IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇඹිලිපිටිය බලාගාර ගිවිසුමේ අතයට ගිවිසුමක සැකයක්!

(පුෂ්පා වීරසේකර)  

ඇඹිලිපිටිය ඒස් පවර් පෞද්ගලික ඩීසල් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය එළැඹ සිටින නව ගිවිසුම අනුව එම බලාගාරයට ගිවිසුම්ගත අවුරුදු තුන සඳහා 

රුපියල් කෝටි 72ක අනිවාර්ය ගාස්තුවක් නිකරුණේ ගෙවීමට ලංවීමට සිදුව ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට හෙළි කළේය.  


ඒස් පවර් ආයතනයේ ඇඹිලිපිටිය බලාගාරයේ තුන්වැනි ගිවිසුම පසුගිය මාර්තු මාසයේදී අවසන් වූ පසුව සිවුවැනි ගිවිසුම අත්සන් කෙරුණේ ඉකුත් අප්‍රේල් මාසයේදීය. එම ගිවිසුම අනුව ඒකකයක් රුපියල් 26ක් වැනි ඉහළ මුදලක් යටතේ නැවතත් මෙගවොට් 100 සඳහාම තුන් වසරක් යනතෙක් ලංවිමට ගෙවීමට සිදුව තිබේ. එම මුදල විදුලිය ගත්තත් නොගත්තත් ගෙවිය යුතු අනිවාර්ය ගාස්තුවද ගෙවිය යුතුය.  


2015 දී අවසන් වූ මුල් ගිවිසුම අනුව එකී බලාගාරය ඉදිකිරීමට වැයවූ ආයෝජන මුදලද සහිතව ගෙවා දමා තිබුණි. එසේ තිබියදීත් නව ගිවිසුම යටතේ නැවතත් අධික අනිවාර්ය ගාස්තුවක් ගෙවීමට සිදුවීම නිසා අත යට ගනුදෙනුවක් සිදුව ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය. තවද මුල් ගිවිසුම අවසන් වූ පසු 2016 අප්‍රේල් මාසයේදී එක් අවුරුදු ගිවිසුමක්ද නැවත 2017 අප්‍රේල් මස එක් අවුරුදු කෙටි කාලීන ගිවිසුමක්ද අත්සන් කරමින් මෙගවොට් 100ක ධාරිතාවක් ලබාගෙන තිබුණේ හදිසි අවශ්‍යතා මතය.  


ගිවිසුම් අවසන් කළ බලාගාර රජයට පවරාගත යුතු බවට අමාත්‍ය මණ්ඩල නිර්දේශ තුනක් ලැබී තිබියදී වරින් වර ගිවිසුම් අලුත් කරමින් විදුලිය ලබා ගැනීම වංචා සහගත වැඩ පිළිවෙලක් බවද ඔහු පවසා සිටියේය. 2014 වසරින් පසුව එකදු නව බලාගාරයක්වත් ඉදි නොකළද ලංවිම මගින් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීමට රුපියල් කෝටි 32,000ක මුදලක් ගෙවා තිබෙන බවද එම ප්‍රකාශකයා කීවේය.  

 



අදහස් (0)

ඇඹිලිපිටිය බලාගාර ගිවිසුමේ අතයට ගිවිසුමක සැකයක්!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 623 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site