ප්‍රේමකීර්ති රණතුංග
ජාතික ජන බලවේගයට බහුතරය නොලැබුණු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ආණ්ඩුව සහ විපක්ෂය අතර බල පොරයට මැදිවී සිටින ස්වාධීනව තරග කර ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සභාවේ බලය පිහිටුවීම සඳහා පවත්වන ඡන්ද විමසීමේදී කිසිදු පාර්ශ්වයකට සහාය නොදී ස්වාධීනව සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
බහුතර බලය නොලැබුණු පළාත් පාලන ආයතනවල පළමු සභා වාරයේදී ඡන්ද විමසීමක් පවත්වා සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතය. කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන ගණනාවක ජුනි මස 2වැනිදා පළමු සභා වාරය පැවැත්වීමට නියමිතය. එහිදී සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් හෝ ඡන්ද විමසීමක් පවත්වා නිලධාරීන් පත්කර ගැනෙයි. එම ඡන්ද විමසීමේදී යම් මන්ත්‍රීවරුන් පිරිසක් නොපැමිණියහොත් පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් බහුතර සහාය ලබාගන්නා මන්ත්‍රීවරයා සභාපති හෝ නගරාධිපතිවරයා ලෙස පත්වේ. ඇතැම් ස්වාධීන මන්ත්‍රීවරුන් රජය සමග එකඟතාවෙන් එදින නොපැමිණීමට තීරණයකර ඇතැයි වාර්තා වේ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
බහුතරය පෙන්වද්දී ස්වාධීන මන්ත්‍රීවරු ස්වාධීන වීමේ තීරණයක