න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය කොට ලෝකයම අනතුරේ හෙළමින් එකිනෙකා අතර පවතින බලඅරගලය නිසා ඒවා කළමනාකරණය කිරීම සඳහා පොදු
එකඟතාවකට ඒමට නොහැකි ලෝකයක; පාරිසරික විනාශය ගැන හිස් වචන කතා කරමින් මුදල් සහ කාලය කා දමන ලෝකයක;
කෘත්‍රිම බුද්ධිය විසින් ලබාදෙන අභියෝග ජයග්‍රහණය කිරීමට අපට හැකිද?
කෘත්‍රිම බුද්ධියේ ක්‍රමික සහ වැළක්විය නොහැකි ආක්‍රමණයත් සමග මනුෂ්‍ය ශිෂ්ඨාචාරය පෙර නොවූ විරූ වෙනස්කම්වලට භාජනය වෙමින් තිබේ. සිදුවෙමින් පවතින වෙනස්වීම්වලට අනුව අප මේ ගත කරන්නේ සැබෑ මනුෂ්‍යාගේ අවසන් කාල පරිච්ඡේදය ද යන්න බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති ගැටලුවකි. තම ජාතික අවශ්‍යතා සපුරා ගැනීමට සහ බලය ව්‍යාප්ත කිරීම උදෙසා මහා රාජ්‍යයන් වලින් නිපදවන තාක්ෂණික මෙවලම් වැරදි කොණින් අල්ලා ගෙන ඒවායේ නිහඬ ගොදුරු බවට පත්වන බොහෝ දුප්පත් රටවල් මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද? මනුෂ්‍ය ශිෂ්ඨාචාරය සහ ඒ වටා බැඳුණු සියලුම දෑ වර්තමානයේ දී ප්‍රධාන අභියෝග තුනකට මුහුණ දෙමින් සිටින්නේය. මානව ශිෂ්ඨාචාරයේ අනාගත පැවැත්ම තීරණය වන්නේ අප එම අභියෝගවලට දක්වන ප්‍රතිචාර අනුවය.
පළමු සහ ප්‍රධාන අභියෝගය නම්, පාරිසරික ගැටලුවයි. අපට මෙම ගැටලුව ගැන අවබෝධයක් ඇත්තේය. ඉන් ඇතිවන අහිතකර ප්‍රතිවිපාක ගැනද ප්‍රායෝගික අවබෝධයක් අපට ඇත. ඒ ගැන ලෝකය පුරා විවිධ මට්ටමේ සංවාදද ක්‍රියාත්මක වේ. එහෙත් අපි ජාතික, කලාපීය සහ ගෝලීය වශයෙන් ගතයුතු පිරිවර ගැනීම මග හරිමින් සිටිති. පරිසර හිතකාමීන් හුදු විවේචකයන් බවට පත්වී ඇති අතර පාරිසරික නීතිරීති නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා බලය ඇති ආයතනවල සේවය කරන අය තම පටු අරමුණුවලට මූලික තැන ලබා දෙමින් අප්‍රසන්න ලෙස හැසිරෙති. එකිනෙකාට චෝදනා කිරීමේ පුරුද්ද හැරෙන්නට අවශ්‍ය සාධනීය පියවර ගැනීම සඳහා බොහෝ දෙනෙකු සිහිනෙන්වත් නොසිතති.
දෙවැනි අභියෝගය වන්නේ න්‍යෂ්ඨික අවිආයුධ වලින් ඇතිවිය හැකි මහාද්වීපික ව්‍යවසනයයි. මෙය සුළුවෙන් තැකිය නොහැකිය.
යමකිසි රටක් විසින් නඩත්තු කරන න්‍යෂ්ඨික අවි එම රට තුළ හෝ එම රටට පරිභාහිරින් ක්‍රියාත්මක වන සතුරු බලවේගයක ග්‍රහණයට නතුවුවහොත් සිදුවිය හැකි විනාශය ඉතාම බරපතළය. කියුබානු මිසයිල අර්බුදය සහ ඉරාණය නඩත්තු කරනු ලැබූ න්‍යෂ්ඨික බලාගාරයක් ඊශ්‍රායලය විසින් හැක් කිරීම මෑත කාලයේ මෙහි ඇති අවදානම තේරුම් ගැනීම සඳහා අපට ලබාදුන් සිදුවීම් දෙකකි. එමෙන්ම න්‍යෂ්ටික අවි සතු පරම සතුරන් දෙදෙනකු වන පකිස්තානය සහ ඉන්දියාව, මෙම කලාපයේ අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානවල හැසිරීම් මෙහි ඇති අවදානම දකුණු ආසියානුවන්ට තේරුම්ගත හැකි සිදුවීම්ය.
