කරවල හොද්දට වැටුණු දියණිය මරුට පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 03 July 2024
රෝබෝවක් සිය දිවි නසා ගනී රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය. 03 July 2024
තරුෂිට - නදීෂාට ඔලිම්පික් වරම් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. 02 July 2024
ශ්‍රීලනිප මහලේකම් ධූරය දයාසිරිට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02)නිකුත් කළේය. 02 July 2024
මහින්ද - ගෝඨා මගේ කවුරුත් නොවේ මහින්ද රාජපක්ෂ සිය තාත්තා හෝ ගෝඨාභය රාජපක්ෂ බාප්පා හෝ නොවන බවත් වාහන අළෙවිසැලකින් මිලදීගත් වාහනය ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දෙට පාවිච්චි කිරීම පිළිබඳව තමන්ට වගකීමක් නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය අද (1) පැවසුවාය. 01 July 2024
අලුත් ඉන්ධන පිරවුම්හල් 100 කට අනුමැතිය දීලා ‘සිපෙට්කෝ’ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය දී ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති පවසයි. 01 July 2024
පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල බස්සයි පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද රාත්‍රී නිවේදනය කළේය. 30 June 2024
වෙරි වූ රියැදුරා කෝච්චිය මග දමා දුවලා කොළඹ සිට මහනුවර බලා අද පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පලා යද්දී දුම්රියේ සිටි මගීහු ලුහු බැඳ ගොස් අල්ලා දුම්රිය සහාය රියදුරා යොදවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ධාවනය කිරීමට කටයුතු කළහ. 30 June 2024
ඉතිරි ධීවරයා බේර ගන්න ලොකු සටනක් ජාත්‍යන්තර මුහුදේ අසාධ්‍යව සිටි ධීවරයන් 6 දෙනාගෙන් 5 දෙනකු මියගොස් ඇති අතර අනෙක් ධීවරයා බේරාගැනීම සදහා නාවික හමුදාවේ වෛද්‍යවරයකු ඇතුළු සිංගප්පූරු නැවක නාවික පිරිසක් උත්සාහයේ යෙදී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය. 30 June 2024
ධීවර මරණ හතර දක්වා ඉහළට මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතලයක් බව පවසා එය පානය කිරීමෙන් පසු මියගිය ධීවරයින්ගේ ගණන හතර දක්වා ඉහළ ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 29 June 2024
හිරුණිකාට බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා අද (28) නියෝග කළේය. 28 June 2024
ලංකාවේ හිරුණි ෆින්ලන්තයේ දී මරාදමලා ෆින්ලන්තයේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කළේය. 28 June 2024
ආඩම්බරකාර ලැරී 6වැනි හාම්පුතා එනතෙක් මඟ බලා සිටියි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු 5 ක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාමාත්‍ය නිල නිවසට වී බලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය. 27 June 2024
ජනපති සුබ ආරංචිය ප්‍රකාශයට පත් කරයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීම රටට ආදරය කරන සියලු දෙනාට සුබ ආරංචියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) පැවසීය. 26 June 2024
ගුරු විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගුරු විදුහල්පතිවරුන් ගේ විරෝධයට මිට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. 26 June 2024
උසස් පෙළ සිසුවා වෙඩි තබා ගෙන මැරිලා රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පතොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි. 25 June 2024
තිස්ස හිටපු ඕඅයිසී ඇතුළු තුනක් වසර හතකට හිරගෙට හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගෙස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පෙලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා කෲරත්වයට පත්වු පුද්ගලයන් පස්දෙනාට රුපිල් ලක්ෂ 05 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය. 25 June 2024
හිටපු ජනපති අපේක්ෂකයකුගේ කෝටි 25ක ඩොලර් වේයො කාලා ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයකුට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් මුදල් සේප්පුවක රහසිගතව තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 24 June 2024
සුළං විදුලි බලාගාර දෙකකට කොමිසමේ අනුමැතිය නෑ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරිකිරීමට නියමිත මෙගාවොට් 480 ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්රදානය කිරීමට අනුමැතිය දීම අත්හිටුවූ බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් අද (23) පැවසීය. 23 June 2024
මාර්ග අනතුරුවලින් හතක් මරුට: 15ක් රෝහල්වලට පොසොන් දින පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස් තවත් 15දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 23 June 2024
හංසමාලිගේ වත්කම් ගැන විමර්ශන අරඹයි පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ. 21 June 2024
තෙල් සංස්ථාවට කළ පාඩුව වහන්න තෙල් ලීටරයකින් රුපියල් 7ක බද්දක් පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුවීමෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත. 21 June 2024
අනුරාධපුර තරුණයාගේ ජින්වලට ඕස්ට්‍රේලියානුවෝ වහ වැටෙති ඩැනී පෙරේරා නම් විසින් හඳුන්වා දී ඇති ’නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’වලට ඕස්ට්‍රේලියානුවන් වහ වැටී ඇතැයි වාර්තා වේ. 20 June 2024
කෙහෙලිය මාස හතරකින් ගෙවල් කුලී ගෙවා නෑ මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි . 19 June 2024
ත්‍රි‘මලේ සිසුවියන් හැත්තෑවකගේ ප්‍රතිඵල අත්හිටුවලා ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගය පෙනී සිටි සිසුවියන් හැත්තෑවකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පවසයි. 19 June 2024
මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි. 18 June 2024
පොලයක් හිසට වැටී සිඟිතිය අවසන් ගමනේ ගලහා දෙල්තොට ප්‍රදේශයේදී පියාගේ ඇකයේ සිටි මාස 11 ක් වු දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා මියගොස් ඇතැයි ගලහා පොලිසිය පවසයි. 17 June 2024
බිරිය සමඟ ඩාන්ස් කළැයි ගෙල කපා මරලා ඇඟලුම් ආයතනයක සේවය කරන තරුණියක එම ආයතනයේම තවත් තරුණයකු සමග සංගීත ප්‍රසංගයකදී නර්තනයක යෙදුණේ යැයි කියන සිද්ධියකට උරණ වූ තරුණියගේ සැමියාගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ තරුණයා මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි. 16 June 2024
ටිකිරි මැණිකේ වටගොඩ පාලම උඩ පීලි පනී කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1023 ටිකිරිමැණිකේ සීග්‍රගාමි දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ වටගොඩ පාලම උඩදී පීලිපැනීමට ලක් වීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (16)කොළඹ කොටුව හැටන් සහ බදුල්ල නානුඔය දක්වා සිමා කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 16 June 2024
කුලි නිවෙස් හිමියන්ටත් බද්දක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. 15 June 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026