IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අපේ තීරු බදු අඩු කරන්න; හිටපු ඇමති ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්

(දිනේෂ් සමරකෝන්)

මෙරටින් ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම සියයට 20ක ප්‍රතිශතය 2026 ට පමණක් අදාළ වන ලෙස සියයට 12ක් දක්වා තාවකාලිකව අඩු කරන ලෙස ඉල්ලීමක් කරමින් නිදහස ජනතා සභාවේ නියෝජිත හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇත.

දිට්වා සුළි කුණාටුවත් සමග මෙරටට විශාල ආපදාවක් සිදු වූ බැවින් මෙරට දරුවන්ගේ අනාගතය පිළිබඳ පොදු ප්‍රමුඛ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව උදෙසා ගනු ලබන සුවිශේෂී සහනදායී පියවරක් ලෙස 2024 වසරේ පැවැති අගයට එලෙස තීරු බදු අඩු කරන ලෙස ඉල්ලීම කරතිබේ.

එම ඉල්ලීම ඉටු කරන්නේ නම් එහි වාර්ෂික මුල්‍ය වටිනාකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්) මෙරටට ලබා දෙනු ලබන ණය මුදලේ එක් වාරික අගයකටත් වඩා ඉහළ අගයක් ගන්නා බව ද එහි සඳහන් කර ඇත.

ඒ අනුව එම ඉලක්කගත සහනය මෙරට ආර්ථික ප්‍රතිසාධනයට විශාල බලයක් ලබා දී ප්‍රධාන අපනයන අංශවල සහාය වීම, යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපායන් ප්‍රතිස්ථාපනය කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා සැපයීම සවිබල කරනු ඇති බව එහි සඳහන් වේ

.



අදහස් (0)

අපේ තීරු බදු අඩු කරන්න; හිටපු ඇමති ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site