අජන්ත කුමාර අගලකඩ
අමාත්‍යාංශ ලේකම්වරුන් ද ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් ගණන් නොගන්නා බවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඉකුත්දා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇත.
ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්ම සංස්ථා සභාපතිවරුන් ද මැති ඇමැතිවරුන්ගේ දුරකතන ඇමතුමකට පවා පිළිතුරු නොදෙන බව පවසා ඇති නියෝජ්‍ය කතානායකවරයා ඔවුන් මැති ඇමතිවරුන්ගේ දුරකතන ඇමතුම්වලට නිසි ගෞරවයක් හෝ සැලකිල්ලක් නොදක්වන බවද සඳහන් කර ඇත.
මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය මහජනතාවගේ ගැටලුවලට විසඳුම් දෙන්නේ කෙසේද? යන්න සිතා ගත හැකි බව ද ඔහු සඳහන් කර ඇත.
මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ජනතා ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දෙන්නැයි එම නිලධාරීන්ට දැනුම් දෙන ලෙස ද නියෝජ්‍ය කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම
ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතරින් ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග 2024 දී සිදු කළ වෙළෙඳ ගනුදෙනු වලින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි. ඩොල
ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් ඉන්දිය රජයෙන් පමණක් නොව, පාකිස්ථාන රජයෙන් ද ඉල්ලා ඇත්තේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසය. ඇ
පළාත් පාලන ආයතනවල බහුතර බලය හිමි කර ගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තෝරා පත් කරන සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන දැනුම් දීමට
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිලධාරීන් අප ගණන් ගන්නෙ නෑ