IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


රන් මාලය උකස් තියා සිසුවියන්ට ක්‍රිකට් ඉගැන්නූ ඇදුරු සමන් මඬලකන්ද

කණ්ඩායමේ නායිකා සිත්මි සත්‍යානි පුහුණුකරු සමග

 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපමණය. ඒ සඳහා ඔවුන් කළ කැපකිරීම් ප්‍රමාණයද අති විශාලය. එලෙස පැමිණි ගමන් මගෙන් ජාත්‍යන්තර තලයට සේන්දු වූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇත්තේ එතරම් සුන්දර ඉතිහාසයක් නොවේ. කටුක අත්දැකීම් සහ දුෂ්කර මාවත් මතින් ලද ශක්තියෙන් ක්‍රිකට් වීරයන්ගේ පමණක් නොව වීරවරියන්ගේද අඩිපාරේ යෑමට සිහින දකින කුඩා දරුවෝ මෙරට සෑම පළාතකම සිටිති. සමහරෙක් පාසල් මට්ටමේ සිටම ක්‍රීඩාවට පිවිසීමට වාසනාවන්ත වුවද, ඇතැම් දුෂ්කර පළාත්වල දරුවන්ට ක්‍රීඩාව පිළිබඳ ඇත්තේ සිහිනයක් පමණි. 


කුමන මට්ටමකින් ක්‍රීඩාවට අවතීර්ණ වුවද, දිගින් දිගටම ක්‍රීඩාවේ නිරත වීමේදී ක්‍රීඩකයන්ට මෙන් නොව ක්‍රීඩිකාවන්ට සිතනවාටත් වඩා වැඩි අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන සතියක් ගතවීමටත් මත්තෙන් ජාතික තලය ජය ගැනීමට වෙර දරන තවත් නව යෞවනියන් පිරිසක් පිළිබඳව කතා පුවතක් අපට අසන්නට ලැබුණේ හොරණ ප්‍රදේශයෙනි. 


එම නව යෞවනියන්ගේ සිහින සැබෑ කිරීමට හෙවණැල්ලක් මෙන් නැගී සිටි අපේ කාලයේ දිසාපාමොක් ඇදුරුතුමෙකු පිළිබඳව මෙම කතා පුවතෙන් කියැවේ. අප කතා නායකයා තමා සේවය කරන පාසලේ දියණියන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ මිලදී ගන්නේ තම ගෙළේ තිබූ රන් මාලය උකස් තබමිනි. එලෙස ලබාගන්නා මුදලින් ආරම්භ කරන ක්‍රිකට් කණ්ඩායම මාස 8ක් වැනි කෙටි කාලයක් තුළ දෙවැනි කොටසේ බාලිකා අර්ධ අවසන් පූර්ව වටය දක්වාම ගෙන ඒමට ඔහු සමත්කම් දක්වන්නේ සියලු දෙනා මවිත කරමිනි.  


ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කෙදිනක හෝ බලාපොරොත්තුවක්වත් නොතිබූ හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ දැරියන්ට එය යථාර්ථයක් බවට පත්කිරීමට පෙරමුණ ගත් ඔහු එම පාසලේ චිත්‍ර සහ මාධ්‍ය අධ්‍යයන ආචාර්ය සමන් මඬලකන්ද මහතාය. ඔහු ලලිත කලාවේදී උපාධිධාරියකු මෙන්ම සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යයනය පශ්චාත් උපාධිධාරියකු ද වේ. චිත්‍ර සහ මාධ්‍ය අධ්‍යයනය ගුරුවරයකු ලෙස ඉකුත් වසරේදී (2022) හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයට පැමිණෙන්නේ එම විදුහලේ වත්මන් විදුහල්පති අරුණ ඉන්ද්‍රජිත් අතුකෝරළ මහතාගේ ආරාධනයක් පිළිගෙනය. 


ලංකා ගුරු සංගමයේ කළුතර දිස්ත්‍රික් සභාපතිවරයා ලෙසද කටයුතු කරන සමන් මහතා, ගෝල්ෆේස් අරගලයේ සක්‍රීය සාමාජිකයකු වූ අතර ඔහුට මේධංකර මහා විදුහලේ විදුහල්පති අතුකෝරළ මහතා මුණගැසී ඇත්තේද අරගල භූමියේදීමය. අතුකෝරළ මහතාගේ ආරාධනය ලැබෙන විට සමන් මහතා සේවය කරමින් සිටියේ ඌරුගල ශ්‍රී ධර්මාලෝක විදුහලේය. අරගල භූමියේදී හමුවූ සහෘදයාගේ ආරාධනය පිළිගෙන තම නිවසට කිලෝමීටර් 2ක පමණ දුරකින් පිහිටි ඌරුගල ශ්‍රී ධර්මාලෝක විදුහලට සමු දී කිලෝමීටර් 13ක් පමණ දුරකින් පිහිටි හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයට පැමිණීමට සමන් මහතා තීරණය කරන්නේ බලාපොරොත්තු රැසක් හිතේ රඳවාගෙනය. 


පළමු මට්ටමේ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසද සුදුසුකම් ලබා සිටීම හේතුවෙන් මේධංකර මහා විද්‍යාලයට පැමිණීමෙන් පසුව සමන් මහතාට විදුහල්පතිවරයාගෙන් පැවරුණු පළමු රාජකාරිය වූයේ විදුහලේ බාලිකා ක්‍රිකට් කණ්ඩායමක් ආරම්භ කිරීමය. පානදුර ශාන්ත අන්තෝනි විදුහල් බාලිකා ක්‍රිකට් කණ්ඩායමේ නිර්මාතෘවරයාද වන සමන් මහතා, යළිත් වරක් එවැනිම ආකාරයක අභියෝගයකට මුහුණදීමට දෙවරක් නොසිතුවේය. 


එහෙත් එවැනි කර්තව්‍යයක් වෙනුවෙන් යෙදවීමට අවශ්‍ය මුදල් පාසල සතුව නොතිබිණි. හිතනවාට වඩා දුෂ්කර මුල්‍යමය අභියෝග රැසකට මුහුණ දී සිටි එම මොහොතේ සමන් මහතා දෙවරක් නොසිතාම ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට තම ගෙළේ තිබූ රන් මාලය උකස් තැබීමට තීරණය කළේය. පවුමකුත් මංචාඩි දෙකක රන් මාලය රුපියල් 56,000කට උකස් තබා එම මුදලින් යම් භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගෙන කණ්ඩායම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දැමීමට ඔහු පියවර ගත්තේය. 
විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ ‘මහපොළ’ ඉතිරි කරගෙන හදාගත් එම මාලය දරුවන් වෙනුවෙන් කැප කරන්නට ඔහු පසුබට නොවීය.


ඉකුත් වසරේ පෙබරවාරි මස 12 වැනිදා කණ්ඩායම ආරම්භ කිරීම වෙනුවෙන් කැඳවූ රැස්වීමට බලාපොරොත්තු නොවූ අයුරින් පාසල් සිසුවියන් තිස්දෙනකු පමණ සහභාගි වීම තුළින් සමන් මහතා තවත් දිරිගැන්විණි. එහිදී කණ්ඩායම් භාර නිලධාරිනිය සහ කළමනාකාරිනිය ලෙස විදුහලේ ආචාරිනී බුද්ධිනී වීරකෝන් මහත්මියත්, ශාරීරික අභ්‍යාසකවරයා ලෙස විදුහලේ ක්‍රීඩා භාර ආචාර්ය දිලංක ලක්ෂාන් මහතාත් සමන් මහතාට සහාය දැක්වීම සඳහා ඉදිරිපත් වූහ. 


එතැනින් ආරම්භ වූ මේධංකර මහා විදුහල් බාලිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය මාසයක් පුරා පානදුර වෙරළ උද්‍යානයේදී පැවැත්විණි. එහිදී සිසුවියන්ට ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව ගොඩනගා දීම කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරමින්, ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉස්මතු කරගැනීම සඳහා සමන් මහතා ගත් කැපවීම සතුටුදායක තත්ත්වයට පත්වීමට ගතවූයේ ඉතාමත් කෙටි කලකි. එහිදී තමා ඇතුළු කණ්ඩායම් කළමනාකාරීත්වය සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වූ අරමුණු පිළිබඳව සමන් මහතා අප සමග මෙලෙස අදහස් දැක්වීය. 


“ඇත්තම කිව්වොත් ඒ ළමයි ලෙදර් බෝලයක් අතින්වත් අල්ලලා තිබුණෙ නෑ. ඉතින් අපිට අවශ්‍ය වුණා එක පාරටම පිට්ටනියට දාලා ක්‍රීඩා කරවන්න කලින්, ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව ගොඩනගලා දෙන්න. ඒකට සුදුසුම තැන පානදුර වෙරළ උද්‍යානය කියලා අපි හිතුවා. එතනදි අපේ විදුහලේ ක්‍රීඩා භාර ආචාර්යතුමා ශාරීරික අභ්‍යාසකවරයා විදියට ලොකු වැඩ කොටසක් ඉටු කළා. කණ්ඩායම් භාර නිලධාරිනියත් හැමදාම පුහුණුවීම් අවසන් වෙනකන්ම අප සමග රැඳී සිටියා. 


ඊට පස්සෙ අපි සැහැල්ලු පන්දුවලින් පුහුණුවීම් ආරම්භ කළා. අපේ ළමයි මුලින්ම තරගයකට ක්‍රීඩා කළේ පානදුර සුමංගල බාලිකා විදුහලට එරෙහිව. ඔවුන්ට එරෙහිව සැහැල්ලු පන්දු තරග 2ක් ක්‍රීඩා කරලා ඒ තරග දෙකම ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වුණා. ඊටත් පස්සෙ තමයි අපි ලෙදර් බෝලෙන් පුහුණුවීම් කරන්න පටන් ගත්තේ.” යැයි තමා ඇතුළු කණ්ඩායම පැමිණි ගමන් මඟ පිළිබඳව සමන් මහතා කියා සිටියේය. 


එලෙස ඇරඹූ ගමන් මඟේ සුවිශේෂී කඩඉම් ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් දෙවැනි කොටස යටතේ ක්‍රීඩා කරන බාලිකා කණ්ඩායම් සියල්ල පරාජය කිරීමට මේධංකර මහා විද්‍යාලය සමත් වීම හැඳින්විය හැකිය. පෙරහුරු තරගවලදී දොඹගොඩ සීලරතන මහා විදුහල දෙවරක්ද, පානදුර ශාන්ත අන්තෝනි විදුහල දෙවරක්ද, කළුතර තිස්ස මධ්‍ය මහා විදුහල එක්වරක්ද පරාජය කිරීමට මේධංකර මහා විදුහල් ක්‍රීඩිකාවන්ට හැකි විය. 


එපමණක් නොව කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු කොටස යටතේ ක්‍රීඩා කරන එකම බාලිකා කණ්ඩායම වන වාද්දුව මැදි විදුහලටද ඉතා හොඳ තරගයක් ලබාදීමට මේධංකර මහා විද්‍යාලය සමත් විය. ශ්‍රී ලංකාව තුළ දැනට පාසල් 76ක් බාලිකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිතර වන අතර ඉන් කණ්ඩායම් 6ක් පළමු කොටස යටතේද, සෙසු කණ්ඩායම් 70 දෙවැනි කොටස යටතේද තරග වදිති. 


“කණ්ඩායම ආරම්භ කරලා මාස 8කට පමණ පස්සෙ තමයි පළමු වරට අපි අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියට සහභාගි වුණේ. මූලික වටයේදී කණ්ඩායම් 3ක් පරාජය කරලා නියෝජනය කරපු කාණ්ඩයේ දෙවැනියා විදියට දෙවැනි වටයට එන්න අපිට හැකියාව ලැබුණා. දෙවැනි වටයේදී ලුණුගම්වෙහෙර සමන්පුර මහ විද්‍යාලය පරාජය කළත්, අර්ධ අවසන් පූර්ව වටයේදී තෝලංගමුව මධ්‍ය විද්‍යාලය හමුවේ පරාජය වීම නිසා අපිට ඉතා අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා. 