න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුම 1970 සිට ක්‍රියාත්මක වුවත් එහි මූලික අභිලාෂයන් තවමත් මුදුන් පමුණුවාගෙන නැත. දැනට ලෝකයේ න්‍යෂ්ටික අවි ඇතැයි නිල වශයෙන් පිළිගෙන ඇති රටවල් ගණන 9කි. මෙම රාජ්‍යයන් විසින් න්‍යෂ්ටික අවි 12,700ක් පමණ නඩත්තු කරන අතර ඉන් 9,400ක් ක්‍රියාකාරී හමුදා කඳවුරුවල ස්ථානගත කොට තිබේ. මෙය සීතල යුද්ධයේ දී රාජ්‍යයන් සතු වූ 70,000 පමණ න්‍යෂ්ටික අවිවලට සාපේක්ෂව සැලකිය යුතු අඩුවීමක් වුවද රාජ්‍යයන් අතර ගැටුම් විවිධ ස්වරූපයෙන් සංකීරණ වෙමින් පවතින නිසා මෙහි ක්‍රමික වර්ධනයක් ඇතිවීමේ අවදානමක් තිබේ. මහජන පරිශීලනය සඳහා ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව නිව්යෝක් නගරය තුළ එක් න්‍යෂ්ඨික අවියක් පුපුරා ගියහොත් මිනිසුන් 583160 දෙනෙකු ක්‍ෂණිකව ජීවිතක්ෂයට පත්වන බව ඇස්තමේන්තු කොට ඇත. එනම් බිලියන අටකට වැඩි ප්‍රමාණයක් වන ලෝක ජනගහනය ඉතාම කෙටි කාලයක දී විනාශ කිරීමේ බලය න්‍යෂ්ඨික අවිවලට ඇත. අවාසනාව නම්, එක්සත් ජාතීන් විසින් සම්මත කරගනු ලැබූ 2021 සිට ක්‍රියාත්මක වන න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට න්‍යෂ්ඨික අවි හිමි රටවල් කිසිවක් තවමත් අත්සත් තබා නැත. මින් පෙනී යන්නේ මෙම අභියෝගය ද වගකිව යුතු පාර්ශ්වයන් නිවැරදිව අවබෝධ කරගෙන ඇති නමුත් එකිනෙකා අතර පවතින බල අරගලය නිසා විසඳුම් ප්‍රමාද වන කාරණයක් බවයි.
තෙවැනි අභියෝය නම් කෘතීම බුද්ධියේ සිදුවී ඇති නැවත ආපසු හැරවිය නොහැකි දියුණුවයි. මෙය අපි නිවැරදිව අවබෝධ කරගෙන නැති එහෙත් අවබෝධ කරගෙන ඇතැයි උප්කල්පනය කරන අභියෝගයකි.
මෙහි ඇති භයානකකම ඇත්තේද එතැනය. කෘතීම බුද්ධියේ වර්ධනය සහ එහි ඇති ප්‍රයෝජන ගැන බොහෝ දෙනෙකු කතාකරන නමුත් මෙහි සිදුවන ක්‍රමික වර්ධනය නිසා මනුෂ්‍යය ශිෂ්ඨාචාරයට සිදුවන අගතීන් ගැන කතා කිරීමට බොහෝ දෙනෙකු මැළිකමක් දක්වති. තවමත් පුද්ගල පාලනයෙන් මිදී නැති සමාජ මාධ්‍යය ජාල හෝ ඔබ නිරන්තරයෙන් භාවිතයට ගන්නා ගූගල් හෝ වෙනත් සමාගමක් විසින් හඳුන්වා දෙන මාර්ග සිතියම් වූ කලී කෘතීම බුද්ධියේ ප්‍රාථමික නිෂ්පාදනයන් වේ.
