
(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරාය නගරයේ කුලුනු 5කින් සමන්විත, ඉතා විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි සංකීර්ණයක් ඉඳිකිරීමට චීන සමාගමක් ඉදිරිපත්වී ඇත.
වරාය නගරයේ හෙක්ටයාර් 6.8ක භූමි භාගයක මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරෙන අතර එහි සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් කෝටි 100කි.
පළමු අදියර යටතේ ඩොලර් කෝටි 40ක් ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 60ක් ද වැය කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය නගරය කලාපයේ බහු සේවා ආර්ථික කේන්ද්‍රයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉදිරිපත් වී ඇති චීන සමාගම වන්නේ සී.එච්.ඊ.සී. කොළඹ වරාය නගරය (පෞද්ගලික) සමාගම වේ.
මෙහි පළමු අදියර වසර 4ක් තුළ අවසන් කෙරෙන අතර දෙවන අදියර ද වසර 4කින් අවසන් කිරීමට නියමිතය.
මෙතරම් විශාල මුදලක් සහිතව මෙරට ආයෝජනය කෙරෙන විශාලතම සීග්‍ර සංවර්ධන ව්‍යාපෘතිය මෙය බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරාය නගරයේ සුවිසල් ගොඩනැගිල්ලකට චීන සමාගමක් එයි