අජන්ත කුමාර අගලකඩ
කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ ඇති ආයතනවල වගකීම් ඒවායේ රාජ්‍ය ඇමතිවරුන්ට නොපැවරීමෙන්, රාජ්‍ය ඇමැතිවරුන් වැඩි දෙනකු කලකිරීමට පත්ව සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් ඇමතිවරුන්ට අමාත්‍යාංශ දෙක තුන මෙන්ම ආයතන දහය පහළොව තිබුණද, ඒවායෙන් සුළු ආයතනයක් හෝ දෙකක් හැරෙන්නට රාජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරා නැති බව වාර්තාවේ.
මේ හේතුවෙන් තමන්ට අමාත්‍යාංශවලට ගොස් නිකරුණේ රස්තියාදු වීමට සිදුව ඇති බව රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම සඳහන් කළහ.
අමාත්‍යාංශවල වගකීම් නොපැවරීම හේතුවෙන්, ඇතැම් කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර මත ගැටුම් ද නිර්මාණය වී ඇතැයි දැන ගන්නට තිබේ.
කැබිනට් ඇමතිවරු විසි දෙදෙනකු සිටින අතර, රාජ්‍ය ඇමතිවරු 38 දෙනෙක් සිටිති.
රාජ්‍ය ඇමතිවරුන් තිස් අට දෙනාගෙන් ඉතාම සුළු පිරිසකට හැරෙන්නට, අනෙක් පිරිසට අමාත්‍යාංශවල නිශ්චිත වගකීම් පවරා නැති බව දැනගන්නට ඇත. මෙම පිරිසෙන් 20 දෙනෙකු පමණ රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉවත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.
මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම
ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතරින් ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග 2024 දී සිදු කළ වෙළෙඳ ගනුදෙනු වලින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි. ඩොල
ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් ඉන්දිය රජයෙන් පමණක් නොව, පාකිස්ථාන රජයෙන් ද ඉල්ලා ඇත්තේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසය. ඇ
පළාත් පාලන ආයතනවල බහුතර බලය හිමි කර ගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තෝරා පත් කරන සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන දැනුම් දීමට
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රාජ්‍ය ඇමතිවරු කලකිරීමෙන් 20 ක් වැට උඩ