එසේම, යම් සේවකයෙකුගේ සේවය ගැන සොයා බැලීම සඳහා ඇඟිලි සලකුණු භාවිතය හෝ සුපරීක්ෂයෙකු තැබීම වෙනුවට හඳුන්වා දී ඇති විකල්ප රාශියක් පදනම් වී ඇත්තේ ද කෘතීම බුද්ධිය මතය. ඇක්ටිව්ට්‍රැක් තම සේවකයන් සමාජ මාධ්‍යවල කාලය නාස්ති කරන්නේ නම් කළමනාකරුවන්ට කියන්නේය. හබ්ස්ටාෆ් සෑම මිනිත්තු පහකට වරක් සේවකයන්ගේ පරිගණකවල ඡායාරූප ගන්නේය. ටයිම් ඩොක්ටර් හෝ ටෙරාමයින්ඩ් වැනි මෘදුකාංගයක් සේවකයා අන්තර්ජාලය හරහා සිදුකරන සෑම ක්‍රියාවක්ම නිරීක්ෂණය කරන්නේය. ඉන්ටර්ගාර්ඩ් විසින් සේවකයා විසින් සොයනු ලැබූ වෙබ් ඉතිහාසය ඇතුළු සෑම දත්තයක්ම සෑම මිනිත්තුවකදීම සලකා බලා සේවායෝජකයාට ලබා දෙන්නේය. යමෙක් තම සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නේ කවදාද සහ කොපමණ කාලයක් ද යන්න ඔකියුපයිඅයි විසින් වාර්තා කරන්නේය. මෙවැනි මෘදුකාංග දස දහස් ගණනක් විවිධ සමාගම් සහ තනි පුද්ගලයන් විසින් හඳුන්වා දී ඇත. මේ සියලුම දෑ යහපත් ප්‍රතිඵල ලබාදී ඇති අතර තවමත් සැබෑ මනුෂ්‍යකුගේ පාලනයෙන් මිදී නැත. මේවායෙහි ඇති යහත්පත් බව එයයි.
නමුත් 2023 වර්ෂය කෘතීම බුද්ධියේ සුවිශාල පෙරළියක් සටහන් කරමින් පුද්ගලයෙකුගේ පාලනයෙන් තොරව යන්ත්‍රයකට ක්‍රියාත්මක වීමට හැකි බව ඔප්පු කරමින් සිටින්නේය. යන්ත්‍රයක් විසින් අසනු ලබන ගැටලුවකට වෙනත් යන්ත්‍රයක් විසින් පිළිතුරු ලබා දීමට හැකි බව ඔප්පු කරමින් සිටින්නේය. හුස්මක් නොවැටෙන, විඥාණයක් නැති යන්ත්‍රයක් මිනිසාගේ මෙන්ම සමස්ත ශිෂ්ඨාචාරයේ සිතුම් පැතුම් පාලනය තම ග්‍රහණයට ගනිමින් සිටින්නේය. මේ දක්වා ජෛව පුද්ගලයෙකුට තිබූ භූමිකාව ක්‍රමිකව සහ නැවත හැරවිය නොහැකි පරිදි යන්ත්‍රයක් විසින් නතු කරගමින් සිටින්නේය. මෙය සීසර්ගේ රුබිකොන් නදිය තරණය කිරීම හා සමානය. ආපසු හැරීමක් නොමැත. ගැටලුව ඇත්තේ ගූගල් බර්ඩ්, චැට්ජීපීජි, මයික්‍රෝසොෆ්ට් බින් චැට්, ජස්පර්, චැට්සොනික්, යුචැට් වැනි නිෂ්පාදනයන් මත නොවන මේ සියලුම දෑ නියෝජනය කරන නව තාක්ෂණික සංසිද්ධිය මතය. එනම් පුද්ගලයාගේ පාලනයෙන් තොර කෘතීම බුද්ධිය එහි පාලකයා බවට පත්වෙමින් සිටින අතර එහි ප්‍රතිවිපාක ගැන අපට සිතා ගැනීමටවත් නොහැකිය. මෙය අප දැන සිටි මනුෂ්‍ය ශිෂ්චාරය උඩු යටිකුරු කිරීමකි. එසේම මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ සියලුම සංස්ථාවල දියවී යෑමකි. කොටින් කිවහොත් අප දැනසිටි මනුෂ්‍යාගේ අවසානයේ ආරම්භය සටහන් කිරීමකි.
