(සුජිත් හේවාජුලිගේ)
පාසලකින් ඩෙංගු තවානක් වාර්තා වුවහොත් ඊට අදාළ පාසලේ විදුහල්පතිවරයා වගකිවයුතු බවට නිකුත් කරන චක්‍රලේඛය සම්බන්ධයෙන් විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි.
මේ රජයේ නිලධාරින් බිලිදීමක් ලෙස සලකමින් ලබන 15 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට එම සංගමය තීරණය කර ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඩෙංගු චක්‍රලේඛයට විදුහල්පතිවරුන්ගෙන් රතු එළියක්
Pradeep Kumara Tuesday, 10 June 2025 01:23 PM
වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න කලින් පාසල් භූමිය පවිත්‍ර කරන්න ක්‍රියා මාර්ගයක් ගන්න. වෘත්තීය ක්‍රියාමාර්ග වලින් මදුරුවන් බෝ වීම පාලනය කරන්න බෑ...
saman Tuesday, 10 June 2025 01:25 PM
වගකීම් එපා අපට වැටුප් විතරක් දෙන්න.
Sriyal Tuesday, 10 June 2025 02:29 PM
කිසිම වගවීමක් නැති විදුහල්පතිවරුන්ට විරුද්ධ වීමට හැකියාව ඇත. සමහර පාසල්වල සිටින විදුහල්පතිවරුන් කිසිම වැඩකට නැත. ඔවුන් සිටින පාසල්වල සෑම දෙයක්ම පිරිහේ...
ජයනාත් Tuesday, 10 June 2025 02:33 PM
මේක අද ඊයේ දෙයක් නෙවෙයි. මීට කලිනුත් විදුහල්පතිලාට නඩු දාලා දඩත් ගහලා තියෙනවා. විදුහල්පති වගකීමක් තමයි පාසල් පරිශ්‍රය පිරිසිදුව තබා ගැනීම. ඒකට විවිධ දේ විදුහල්පතිට කරන්න පුළුවන්. කණගාටුයි කියන්න. දැන් විදුහල්පතිලා, ගුරුවරුන් වැඩි පිරිසක් ඉන්නවා මෙලෝ වැඩක් කරන්නේ නැති. පඩිය විතරයි හිතන්නේ. පාසල් පද්ධතිය බිඳ වැටෙමින් තියෙන්නේ මේ අය නිසා...
prasanga Tuesday, 10 June 2025 02:47 PM
මේ රට කිසිම දවසක හදන්න බෑ.. වෘත්තීය සමිති කියන ජාතියේ ඉන්නකන්.. තමන්ගේ ආයතනය වරදක් වුණාම ඒ වරදට ආයතන ප්‍රධානියා වගකියන් නැතුව අහල පහළ මිනිස්සු වගකියන්න ඕනෑද...?
Jagath Leanage Tuesday, 10 June 2025 04:02 PM
මේක මහ පුදුම වැඩක් නේ. ඉස්කොල පිරිසිදුව තියා ගැනීම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ රාජකාරියක්. ඒ ගොල්ල කියන්නේ අපිට ඒක කරන්න කියලාද?
සෙනෙවිරත්න Tuesday, 10 June 2025 04:21 PM
ඒවාට මේවාට මුදල් එකතු කරන්න සහ ඒවා වියදම් කිරීමට සහ තම අභිමතය යටතේ ළමුන් ඇතුළත් කිරීමට බලය පවරන චක්‍රලේඛයක් ගැහුවොත් ඒකටත් විරුද්ධ වෙනවාද?
සෙනෙවිරත්න Tuesday, 10 June 2025 04:23 PM
පාසලේ තීන්ත ගාන බිල් වල තින්ත බකට්වල ගහපු වටිනාකම බිල් වලට ඇතුළත් කර මුදල් ගැනීම ගැන දන්නවාද? පාසල් වලට තීන්ත ඩිස්කවුන්ට් නැතිද? ගම්වල වෙන්නේ එහෙමයි...