
‘ලොව කරුණාවන්තම විනිසුරුවරයා’ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී, කාගේත් ආදරය දිනූ, ඇමෙරිකන් විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ අභාවප්‍රාප්ත විය.
විනිසුරු කැප්රියෝ වසර ගණනාවක් අග්න්‍යාශ පිළිකාවකින් පීඩා විඳි අයෙකි. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 88 කි.
විනිසුරු කැප්රියෝ, ලොව කාගේත් ගෞරවාදරයට වූයේ ඔහුගේ නඩු තීන්දු මානවදයාවෙන් පිරුණු ඒවා වීම නිසාය.
සුළු වැරදි නිසා ඔහු හමුවට ඉදිරිපත් කෙරෙන බොහෝ දෙනකුට වරද සහ දඩුවම අවබෝධ කර දී, අනුකම්පාව දක්වමින් තීන්දු ලබා දීම විනිසුරු කැප්රියෝගේ සුවිශේෂී ගුණාංගයයි.
විනිසුරු කැප්රියෝ නඩු අසන අයුරු ප්‍රසිද්ධියට පත් වූයේ, ඇමෙරිකාවේ ‘කෝට් ටීවී’ (අධිකරණ නාළිකාව) රූපවාහිනී නාළිකාව ඔස්සේය. සමාජ මාධ්‍යවල විකාශය වූයේ එහි දසුන්ය.
විනිසුරු කැප්රියෝගේ නඩු තීන්දු ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණු අතර, විනිසුරු කැප්රියෝගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිටින පිරිස මිලියන 3.3 කි. ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිටින පිරිස මිලියන 1.6 කි.
විනිසුරු කැප්රියෝ, රෝඩ් අයිලන්ඩ් නගරසභා අධිකරණයේ විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.

