේශපාලුවන්ගෙන් රස්සා ඉල්ලනවා. බලපුවාම බලපුවාම ඡන්දෙ දීලා පත්කරගෙන තියෙන්නෙත් ඒ අයමයි. ඊළඟ පාරවත් උපාධිකාරයෙක් හෝ ඉගෙනගත්තු කෙනෙක් පත්කර ගනිල්ලා..
මෙයාලා ඔය උපාධි පස්සේ නොගිහින් අර කටුබැද්දේ ආයතනේ මෝටර් රථ තාක්ෂණික පාඨමාලාව හැදෑරුවා නම් ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ රැකියාවක් කරගෙන හොඳ ගෙවල් හොඳ වාහන අරගෙන හොඳ ජීවිතයක් ගත කරන්න තිබුණා. ලංකාවේ පාරවල්වල රස්තියාදු නොවී...
රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් කීවහම පුද්කාලික සහ රාජ්‍ය අංශවල ප්‍රධානීන්ගේ මනසට එන්නේ තම සහෝදර සිසුන්ට නවක වදය කියල ලිංගික අඩන්තේට්ටම් කර තම පහත් ආශාවන් සපුරගන්න , නිතරම මාර්ග අවහිර කරමින් උද්ගෝෂණ කරන , පොලිසිය සමග පාරේ ගහගන්න පුද්ගලයෙකුගේ චිත්‍රයක් , එතකොට කවුද කැමති මේවගේ කරදර කාරයෙක් තම ආයතනය තුල දමාගන්න , හොඳම දෙය රැකියාවට ඉල්ලුම් කරනකොට උපාධි සහතිකය ඉදිරිපත් නොකර අපොස උසස්පෙළ සහතිකය පමණක් ඉදිරිපත් කරන්න , එතකොට රැකියා ලැබේවි , ඔක්කොටම ඉස්සරවෙලා ඔය විශ්ව විද්‍යාල තුල කරන දේශපාලන ක්‍රියාකාරකම් , ඊනියා නවක වදය මුවාවෙන් සහෝදර සිසුන්ට කරන අඩන්තේට්ටම් වැනි දේවල් නතර කර විනය හදාගන්න , එතකොට සමාජයේ හොඳ පිළිගැනීමක් ඔබලාට ලැබේවි . රැකියාත් ලැබේවි , පුද්ගලික විශ්ව විද්‍යාල වල උපාධිය ලබාගන්න සිසුන්ට නම් රැකියා ප්‍රශ්න නැත , ඔවුන් උද්ගෝෂණ කරනු මම කවදාවත් දැක නැත .
මට දුක මෙයාල අම්මල තාත්තල ගැන . උපාධි ගත්තට මුන් නිකම්ම නිකමෝ .රස්සාවක් නැත්නම් කුඹුරක් කොටපන් රටට බරක් වෙන්නේ නැතුව . පෞද්ගලික අංශයට මුන් ගන්නේ නැහැ , මොකද කියනවනම් මුන් එතනත් ස්ට්‍රයික් කරනවා ආයතනයට පාඩු වෙන්න .
මහජන මුදලෙන් ඉගෙන ගන්නෙත් පාරදිගේ රෑස්වීම් තිය තියා උඅපාදියක් ගත්තමත් එකේ වෙන්සක් නෑහෑ මම අහන්නේ රජය රෑකියා දිය යුතුමද උපාදියට ඒක බෑදීමක්ද පිනටත් උගන්නලා මදිවට ඈමරිකාවේ එක රෑකියාවකට සම්මුක පරික්ශනයකට උපාදිදාරීන් 1000 ගනන් එනවා උන් මේ වගේ නෑහෑ අපේ රටේ මිනිසුන් හරි පුදුමයි
ඔය උද්ගෝෂණය කරන්න ඕන විශ්ව විද්‍යාල ඉදිරිපිට. රැකියා වෙළද පොල ගැන අවබෝධයක් නැතිව ඔහේ මොනවා හරි උගන්වලා උපාධියක් දෙනවාට විරුද්ධව.
බාහිර උපාධි වලට ඉගෙනගෙන තියෙන්නේ මොනවද කියල හොයල බලන්න. මෙලෝ රහක් නැති පිළුණු වුන දේවල්. මේ අයවලුන් රස්සාවලට ආවත් කරන්න පුළුවන් දෙයක් නැහැ . රජයේ රැකියා වලින් පින් පඩි ඉල්ලන්නේ නැතිව තම තමාගේ වැඩක් හරි පුද්ගලික අංශයේ හරි රැකියාවලට හරි යන්න බැරි මොකද? මොකුත් කරන්න බැරි හින්ද සහ ගන්නේ නැති හින්ද. මේ සත්‍ය තේරුම් අරගෙන රටට වැඩක් තියෙන දෙයක් ඉගෙන ගෙන රැකියා ඉල්ලන්න. ඕනෙතරම් තියෙනවා විතරක් නොවේ හොඳ වැටුපකුත් ලබා ගත හැකියි. රජයේ රැකියා කෙසේවත් නොදිය යුතුයි.
