නිරෝෂන් ප්‍රේමරත්න
ආන්දෝලනයට තුඩු දුන් චීන කාබනික පොහොර ගනුදෙනුවෙන් රටට සිදු වූ සමස්ත පාඩුව ඩොලර් මිලියන 11.7 ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග හෙළි කරයි.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරන එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඩොලර් මිලියන 5ක කාර්ය සාධන බැඳුම්කරය සුරක්ෂිත කළහොත් පමණක් ඉන්වොයිස් මුදලින් සියයට 75ක් ගෙවීමට නීතිපතිවරයාගේ උපදෙස් මත පදනම් වූ කැබිනට් මණ්ඩලයේ කොන්දේසි සහිත අනුමතිය සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කර ඇති බවයි. කාර්යසාධන බැඳුම්කරය අය කර ගැනීමට අපොහොසත් වූ බැවින් එමගින් රජයට ඩොලර් මිලියන 6.7 ක (රුපියල් බිලියන 1.382) සෘජු මූල්‍ය අලාභයක් සිදුව ඇති බවද පවසයි.
ආනයනික පොහොරවල හානිකර තත්ත්වයන් පවතින බව ජාතික ශාක නිරෝධායන සේවය විසින් තහවුරු කරනු ලැබ තිබියදීත් හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා පත් කළ කමිටුවක් මගින් චීන රසායනාගාරයක සහතිකය මත විශ්වාසය තැබීම බරපතළ ගැටලුවක් බව එම ආරංචි මාර්ග කියයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණයෙන් පසුව, 2021 අගෝස්තුවලදී චීනයේ චින්දාඕ සීවින් බයෝ ටෙක් නමැති සමාගමෙන් ඩොලර් මිලියන 6.9 ක් ගෙවා මුහුදු පැළෑටිවලින් නිපදවූ කාබනික පෙහොර මිලදී ගැනීමට කැබිනට් අනුමතිය ලබා දී තිබුණු අතර එම පොහොර තොගයෙහි අහිතකර ජීවින් හා බැක්ටීරියා සිටින බව ශාක නිරෝධායන සේවය සහ ලංකාවේ විද්‍යාගාර කිහිපයක කරන ලද පරීක්ෂණ මඟින් අනාවරණය කෙරිණ. පසුව ශ්‍රී ලංකා රජයට අදාළ සමාගමට වන්දි මුදලක් ගෙවීමට ද සිදු විය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
චීන පොහොර ගනුදෙනුවේ පාඩුව ඩොලර් මිලියන 11.7යි