උපුල් වික්‍රමසිංහ
විදේශ දූත මණ්ඩල සේවය සඳහා විදේශගත වූ කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලද නිල නිවාස වෙනුවෙන් තබන ලද ආරක්ෂිත තැන්පතුවලින් රුපියල් මිලියන 55.6 (රුපියල් 55,619,842) ක් වූ තැන්පතු 242 ක්ම භාවිත නොකරන ලද නිවාසවලට අදාළ වී තිබූ බවත්, එම මුදල් මේ දක්වා අය කර ගැනීමට කටයුතු කර නැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ 2022 වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.
එම මුදලින් රුපියල් මිලියන 12.3ක් (රුපියල් 12,296,875) අවුරුදු 20 ඉක්මවා ඇති බවත් රුපියල් මිලියන 39.4 ක් (රුපියල් 39,482,801) වර්ෂ 10 ත් 20 ත් අතර කාලයක්ද ඉතිරි රුපියල් 3,840,166 ක මුදල වර්ෂ 9 ක් ඉක්මවා තිබූ බවත් එම වාර්තාව කියයි.
එම තැන්පතු මුදල් නැවත අය කරගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ දූත මණ්ඩල පාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2009 සැප්තැම්බර් 01 දාතමින් නිකුත් කර ඇති අංක 250 දරන අභ්‍යන්තර චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබුණද ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් මේ මුදල් ආපසු ලබා ගැනීමට පියවර ගෙන නැතැයි එම වාර්තාවේ දැක්වේ.
මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම
ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතරින් ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග 2024 දී සිදු කළ වෙළෙඳ ගනුදෙනු වලින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි. ඩොල
ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් ඉන්දිය රජයෙන් පමණක් නොව, පාකිස්ථාන රජයෙන් ද ඉල්ලා ඇත්තේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසය. ඇ
පළාත් පාලන ආයතනවල බහුතර බලය හිමි කර ගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තෝරා පත් කරන සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන දැනුම් දීමට
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එතෙර විදේශ දූත මණ්ඩලවල නිල නිවාස සඳහා තැබූ කෝටි පහ හමාරක ’කී මනී ’ ආපහු අරන් නෑ