(ඩයනා උදයංගනී)
මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙලට කතෝලික සභාව නියෝජනය කරන කිසිවකු සහභාගී වන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.
රටේ ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක්දැයි කතෝලික සභාව ප්‍රශ්න කරන බව ද පියතුමා සඳහන් කළේය.
රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති, අර්බුදකාරී අවස්ථාවක අධික මුදලක් වැයකොට පුහු නිදහස් උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව කරන මහා අපරාධයක් හා නාස්තියක් බව ද සිරිල් ගාමිණී පියතුමා කීවේය.
සිරිල් ගාමිණී පියතුමා මේ බව පැවසුවේ බොරැල්ල, අගරදගුරු නිල නිවසේ දී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපතිවරයා පවසන පරිදි 75 වන නිදහස් උත්සවය අභිමානවත් හා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ සා මුදල් කන්දරාවක් වැය කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව දැඩි ලෙස විරුද්ධ බවද පියතුමා කීවේය.
නිදහසේ 75 වන සංවත්සරයේදී සිදුවිය යුතුව තිබුණේ පසුගිය 75 වසර පුරාවට දේශය බංකොලොත්භාවයට ඇද දැමූ රට පාලනය කළ සියලු දේශපාලන පක්‍ෂ වැරදි පිළිගෙන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා, රටේ සම්පත් මංකොල්ල කෑ සියල්ලන් තරාතිරම් නොබලා නීතිය ඉදිරිපත් කර ජනතා මුදල් ආපසු අයකරගැනීමත්, බදු මුදල් නොගෙවා ඇති දූෂිත ව්‍යාපාරිකයන්ගෙන් එම බදු මුදල් අයකරගැනීමත් බව පියතුමා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිදහසක් නැති නිසා කතෝලික සභාව නිදහස් උළෙලට නෑ
Alfread Wednesday, 01 February 2023 01:59 PM
ආ ඒකට කමක් නෑ. මතක ඇතුව මහවිරු සැමරුමට ගියානම් හොඳටම ඇති...
sharm warn Wednesday, 01 February 2023 02:01 PM
100%ක් එකඟයි පියතුමනි...
wije Wednesday, 01 February 2023 03:07 PM
ජය වෙවා , අපගෙ මහ සන්ගරත්නයටත් මෙවන් උජුපටිපන්න ගුනයක් පිහිටයි නම් කොඉතරම් වටීද
local Man Wednesday, 01 February 2023 06:21 PM
කවද්ද උඹලා නිදහස සැමරුවේ?
Don perea Wednesday, 01 February 2023 06:50 PM
අපේ හාමුදුරුවරුත් එක්වුණානම් හොඳයි.
Bamunuarachchi Thursday, 02 February 2023 08:36 AM
ඉසරහට එන කාලේ හොඳයි වගේ? ක්‍රිස්තියානි කාරයෝත් අයින්වෙලා දෙමල සෙට් එකත් අයින් වෙලා මුස්ලිම් සෙට් එකත් අයින් කර ගත්තොත් සිංහල බෞද්ද රටක් හැටියට අපිට වැඩකර ගන්න පුලුවන්. මොවුන් අයින් උනා කියලා අපිට වෙන පාඩුව මොකක්ද? මේගොල්ලෝ සාම්පුර් විදුලි බලාගාරය කර ගන්න නොදුන්නේ කාටද දුම් වදිනවා කියලා නේද? අපිට මේ ගොල්ලන්ගෙන් ඇදෙන්නේ ඔයවගේ ලොතරැයි තමයි.