IMG-LOGO

බහුතරය පෙන්වද්දී ස්වාධීන මන්ත්‍රීවරු ස්වාධීන වීමේ තීරණයක

ප්‍රේමකීර්ති රණතුංග  

ජාතික ජන බලවේගයට බහුතරය නොලැබුණු පළාත්  පාලන  ආයතනවල බලය පිහිටුවීම සඳහා ආණ්ඩුව සහ විපක්ෂය අතර  බල පොරයට මැදිවී සිටින ස්වාධීනව තරග කර ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සභාවේ බලය පිහිටුවීම සඳහා පවත්වන ඡන්ද  විමසීමේදී කිසිදු පාර්ශ්වයකට සහාය නොදී ස්වාධීනව සිටීමට තීරණය  කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

බහුතර බලය නොලැබුණු පළාත් පාලන ආයතනවල පළමු සභා වාරයේදී ඡන්ද විමසීමක් පවත්වා සභාපතිවරයා  සහ උපසභාපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතය. කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන ගණනාවක ජුනි මස 2වැනිදා පළමු සභා  වාරය පැවැත්වීමට නියමිතය. එහිදී සියලු‍ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් හෝ ඡන්ද විමසීමක් පවත්වා නිලධාරීන් පත්කර ගැනෙයි. එම ඡන්ද  විමසීමේදී යම් මන්ත්‍රීවරුන් පිරිසක් නොපැමිණියහොත් පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් බහුතර සහාය ලබාගන්නා මන්ත්‍රීවරයා සභාපති හෝ නගරාධිපතිවරයා ලෙස පත්වේ. ඇතැම් ස්වාධීන මන්ත්‍රීවරුන් රජය සමග  එකඟතාවෙන් එදින නොපැමිණීමට තීරණයකර ඇතැයි වාර්තා වේ.

 



අදහස් (0)

බහුතරය පෙන්වද්දී ස්වාධීන මන්ත්‍රීවරු ස්වාධීන වීමේ තීරණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 12 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 457 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 236 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site