මැතිවරණ කොමිසම

(දයාසීලි ලියනගේ)
මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන් අධිකරණයෙන් වැරදිකරුවන් බවට ඔප්පු වුවහොත් දඬුවමට අමතරව වසර 7 ක කාලයක් සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීමේ නීතිය යළි බලාත්මක කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
විධායක ජනාධිපති ධුර ක්‍රියාත්මක වීමත් සමග මෙම නීතිය අක්‍රිය විය. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ මෙම නීතිය ක්‍රියාත්මක වන නිසා, මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙසට සියලු අපේක්ෂකයන්ට ලිඛිතව හා වාචිකව උපදෙස් දී ඇති බවයි. මැතිවරණ නීති උල්ලංඝනය වීමේ සිද්ධි පිළිබඳව පසුවිපරම් කිරීමට කොමිසම තීරණය කර ඇති බැවින් ඡන්දයෙන් පසුවත් එවැනි සිදුවීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව ද ඒ මහතා කීය. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි අධිකරණය දක්වා ගෙන යන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
53
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
132
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ නීති කැඩුවොත් වසර 7 කට සිවිල් අයිතිවාසිකම් අහෝසියි