IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


තුන්කල් සැරි සැරූ ලේඛකයා


මෙරට කෘතහස්ත ලේඛකයන් පවා කෙළින්ම අත නොගැසූ ඉසව් කරා තම නිර්මාණාත්මක පරිකල්පන රටාව මෙහෙයවමින් සහෘදයන් කුල්මත් කළ ලේඛක පරපුරක මුදුන් මුල ලෙස කේ. ජයතිලකයන් හඳුන්වා දිය හැක.

පැරණි ග්‍රන්ථ ඇසුරෙන් ලත් ආභාසයත් ,තම ජීවන අත්දැකීමුත් කැටි කරගත් නව අර්ථවත් ලේඛන රටාවක් හඳුන්වා දීමට ඔහු සමත් වූ බව විචාරරකයෝ  පවසති.

1920 ජුනි 27 වැනිදා ගම්පහ සියනෑ කෝරළේ ගඟබඩ පත්තුවේ රදාවන කන්නිමහර සුන්දර ගම්මානයේ දී උපත ලද කළුආරච්චි ගමගේ ජයතිලකයන් ඉගෙනුම ලැබුවේ මහගමසේකරයන් ශිල්ප හැදෑරු ගම්පහ රදාවන විදු පියසෙනි.. 

ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් සාහිත්‍ය සූරි උපාධියෙන් පිදුම් ලැබූ ඔහු කුඩා වියේ සිටම පරිවර්තන සාහිත්‍යයට ඇලුම්කම්  කළේය.. සෝමා අමරසිංහ නැමැති අන්වර්ථ නාමයෙන් ශේක්ෂ්පියර්ගේ මැක්බත් නාට්‍යය හෙළ බසට පෙරලූ ඔහු, 1953 දී ඩබ්.ඒ. සිල්වා සූරීන්ගේ දෛවයෝගය නවකතාව විචාරණය කළේ තම නමින්මය.. 

කේ. ජයතිලකයන්ගේ මුල්ම නවකතාව පරාජිතයෝය.. මුල්ම කෙටි කතාව පුනරුප්පත්තියයි. පරාජිතයෝ ජනගත වූයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඩේලි නිවුස් පත්‍රයට කළ විචාරයක් නිසාය.. 

ජයතිලකයන් එක්තරා සම්ප්‍රදායකට හෝ ගුරු කුලයකට කොටු වූවකු නොවේ. .ඔහු විවිධ මාදිලියේ ග්‍රන්ථ අසූවක් පමණ දැයට දායා ද කළේය... නවකතා 19ක්, ළමා කතා 20ක්, විමර්ශන ග්‍රන්ථ 13ක්, සාහිත්‍ය විචාර 10ක්, විභාග නිර්දේශ කෘති 06ක්, කෙටි කතා 08ක් හා නාට්‍ය කෘති 01ක් වශයෙනි. 

මෙම නවකතා අතරින් චරිත තුනක් ,පුංචිරාල සහ පුංචි රාලගේ මරණය යන කෘති තුන ඉක්මනින් ජනගත වූ අතර , දෘශ්‍ය මාධ්‍යයට ද ඒවා එක්කර ගැනිණ. අධිෂ්ඨාන, පිතා ,මහ අර්ධ වැනි නවකතා විචාරක පැසසුමට හා විමසුමට ලක්විණ .. 

සමාජ ප්‍රගතිය හා සාහිත්‍ය , නූතන සිංහල නවකතාවේ සංස්කෘතික පසුබිම , සාහිත්‍ය නිර්මාණයේ මුල්පොත, ජාතක කතා සාහිත්‍ය හා වෙස්සන්තර වැනි විචාර ග්‍රන්ථ සාහිත්‍ය ලෝකයේ ආන්දෝලාත්මක කෘතීන් වූහ.

පුංචි වලාකුළු සහ පුංචි පුතා , ඉරුණු බළලා , ඩුං ඩුං ඩුඩුං ඩුං, ,කතන්දර පොත, ප්‍රබෝධගේ අමුතු කතා හා මිහිබට පරපුර වැනි සරල සුන්දර අරුත්බර කතා ලියුවේ ද මේ මහා ප්‍රඥයාමය. 

ජයතිලකයන් පැරණි සාහිත්‍ය ග්‍රන්ථ දෙස නව විමසුම් ඇසකින් බලමින් නව විචාරක ශෛලියක් බිහි කළේය..එසේම පුරාවිද්‍යා මහැදුරන් ප්‍රචලිත කරන ලද ඇතැම් මතිමතාන්තරවලට අභියෝග කළේය.. සීගිරි ගී නිර්මාණ, විමංසන සහිත වූ මයුර සංදේශ ය ,තිසර සංදේශය ,කව් සිළුමිණ සහ සිදත් සඟරාව ද ඒ අතර විය.. 

පැරණි කතාකරුවන් තම කෘතිවල පළකළ ඇතැම් අදහස් මෙන්ම හොඳ හා නරක චරිත හැසිරීම් පිළිබඳ තුලනාත්මක බුද්ධිය මෙහෙයවා සංස්කරණවාදීව කටයුතු කළ අවස්ථාව ද වෙයි. යළි යළි එකම වරදින් යුත් පොත් එලෙසම ජනගත කිරීම වැරදි බව පෙන්වා දීමට තරම් ඔහු එඩිතර විය. 

වජිර පබ්බත කෙටි කතාවේ කතානායකයාට බිරිඳ පොල්ලකින් ගසා මරා දැමීමට සැලසුම් කළ පුවත පොතෙන් ඉවත් කිරීම ඊට උදාහරණයකි.. එය සමාජයට වැරදි පූර්වාදර්ශයක් වනු ඇතැයි සලකන බව ජයතිලකයන් පවසා ඇත.. 

සාහිත්‍ය සම්මානයෙන් ජයතිලකයෝ පස් වතාවක් පිදුම් ලැබූහ. .කෙමෙන් කෙමෙන් ලේඛන කලාවේ ඉහළටම නැගුණද ,ගැමිකම ඔහු අත් නොහළේය.. ගමේ සංකේතාත්මක ගුණාංග තම සෑම කෘතියකටම එක්කර ගැනීමට අමතක  නොකළේය . චරිත තුනක් නවකතාවේ එන මෝරා වැඩෙන මොටෙයියන් වැනි ගැමි දරුවෝ ,ගැබ්බර ගොයම, හත්මාළුව වැනි යෙදුම් ඊට උදාහරණය. 

හරසුන් ආත්මාර්ථකාමී පටු දේශපාලනය තුළින් සමාජයට සිදුව ඇති විනාශය පෙන්වා දීමට තරම් ජයතිලකයෝ එදා එඩිතර වූහ. .රාජපක්ෂ වලව්ව නවකතාවෙන් පරිහානිය කරා පිය නගන ධනපති පෙළැන්තිය නිරූපණය වෙයි. දිනක යස ඉසුරු බලතල අනුක්‍රමයෙන් නිර්මාණය වෙන අලුත් පාර දිගේ  නික්ම යනු ඇති බවට වන අනාගත වාක්‍යයක් ද එහි වේ. .

නව ලේඛකයන්ට ඔහු සිය සාහිත්‍ය නිර්මාණ මුල්පොත තුළින් අපූරු පණිවුඩයක් ගෙන එයි. 

පර්වත මුදුනට පියගැට පෙළක් තනන්නා එහි මුදුනම ඉලක්ක කරගෙන සෘජුව හෝ වක්‍රව පඩි පෙළ තනයි. එලෙසම ලේඛකයා ද තම  අරමුණු ඉලක්ක කරගෙන අත්දැකීම් පෙළ ගැස්විය යුතුය. 

1956 දී පේරාදෙණිය විශ්වවිද්‍යාල ගුරුකුළයේ මූලිකත්වයෙන් ඇති වූ සාහිත්‍ය  ප්‍රබෝධයේ නියමුවා වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට නව මතවාදීන් පිරිසක් විසින් කොළඹ දී කළ පහර දීම ජයතිලකයෝ හෙළා දුටුවේය.. 80 දශකයේ රටේ ඇති වෙමින් පැවති එවැනි සමාජ පිරිහීම් පිටුපස පටු දේශපාලනික පරමාර්ථ ඇති බව විද්වතුහු ද පැවසූහ... 

ලංකාව ගණිකා වෘත්තිය තුළින් තවම සිංගප්පූරුව තරම් පිරිහී නැත... එහෙත් නූතන වෙළෙඳ හා විද්‍යාත්මක සොයා ගැනීම් නිසාත් ,අතීත දායා ද දුඹුලු ගැසීගෙන එන වාතාවරණයක එම තත්ත්වයට අපේ රට එන දිනය ඈතක නොවේ. 

අධිෂ්ඨාන නවකතාව

සරච්චන්ද්‍රයන්ට කළ පහර දීම සමාජ පරිහානියේ ආරම්භයක් ලෙස ඔහු හඳුන්වයි. 

පිටතින් ශක්තිමත් සේ පෙනෙන 

බොහෝ දේ 

ඇතුළතින් පුපුරා යයි

විනාශ වෙයි

පේරාදෙනිය ගුරුකුළය

සෝවියට් දේශය

ඊළඟට ඇමරිකා එක්සත් ජනපදය

(අන්තපුර – 60 පිටුව)

1960දී මහගමසේකරයන් සමඟ ජයතිලකයෝ ‘‘ව්‍යංග’’ කෘතිය එළි දැක්වීය.  .එහිදී ඔහුගේ නිර්මාණ ‘පද්‍ය’ ගණයට නොවැටෙන ‘කුඩා වාක්‍ය කණ්ඩ’ ලෙස හැඳින් වූ නමුත් ,ඒවා ගද්‍ය නොවන බවත්, ‘‘ගද්‍ය කාව්‍ය’’ ලෙස හැඳින්වීමට තමන් අකමැති නැති බවත් ,ජයතිලකයන් දන්වා තිබේ. කුඩා වැකියකින් වුවද ගැඹුරු අරුතක් පැවසිය හැකි බවත් ඔහුගේ ‘‘කුදුගොත් රචනා’’ ‘‘අත්පසුර’’ ‘‘සංකල්ප හා නිර්මාණවල’’ පළමු කවි තුළින් පෙනී යයි. 

මිනිස්සු රට දැය සමය
වෙනුවෙන් දිවි නොපුදති
ඔවුහු එම සංකල්පය 
වෙනුවෙන් දිවි පුදති’’
හිරු නැග එයි
හිරු බැස යයි
හිරු නැග එන්නේ ද නැත
හිරු බැස යන්නේ ද නැත
එහෙත් එම සත්‍යය පැවසීමට
වචනයක් ඇත්තේ
කවර භාෂාවක ද 
ඒ නිසා අදත් හිරු නගියි
හිරු බසියි

කාලාම සූත්‍රය ඇසුරෙන් බුදු දහම හා සොබාදහම අතර  සම්බන්ධය  තක්සේරැ කළ ඔහු මැදුම් පිළිවෙතක් තුළින් ලෝකය දෙස බැලු මතධාරියෙකි. 

‘‘සියල්ල පහසුවෙන් තේරුම් ගත හැකි නම් එය විද්‍යාවක් මිස ආගමක් නොවේ’’ යයි ජයතිලකයෝ පවසති. 

සාහිත්‍ය ප්‍රවර්ධනය සඳහා විචාරය අත්‍යවශය නැත... ලොව පහළ වූ ලේඛකයන් රාමායණය, මහා භාරතය, ඉලියඩ්, ග්‍රීක නාට්‍ය හෝ හෙන්ජි කතා වැනි මහාර්ඝ පොත් ලිව්වේ විචාර මත අසා නොවේ. 


  • පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි

 



අදහස් (0)

තුන්කල් සැරි සැරූ ලේඛකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30508 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12520 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10903 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 241 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site