(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය.
සෙබළුන් හමුවට ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සෙබළුන් විසින් අඳින ලද සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය.
තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය.
අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිහිඳු සෙත් මැදුර - සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත්තේය. සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
යළි කිසිදාක උතුරේ දකුණේ යුද්ධ නෑ
ගුණරත්න Monday, 19 May 2025 01:48 PM
මිනිස්සු බනින්න ගත්තාම බිසී නැති වෙනවා, කාලසටහනේ ඉඩ මැවෙනවා, තීරණ වෙනස් වෙනවා, කොයි ලොක්කත් දෙකට නැවෙනවා...
බණ්ඩාර රත්නායක Monday, 19 May 2025 02:41 PM
මොනවද දොඩවන්නේ ගුලි කාලාද? ජනාධිපතිතුමාට මිනිස්සු බනිනවා නෙමෙයි ඒ. ආබාධිත රණවිරුවෝ බලන්න ගිහින් පිළිසඳර කතා ඒ...
යෝගා Monday, 19 May 2025 02:41 PM
ඔව් මෙයා කොටි ඩයස්‌පෝරාවට පොරොන්දු වෙන්න ඇති යුද්ධයකින් තොරවම උතුරට පෙඩරල් දෙන්න. මෙයාට අනුව නම් අතපය අහිමිව ඉන්නේ නිකම්ම නිකන් සෙබලු. රණ විරුවන් නෙමෙයි.
කුකුල් චමින්ද Monday, 19 May 2025 03:20 PM
යෝගා බයියට මතක නැතිව ඇති, යෝගා බයිය කඩේ යන ෆෙරාරි සීයා අගමැති වෙලා ඉන්න කාලේ, යුද්ධයකින් තොරව උතුරු-නැගෙනහිර කොටින්ට සින්නක්කරවම ලියලා දෙන්න ලෑස්ති වුණා. චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවලා යන්තම් රට බේරාගත්තා.
Lalith Monday, 19 May 2025 04:05 PM
බලාගෙන ගියාම යුද වැදීමේ එකම සාධකය පචේ..