
දයාසීලි ලියනගේ
කොළඹ කොටුවේ පිහිටි අක්කර 2 1/2 ක ඉඩමක තක්සේරු වටිනාකම රුපියල් මිලියන 3600ක් වුවත් එය රුපියල් මිලියන 2270ක මුදලකට බදු දී තිබෙන බව අනාවරණය වී ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබූ මෙම ඉඩම බදු දී ඇත්තේ අධක්ෂ මණ්ඩලය පවා නොදැනුවත්ව බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මෙම ඉඩමේ වාහන ගාල් කිරීමෙන් අදාළ ආයතනය මසකට රුපියල් ලක්ෂ 20කට අධික ආදායමක් ලබාදී තිබෙන බව ද පරීක්ෂණවලින් හෙළිවී තිබෙන බව ද වාර්තා වේ.
අතිරේක ලේකම්වරයෙක් හා සභාපතිවරයෙක් මෙම ගනුදෙනුවට සම්බන්ධ වී සිටි බවද සඳහන්ය.
තක්සේරු වටිනාකමින් රුපියල් මිලියන 1330ක් අඩුවෙන් මෙම ඉඩම බදුදීමට හේතු වූ කරුණු මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සොයා බැලීමක් කර නැති බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd