(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි සියලුම නඩුවලින් ඇප ලැබීම හේතුවෙන් බන්ධනාගාරයෙන් මුදාහැරි බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක සහ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
ඇය සියලුම නඩුවලට අදාල ඇප තැම්පත් කර තිබීම සහ බන්ධනාගාරය තුළ දුරකථනයක් සන්තකයේ තබාගත්තේ යැයි කියන චෝදනාවට ද දිස්ත්‍රික් උසාවියෙන් ඇප නියම කර ඇති බවත් ඒ හේතුවෙන් ඇය මුදාහැරීමට කටයුතු කළ බවත් ඒකනායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ප්‍රියමාලි ගෙදර යයි
අතුල සෞදි Tuesday, 27 December 2022 05:19 PM
දැන්වත් උසාවි වැඩ කටයුතු උසාවියට කරගන්න දීලා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තමන්ට අදාළ රාජකාරි පමණක් කරනවා නම් හොඳයි...!!!
ජගත් ලියනගේ Tuesday, 27 December 2022 05:38 PM
සාධු, සාධු, සා...ධු !
Nalins Tuesday, 27 December 2022 05:52 PM
අපි ළඟ ඉන්නේ ඇත්තෙන්ම දක්ෂ නීතිඥයින්...
නිහාල් Tuesday, 27 December 2022 06:53 PM
කමක් නෑ වසන්ත ඇතුලෙනේ...
යෝගා Tuesday, 27 December 2022 07:00 PM
ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ...!!!
බද්රානි Tuesday, 27 December 2022 09:58 PM
ඇප මත නිදහස ලබලා ආපු ප්රියමාලිව පිළිගන්න ආපු පිරිමි රැල දෙකට නැමිලා වඳින කොට මට නම් අපේ රටේ නෝන්ජල් පිරිමි ගැන මහා ලැජ්ජාවක් ඇති උනේ?
Kapila Tuesday, 27 December 2022 10:03 PM
ලංකාවයි සිරි ලංකාවයි......... අප නිජ භුමිය ලංකාවයි.......... ඔහොම යං
ash Wednesday, 28 December 2022 08:08 AM
වසන්ත ඇතුලේ. ප්‍රියමාලි එළියේ.
සමන් පෙරමුන Wednesday, 28 December 2022 10:10 AM
මහ මැතිවරනයට රත්තරං පොල්ල ලකුනෙන් එන සද්ගුනවත් ප්‍රකෝටිපතිනි තිලිනි ප්‍රියමාලි මැතිනිය දිනවමු.
Senarath Wednesday, 28 December 2022 12:20 PM
බඩගින්නට පොල්ගෙඩි 8ක් කඩපු එකාට සහ ආසාවට අඹගෙඩි කිහිපයක් කඩපු පොඩි එකාට තමා නීතිය ක්‍රියාවේ යොදවන්නේ .සල්ලි තියන එවුන්ට පොත්ත රතට තියන එවුන්ට නීතියෙන් ගැලවෙන්න,ඇප දෙන්න ඕනේ තරම් ක්‍රම තියනවා .කුඩ්ඩන්ට ඇප දෙන්න කලින් තිබුණු කුඩු ග්‍රෑම් 2 කේ සීමාව 5 දක්වා වැඩි කලේ .මොකද ජනතාව අරගල කරන නිසා වැඩි කලාද?