ඒ කොහොම වුණත් තරගාවලියේදී දක්වපු දක්ෂතාවලට අනුව හොඳම පිතිකාරිනියන් 10 දෙනා සහ හොඳම පන්දු යවන්නියන් 10 දෙනා අතරට ඇතුළත් වෙන්න අපේ මේධංකර මහා විදුහල් කණ්ඩායමේ නායිකා සිත්මි සත්‍යානි දියණියට හැකියාව ලැබුණා. ඇයට අමතරව ටෙක්ලා කුමුදුනී දියණියටත් තරගාවලියේ හොඳම පිතිකාරිනියන් 10 දෙනා අතර ස්ථානයක් හිමිවුණා. ඒ වගේම ඔවුන් දෙදෙනාද සමග යසංගි අයෝධ්‍යා, රනුකි පෙතාරා, නෙත්මා සංදීපනී සහ මෙත්මි යසංසා යන ක්‍රීඩිකාවන්ටත් කළුතර දිස්ත්‍රික් බාලිකා සංචිතයට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවුණා.

 


ඒ විතරක් නෙමේ, ඔවුන් අතරින් මේධංකර මහ විදුහල් කණ්ඩායමේ කඩුලු රකින්නිය ලෙස කටයුතු කළ නෙත්මා සංදීපනී දියණියට වයස 23න් පහළ කළුතර දිස්ත්‍රික් බාලිකා කණ්ඩායම නියෝජනය කරන්නත් අවස්ථාව උදා වුණා. මෙතරම් කෙටි කාලයක් තුළ කණ්ඩායමක් වශයෙන් වගේම ක්‍රීඩිකාවන් වශයෙනුත් ඔවුන් ලබා ඇති දියුණුව, ජාතික මට්ටමේ පුහුණුකරුවන්ගේ සහ විනිසුරුවන්ගේ පැසසුමට ලක්වුණා. දක්ෂතා ඇගයීමට ලක්කරමින් මේ වනවිට පුහුණුවීම් සඳහා මේධංකර මහා විදුහලට පැති විකට්ටුවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබෙනවා. 


මේ දක්වා පැමිණි ගමනේදී විවිධ අයුරින් සහාය දැක්වූ පුද්ගලයන්ට ස්තුතිය පුද කර සිටිමින් සමන් මහතා කියා සිටියේ ඔවුන්ගේ දායකත්වය සහ අනුග්‍රහයන් නොමැති වූවා නම් තමා ඇතුළු කණ්ඩායමට මෙතරම් දුරක් පැමිණීමට හැකියාවක් නොලැබෙන බවය. එබැවින් කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ, නිල ඇඳුම් සහ ක්‍රීඩා පාවහන් මිලදී ගැනීම සඳහා අනුග්‍රහය දැක්වූ නෙදර්ලන්තයේ පදිංචි ලසන්ත නවරත්න මහතාට, එංගලන්තයේ පදිංචි අමිල ගිහාන් ගොඩිගමුව මහතාට සහ පාසලේ 94 ආදි ශිෂ්‍ය කණ්ඩායමට සිය ස්තුතිය පුදකර සිටීමට ද සමන් මහතා අමතක නොකළේය. 

 

■ ශානුක අරවින්ද

 



අදහස් (0)

රන් මාලය උකස් තියා සිසුවියන්ට ක්‍රිකට් ඉගැන්නූ ඇදුරු සමන් මඬලකන්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

බෙරගල කන්දේ වැඩසිටින රහතන් වහන්සේලා
2025 මැයි මස 08 20 0

ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.


ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි
2025 මැයි මස 08 12 0

ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත


සූර්යවංශි, ක්‍රිකට් වංශකතාවේ යෝධයෙක් වෙයිද
2025 මැයි මස 08 17 0

මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ


වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට කෙරෙන බලපෑම
2025 මැයි මස 08 18 0

මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය


සඳු කේන්දරයේ පිහිටන ආකාරය අනුව ඔබේ අනාගතය ගැන කියවෙන රහස්
2025 මැයි මස 08 7 0

කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම


රජෝදර්ශන කාලයේදී ස්නානය සුදුසු ද
2025 මැයි මස 08 16 0

ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1252 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site