ඉරිදා පත්තරේ ගනිල්ලා .. රස්සා ඕන තරම්. ඔයිට වඩා හොඳයි හිඟ කන එක
උපාධිය ගන්න මහජනතාවගේ සල්ලි වලින් උගන්නල දැන් දෙන්නකෝ මහජනතාවගේ සල්ලිවලින් පඩි ගෙවන රස්සාවක්. අනේ මෙහෙමත් නිකම්මු. පුද්ගලික අංශයේ බැරිනම් රටකටවත් යන්න. ඔය මානසිකත්වය තමයි දේශපාලුවන් පස්සේ යන්නන්ටත් තියෙන්නේ. ඔය පාරේ පිකට් කරන්න දාන ධෛර්ය දැම්මනම් රස්සාවල් කීපයක් හොයාගන්න තිබුන.
කිසිම රටක උපධිදාරින්ට නිදහස් අධ්‍යාපනය දීලා රැකියාද බන්දේසියේ තියා පිරිනමන්නේ නැහැ . මොකද පුද්ගලික අංශයේ රැකියා කරන්න බැරි. එතනත් ඔහොම වාඩි වෙලා බෝඩ් අල්ලන් නිකම් ඉන්න බැහැනේ. මම මේ කියන්නේ දැන් ලාබාල දරුවන් ඉන්න මව්පියන් තමන්ගේ දරුවන් කුඩා කල සිට ස්වාධීනව ජීවිතය සකසා ගන්න පුරුදු කරන්න. තමන්ගේ උදේ තේ කෝප්පය සිට රැකියාව දක්වා අනෙක් මිනුස්සු කර දෙන්න ඕන කියන සංස්කෘතිය නිසා තමා අපේ දරුවන් නිතරම පරපුටුවන් ලෙස ඉන්නේ. වෙන දෙයක් ඕන නැහැ, දරුවන් නැති මාමාගේ ගෙදර මට ලියා දෙවි, නැති නම් කසාද නොබැඳපු නැන්දාගේ රත්රන් බඩු ටික මට තමා කියලා මහන්සියෙන් කිසිම දෙයක් උපයා නොගන්න උගතුන් මා දැක තිබෙනවා. දෙමව්පියනි, කරුණාකර ඔබේ දරුවාට කුඩා කල සිට රටේ බදූ ගෙවන්නන් ,ආණ්ඩුව සහ හතර පේරුවේ ඥාතින් පහළවී ඇත්තේ තමන්ට සදහටම කම්බුරන්න නොවන බව , තේරුම් කර දෙන්න.
මේ තමයි රටේ ඉන්න උගත් මෝඩ රැළ. උපාධියක් තිබුණට රස්සා කරන්න බැහැ. ආණ්ඩුවේ පින් පඩි ගන්න රස්සා ඇරෙන්නට. අපිත් උපාධි නැතුව තාක්ෂණ ඩිප්ලෝමාවක් කරලා කොහොමහරි උපාධියකුත් කරලා පුද්ගලික ආයතනයක වැඩ කරන ගමන් කොම්පැනි එකකුත් රන් කරනවා. මේ වගේ ආණ්ඩුවේ පින් පඩි ජොබ් හිඟාකන්නේ නැතුව තමන්ගේ හැකියාව දියුණු කරගන්න ඕනෑතරම් තාක්ෂණ ආයතන තියෙනවා. දැනුම, රස්සාවකට හරියන විදියට හදාගන්න. ඕනෑතරම් පුද්ගලික රස්සා තියෙනවා. දැන්වත් හිඟන්නෝ නොවී හැදෙන්න බලන්න.. ඔබලාගේ පවුල්වල කීදෙනෙක් බලනවද? තමුන් රස්සාවක් කරනකන්... අපේ රටේ පිනට ඉගැන්නුවට ගොඩක් රටවල කරන්නේ නැහැ. ආණ්ඩුව ලොකු වියදමක් දරනවා ඉගෙනගන්න මේ රටේ... එ්කේ අගයවත් තියලා හිඟාකන එක නවත්තපල්ලා කොල්ලනේ, කෙල්ලනේ...