වෙනදා ගුරුවරයෙකු වෙත යැවූ ඔබේ දරුවාගේ නව ගුරුවරයා බවට දත්ත බිලියන ගණනක් ඇති වඩාත් කාර්යක්ෂම රොබෝ කෙනෙකු පත්වන දිනය වැඩි ඈතක නොවේ. පෙරදා කලාකරුවෙකු විසින් ලියනු ලැබූ ගීතය හෝ සාහිත්‍යවේදියෙකු විසින් ලියා ප්‍රසිද්ධ කරනු ලැබූ නවකතාව රොබෝ කෙනෙකු ඊටත් වඩා හොඳට සහ සියුම් ලෙස රචනා කරනු ලබන මොහොත දැනටමත් සිදුවෙමින් තිබේ. යම් නෛතික ගිවිසුමක් සකස් කිරීම නීතිවේදීන්ට වඩා රොබෝ කෙනෙකු වඩාත් පහසුවෙන් සහ නිවැරදිව සිදුකරමින් තිබේ. අපගේ මූලික අනන්‍යතාව තීරණය කරනු ලැබූ බාසාවට තිබු බලය හැකිළෙමින් තිබේ. මේ ආකාරයට අප වටා බැඳී ඇති සියලුම දෑ කෘතීම බුද්ධිය විසින් තම අණසකට ගනිමින් සිටින්නේය. තාක්ෂණික මෙවලම් ඔස්සේ ලෝකය සමීප කරමින් අප විසින් සිහින දුටු යූටෝපියාව වෙනුවට අපහමුවේ නිර්මාණය වෙමින් පවතින්නේ යාන්ත්‍රික සතුට මත පදනම් වූ ඩිස්ටෝපියාවකි.
න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය කොට ලෝකයම අනතුරේ හෙළමින් එකිනෙකා අතර පවතින බලඅරගලය නිසා ඒවා කළමනාකරණය කිරීම සඳහා පොදු එකඟතාවකට ඒමට නොහැකි ලෝකයක; පාරිසරික විනාශය ගැන හිස් වචන කතා කරමින් මුදල් සහ කාලය කා දමන ලෝකයක; කෘතීම බුද්ධිය විසින් ලබාදෙන අභියෝග ජයග්‍රහණය කිරීමට අපට හැකිද? මෙහි ප්‍රතිවිපාකයන් ලෙස විශාල වශයෙන් රැකියා අහිමි වීම හෝ ලොව ධනවතුන් සහ දුපත්තුන් අතර ඇති පරතරය විශාල ලෙස වැඩිවීමෙන් අනපේක්ෂිත සමාජ කලකෝලාහල වෙතට සමාජය තල්ලු වීම පමණක් නොව මනුෂත්වය ලෙස අප දැන සිටි භෞතික සීමාවන් සියල්ලම අභියෝගයට ලක්වේ. ඒ සඳහා නව නීති සකස් කිරීම, නව නියාමන හඳුන්වා දීම, මානම හිමිකම් වෙනුවට රොබෝ හිමකම් හඳුන්වා දීම ආදිය කෙතරම් දුරට සාර්ථක වන්නේ ද යන්න සැක සහිතය. ජර්මානු ජාතික දාර්ශනිකයෙකු වන ෆ්‍රෙඩ්රික් නීට්ෂේ දෙවියන්ගේ මරණය ගැන කිව්වේය. ඒ 1882 දීය. 2023 දී කෘතීම බුද්ධිය හෝමෝ සේපියන් සේපියන් ලෙස නිර්වචනය කරනු ලැබූ ජෛවීය සත්වයාගේ අවසානය මෙන්ම ඔහුගේ බුද්ධියේ සීමාව නිර්ණය කරමින් සිටින්නේය. එසේනම් මෙය මිනිසාගේ අවසානය නොවේද?
■ නිලන්ත ඉලංගමුව
ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.
ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත
මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ
මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය
කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම
ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෘතීම බුද්ධිය (AI ) මිනිසාගේ අවසානය තීරණය කරයිද ?